ප්‍රංශ ජාතික දිනයේ දී දකුණු ප්‍රංශයේ නිස් නුවරට ඒල්ල වු තිරිසන් ප්‍රහාරයෙන් ජිවිත අහිමිවීමේ හා තුවාල ලැබු පුවත අසා බලවත් කම්පාවට හා ශෝකයට පත් වු බව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඔලොන්දේට පණිවුඩයක් යැවීය.
එම ප්‍රහාරයෙන් ජිවිත අහිමි වු පවුල්වල අයටත් තුවාල ලැබු පවුල්වල අයටත් ශ්‍රි ලංකා රජයේ හා ශ්‍රී ලංකා ජනතාවගේ දැඩි ශෝකය පළ කරන බව ද ජනපති කියයි.
‘ත්‍රස්තවාදයේ මහා විනාශයෙන් ගොඩ ආ රටක් ලෙස ශ්‍රී ලංකාව ත්‍රස්තවාදි ක්‍රියා නොපැකිළව හෙළා දකිනවා මෙම අභියෝගයට මුහුණ දී සාමය හා ආරක්ෂාව ඇති කිරිමට අන්තර්ජාතික ප්‍රජාව සාමුහික ක්‍රියා මාර්ගයකින් අත්වැල් බැද ගත යුතු බව අප යළිත් අවධානය කරන්නෙමු.’
මේ ශෝක ජනක අවස්ථාවේ ශ්‍රී ලංකාවත් ශ්‍රී ලංකා ජනතාවත් ප්‍රංශ ජනතාව සමඟ එක් වන බව ජනපතිගේ පණිවුඩයේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදයේ මහා විනාශයෙන් රට ගොඩගැනීමට දේශපාලන නායකත්වය ගත් හිටපු ජනාධිපතිතුමාට අපේ ප්‍රණාමය. (නි)
මේ උවදුර විනාශ කරන්න නම් පළමුව මොවුන්ට සහය දක්වන රටවල් අඩපණ කළයුතුය. මෙයාලත් ත්‍රස්තවාදයට උඩගෙඩි දීපු අය තමා. මෙයාලගෙන් අපට අසන්න තියෙන්නේ දැන් සනීපද කියලයි. නමුත් මියගිය අහිංසක ජනතාවට අපේ සංවේගය පළකර සිටිමු (නි)
ඔබතුමා කෙළින් තීරණ නොගත්තොත් අපේ රටට දෙවියන්ගේම පිහිටයි (නි)
අයිඑස් ත්‍රස්තයන්ට ලංකාවට එන්න දැන් ඉඩකඩ සැළසී ඉවරයි. ප්‍රංශයට සොව පළකළාට අපිට අපි ගැනත් බයයි (නි)
අපේ දුක ඒ අයට දැන්වත් තේරුනා නම් ලොකු දෙයක්. ප්‍රංශයේ අයට වුණ දේ ගැන අපිට හරිම දුකක් දැනෙන්නේ (නි)