ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බදාදා (30) එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පවසයි.
නිව්යෝර්ක් වෙලාවෙන් එදින පෙරවරු 9.45 ට (ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා පෙරවරු 3.05) ජනාධිපතිවරයා සමුළුව අමතනු ඇත. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන ප‍්‍රථම අවස්ථාවද මෙය වේ.
නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඉකුත් 25 වැනිදා ඇරඹූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වැනි සැසිවාරයේදී ‘70 වැනි වසර සපුරන එක්සත් ජාතීන්, සාමය, ආරක්ෂාව සහ මානව හිමිකම පිළිබඳ ඉදිරි මඟ’ යන තේමාව යටතේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ලොව පුරා රටවල් රැසක රාජ්‍ය නායකයින් අදහස් දැක්වීමට නියමිතය.
මීට පෙර ජනාධිපතිවරයා ලෝක නායකයින් රැසකගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ආර්ථික සමුළුවකටද සහභාගී වූයේය.
ඔහු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි , පකිස්තාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ්, ස්විට්සර්ලන්ත ජනාධිපති ඩිඩයර් බර්කාල්ටර් , දකුණු අප‍්‍රිකා ජනාධිපති ජේකොබ් සූමා ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීය.
ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සභාපති පීටර් මවුරේ මහතා හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප‍්‍රධානීන් සමඟද ලංකා ජනපති සාකච්ඡා පැවැත්වීය.
විදේශ අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්, සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරුද ජනපති සමග නිව්යෝක් නුවරට ගොස් සිටිති.
ලබන 2 වැනිදා ජනාධිපති ප‍්‍රමුඛ රජයේ දූත පිරිස දිවයිනට පැමිණේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලෙන්ද අමතන්නේ (බ)
සිංහලෙන් ඇමතුවම මොකද වෙන්නේ කුවීන්ගේ භාෂාවෙන් කොලොනිඅල් එකෙක් වගේ කතාකරන්න ඕනමද ? ප්‍රංශේ මිනිහ ෆ්‍රෙන්ච් වලින් නම් අපි සිංහලෙන් කතා කරාම මොකද වෙන්නේ මෛත්‍රී කියන්නේ සිරිකොතේ කෙනෙක් නොවන බව මතක තියාගන්න !!! (බ)
අපිටත් යන්න බැරි ද ? (බ)
ඉතිහාසේ ප්‍රථම වතාවට විපක්ෂෙත් නිල වශයෙන්ම හයිජැක් කරල. යුද්දෙ කාලෙ ඉඳන් කොටි සංවිධානේ පැත්තෙ හිටපු සම්බන්දන් මහත්මය විපක්ෂ නායක වෙලා. අතිගරු ජානාධිපතිතුමා පාර්ලිමේන්තු ඡන්දෙට කලින් ලෝක සාමය උදා කළා වගේ අලුත් ආණ්ඩුවෙන් ඉන්දියාවෙ විරැකියා ප්‍රශ්නෙ විසදන්න ඉන්දියානු ජාතිකයොන්ට ලංකාවෙ රස්සා දෙන්න සීපා ගිවිසුම අත්සන් කරනවලු. ලංකාවෙ ඉන්න හරක් ඒකට කැමති නැත්නම් ඔය වෙන නමක් දාල අත්සන් කරල දාවි. මේක මිනිස්සු හිතනවට වැඩිය මේ ආණ්ඩුවෙන් දුර දිග හිතල ගත්තු තීරණයක්, එතකොට ජාති බේද අමතක කරල සියලු ජාතීන්ට එකතු වෙලා කවදකහරි ඉන්දියාවට එරෙහි වෙන්න පුළුවන් වෙයි. ඩොලරයෙ අගය 143 දක්වා වැඩිවෙලා, ඒකට හේතුව චිනයේ ඇතිව තිබෙන ආර්ථික අවපාතයක් කියල ඇඟ බේරගන්න හැදුවත්, ඒක අනෙක් රටවලට බලානොපාන්නෙ ඇයි කියල අහන්න කෙනෙක් නෑ, ඇහුවත් "නිකන් ගොන් ප්‍රශ්න අහන්නැතුව වාඩිවෙනව අයිසෙ" කියන තරමට දැන් පාර්ලිමේන්තුව ප්‍රජාතාන්ත්‍රවාදීයි. (බ) සමහර ආසන වලින් වැඩිම මානප ගත්තපු මන්ත්‍රීවරු එලියෙ. ඒ වෙනුවට චන්දෙන් ජනතාව ප්‍රතික්ෂේප කරපු බහුතර ජනතාවකගෙ අප්‍රසාදයට පත්වුණු අය ඇතුලෙ. යහපාලන වසන්තය උදා කරන්න උර දුන්නු ටෝයියන්ට සහ මද්‍යස්ථ මතදාරී උගත් ප්‍රජාවට සතුටු වෙන්න, විලිලජ්ජාවෙන් බේරෙන්න ඉතුරු වෙලා තියෙන්නෙ මොනවද?
මොන භාෂාවෙන් කතාකළත් කමක් නැහැ රට වෙනුවෙන් පෙනීසිටින්න පුළුවන් නම්. නිවැරදි තැනදී, නිවැරදි පිළිතුර, නිවැරදි වෙලාවේදී ලබාදෙන්න හැකි නම්. (නි)
ජයවේවා ඔබතුමාට! (නි)
ශ්‍රේෂ්ටත්වය, බුද්ධිමත්බව පිරුණු ජනාධිපතිතුමනි, ඔබ මගේ රටට මිණිපහනක් ! ඔබට රත්‍රන් වටිනා අගමැති කෙනෙක් ලැබී ඇත. ඔහු මුළු ලෝකයම දිනාගෙන ඇත. ඔබ දෙපළ සියලු ජාතීන් තුළ විශ්වාසය ගොඩනඟා මගේ පුංචි ශ්‍රී ලංකාව මුළු ලෝකයටම ආදර්ශවත් රටක් බවට පත්කරන්න. ඔබ ඇතුළු සියලු ශ්‍රී ලංකාවාසීන්ට ජය සහ සතුට! (නි)
තමන්ගේ මව් භාෂාවට ගරහන මිනිසුන් ඉන්න එකම රට ශ්‍රී ලංකාව. මෛත්‍රිපාල සිරිසේන මහත්මයා මෙවන් රටක ජනාධිපති වෙන්න පතාගෙන ආවට මා වැනි පුද්ගලයෙකු ඔවැනි පහත් අදහස් ඇති මිනිසුන් ඉන්න පැත්තවත් බලන්න කැමති නැහැ. සිරිසේන මහතාට සියලු බාධක මැඩගෙන ඔය තත්වයට එන්න උදව් ලැබුනේද සිංහල භාෂාව විසින් ජාන ශක්ති වර්ධනයට ඉතිහාසය පුරාම දුන් පිටුවහල නිසයි. ඔහුට බනින්න තිබුනේ ඔහු මව් බස අමතකකොට පරදේශී භාෂාවකින් කතාකළේ නම් පමණයි. (නි)
ජපානය,රුසියාව,චීනය,වැනි රටවල නායකයන්ට ඒ රටේ ප්‍රධාන භාෂාවෙන් කතාකරන්න පුලුවන් නම්, අපේ රටේ නායකයා රටේ ප්‍රධාන භාෂාවෙන් කතාකරන එක වරදක්ද? (නි)
වැදගත් වෙන්නේ කතා කරන භාෂාව හෝ ඇඳගෙන යන ඇඳුම නොවේ. රටට වැදගත් වෙන්නේ රටේ නියෝජනයයි. රට වෙනුවෙන් කරන්න ඕනෑ දේවල් කළ හැකි නම්, අපිට වැදගත් එපමණයි.ගැටලුව රට වෙනුවෙන් කළයුතු දේවල් කළාද, ඉදිරියට කරන්න පුළුවන් වේවිද කියන එකයි. වෙනත් රට වල නායකයන්ගේ ඇඳුම් හා භාෂා මෙහි සංසන්දනය පදනමක් නැති දෙයක්.මොකද ඒ ඒ නායකයෝ එයාලගේ රට වෙනුවෙන් පෙනීසිටීම හෝ නොසිටීම ඒ ජනතාව දන්නා නිසා (නි)
ජනාධිපතිගේ පුතා ගියේ නැද්ද ? (බ)