තමා කිසිම පක්ෂයකට නොයන නමුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා දිනවීමට මුළු ශක්තියම යොදන බව ශ්‍රීලනිපයෙන් හා පානදුර පුරපති පදවියෙන් ඉල්ලා අස්වූ නන්දන ගුණතිලක මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.
2005 දී මහින්ද රාජපක්ෂ ජනපති බලයට පත් කිරීමට වෙහෙසවූ අයුරින්ම 2014 දී ඔහු පරාජය කිරීමට මුළු වැර යොදන බව ඔහු කීවේය.
විධායක ජනාධිපති ක්‍රමය පරාජය කිරීම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හා ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම තම මූලික අරමුණු බවද ඔහු කීවේය.
මුදිතා දයානන්ද
ජයමාල් චන්ද්‍රසිරි






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා මුදල් පසුපස නොයන, ඒ වගේම ජනතාව වෙනුවෙන් සහ ආගම ධර්මය වෙනුවෙන් හොඳින් කැපවෙන දේශපාලඥයෙක්. අපි ඒ ගැන පෞද්ගලිකව දන්නවා. පානදුරේට වැඩක් කරන්න පුළුවන් ශක්තිමත් සිතක් ඇති නායකයෙක්. (නි)
ඔබ අපිට ඕනෑ. පානදුරේට අපේ නගරයට සේවය කරන්න. වෙන පැති වලට යන්න එපා. ඔබ අවංක දේශපාලඥයෙක් (නි)
බන්දුල මහත්මයෝ පොදු අපේක්ෂකයා දිනවලා වෙනදේ එදාට බලා ගනිමු.විධායකය නම් දැන් ඇති. (බ)
අාසිරි, ඔබ හරි. මෙතුමා අවංකයි (නි)
නන්දන ගුණතිලක මහතා ඔබ පානදුරේ වෙනුවෙන් ලොකු අඩබ්බරයක් ඔබ එඩිතර අවංක නායකයෙක් සුබ පතනවා ඉදිරි වැඩ කටයුතුවලට. (ර)
ඔබතුමා යලිත් පානදුරටම සේවය කරන්න එන්න. අපි බලා සිටිමු. (ර)
මේ පාර ජනාධිපතිවරණයට ඉල්ලන්න. (ර)
මෙතුමා ආදර්ශමත් නායකයෙක් කෙලින් වැඩකරන අවංක දුසන වංචා නැති ප්‍රබල චරිතයක්. (ර)
අන්තිමට එයාල දිනයි අපි පරදියි.(හේ)
ඔය කවුරු මොනවත් කරත් නැතත් මේක මේ විදිහට තමා ලංකාවේ මේ ලෝකේ විනාසේ වෙනකම්. (හේ)
නන්දන ගුණතිලක මහතා අපි ඔබ සමගයි. (ර)
පානදුරය වෙනුවෙන් ඔබ ඉදිරියට එන්න. ඔබගේ සේවය අපිට අවශ්‍යයි (නි)
කොහොමද වැර යොදන්නේ.(හේ)
ඕක තමයි වෙන්නේ දෙයක් නොලැබුණාම.(හේ)
මේක නම් හොද විහිළුවක්.(හේ)
බලමුකෝ ඉස්සරහට.(හේ)
ඔබට සුබ පතනවා! ඔබගේ සියළු කාර්යයන් සාර්ථක වේවා! (නි)
ඔබතුමාට ජය වේවා! (නි)
බලන්න මිනිස් සිතක් වෙනස්වෙන ඉක්මන! (නි)
රටේ හෙට උපදින්න ඉන්න දරුවන් වෙනුවෙන් අනිවාර්යෙන්ම මේ යන ක්‍රමය නම් පරාජය කරන්නම ඕනේ.(හේ)
ඉල්ලපු දෙයක් දෙන්න නැතුව ඇති.වෙන මොකක්ද?(දිල්)
ජනමතයට මම හිස නමනවා (දී)
බැරිදේ පුලුවන්ද දත් මිටි කෑවට(දිල්)
හැමෝම ඉවසගෙන ඉදල තියෙන්නේ "දෙන්නම්" කියාගෙනම තමයි.කවුද මේ ක්‍රමයට කැමති වෙන්නේ.(දිල්)
පක්ෂයකින් අස්වෙද්දි තනතුරෙන් අස්වෙන එක නම්බුකාර ක්‍රියාවක්(දිල්)
අපේ රටත් උගන්ඩාවක්, ඉතියෝපියාවක්, සොමලියාවක්, කෙන්නියාවක්, සුවසිලන්තයක් වෙන්න කලින් තීරණයක් ගත්තු එක ගැන අගය කරනවා. (ර)
සුබ පතනවා. ඔබ එඩිතර නිසා ඔය තීන්දුව අද ගත්තේ. ඒ වගේම ඔබ හොරකම් නොකළ නිසා. (ර)
ජනතාවට සේවය කල පුද්ගලයා දිනනවා, ඒක තමයි ස්වභාවය (දී)
දේශපාලනයට මිනිස්සු දැන් කැමති නැහැ කවුරු හෝ කැමති නම් ඒ තමන්ගේ යහපත සඳහා පමණයි (දී)
නම්බුකාර වැඩක්, තනතුරු අතහැර අයින්වීම. සැමට සමානලෙස සලකන මිනිසුන් සිටින ශ්‍රී ලංකාවක් බිහිවේවා. (ර)
පානදුරෙන් පළාත් සභාවට යන්න ඡන්ද ගන්න බැරිකෙනා කොහොමද ජනාධිපති පරද්දන්නෙ (බ)
ජයසිරි, තවමත් ඔයා පරණ හිටි තැනම වගෙයි ඉන්නේ (නි)
එන්න හොරණ සංවිධායක කම ගන්න අලියාගෙන්.. ජය වේවා.. (බ)
මිනිස්සුන්ගේ නරක වෙලාව ලැබුවම ඔවැනි දේවල් හිතට එනවා. උදාහරණයක් ලෙස පෙන්නන්න පුළුවන් සරත් ෆොන්සේකා මහතා. ඔහු මොකද කළේ ජනාධිපති තුමත් සමග එකට ඉඳ යුද්දය ජයග්‍රහණය කරලා ඉන් පසු ජනාධිපතිතුමාට විරුද්ධව ක්‍රියා කළා. අද මොකද්ද ඔහුගේ තත්වේ? එවැනි අදහසක් ඔහුගේ සිතට ආවේ ඔහුගේ නරක වෙලාව ලබපු නිසාය. මෙයද එවැනිම සිද්දියකි. ඔබ ගැන කණගාටුව ප්‍රකාශ කිරීම හැර වෙන කරන්නට දෙයක් නැත (බ)
අඩ කලෙ කවුරුවත් නොකරන වැඩක් තමයි ඔබතුම කරල තියෙන්නෙ. ඔබගෙ වැඩ ගැන අපිට ගොඩාක් අඩම්බරි. (අ)
ඇත්තටම දැන් නම් මේ ගොල්ල "ඇති හිටියා" (බ)
සෑගවුන අමුත්තා මෙයාද?....නියම විදියට ඉල්ලා අස්වුනා ...නමුත් මෙරටේ මහජනයාගේ..ඡන්දබලයට වටිනාකමක් තිබිය යුතුයි...කවුරු ආවත් ගෙම්බො වගේ පනින දෙශපලන ක්‍රමය අහෝසි නොකර කිසිවක් කාටවත් කරන්න බෑ...මොකද මාස 3න් 3නට රජයවල් මාරුවෙයි ..ලංකාවම අස්ථාවර වෙයි...දෑනට මේ ක්‍රමය පාලනය කරගෙන යන්නේ...විධායක ජනපති ක්‍රමයයි...මේ ක්‍රමවේදය අහෝසි වෙනවනම් කලින් කී දෙවල් වලටත් පිළියම් යෙදිය යුතුයි. (බ)
මේ යන ක්‍රමයේ තියෙන වරද මොකක්ද ? (බ)
සුබ පැතුම් ! (බ)
හරි ඉතින් පරාදකරන එක නෙමෙයිනේ වැඩේ කාවද දිනවන්නේ හදිස්සි නොවී දිනවන්න කෙනෙක්ව හදාගෙන වැඩේට බහිමුද ? නැත්නම් අපි ඔක්කොම පරාදයි නේද එහෙමනම් අපිත් කැමතියි (බ)
ජය වේවා (බ)
ඇතුළෙන් වැඩ පටන්ගත්තාවත්ද ඉස්සර වෙලා චීන පටස් පස්සේ ගුණ්ඩු තුන්හුලස් එහෙම පුපුරයි ඔබට ජය නන්දන! (බ)
මේ අය ඔක්කොම එකතු වෙලත් ජනපතිතුමාව පරදවන්න බැරිවුනොත් ඊලඟට මොකද වෙන්නෙ. (අ)
දෙන දෙයක් කාල තියෙන දේ ගෙන බලාගෙන ඉන්න මහත්තයෝ ඔයාට අපේ ජනපති පරදන්න ටිකක් වෙලා යනවා.....(බ)
බලාගෙන යනකොට මේ රට තවම පාලනය කරන්නේ ජේ ආර් විධායක ජනාධිපති ක්‍රමයෙන් කොහොමද මොලේ කාලයක් ගිහින් තමා තේරෙන්නේ මේ වෙලාවට තමා අර තලගොයි කතාව මතක් වෙන්නේ (බ)
ඒක ජනතාව තීරණය කරයි (දී)
අය්යෝ පරද්දන එක සුළු දෙයක් .සාධාරණ ඡන්දයක් තිබ්බොත් එ්ක කාට කාටත් දැනගන්න පුළුවන් .දිනන්න පුළුවන් නම් අැයි මේ දුෂණය හොර ඡන්ද මිනි මැරුම් කරන්නේ ? රනිල්ට බැරි නම් එක්සත් ජාතික පක්ෂය බය ඇයි ? (බ)
රට වෙනුවෙන් ඉදිරියට ආපු ඔබට පානදුරේ ජනතාවගේ ප්‍රණාමය. (ර)
එහනම් හොදට නාල කියල එන්න කෝ ..(බ)
ඔබතුමා මම පුද්ගලිකව ගරු කරන පුද්ගලයෙක්. (ර)
පානදුරේ ජනතාව කෙලින් මිනිස්සු බුද්දිමත්. (ර)
කෝ බන්දුල පෙරේරා. (ර)
මෙයාද දන්නෑ පොදු අපේක්ෂකයා... අන්තිම වෙනකම් මුකුත්ම කියන්ඩ බැරි වෙයි වගේ....(දිල්)
දුෂ්කර, අසීරු මාවතක් තෝරාගෙන සිටි ඔබ පසු කලක එහි දුෂ්කර බව දරා ගත නොහැකිව වඩාත් සුවපහසු මාවතක් තොරගත්තත් හෘද සාක්ෂියට අනුව තවදුරටත් එතන රැඳී සිටීමට නොහැකි බව. පමාවී හෝ තේරුම් ගෙන වරප්‍රසාද පසෙකලා ඒමට ධෛර්යක් තිබීම ගැන ගරු කරමි. (ර)
පොදු අපේක්ෂකයාගේ එකම අරමුණ ජනපති පරාද කිරීම පමණි....ඊට පස්සේ විපක්ෂයේ සියලු දෙනා එකමුතු වෙලා පක්ෂ විසිරුවා හැරලා එක පක්ෂයක් වෙනවා..ආණ්ඩුවක් පිහිටුවල මේක සුරපුරක් කරනවා.. එක තමා මේ වෙන්න යන්නේ.. කාටද ආඩම්බර.(දිල්).
දයාන් ඊළගට මොකද වෙන්නේ? (දිල්)
බලය තත්ත්වය අත අරින්න ශක්තිය තිබුනා කියන්නේ හොඳ බලවත් මිනිසෙක්.(හේ)
තනතුරු, වරප්‍රසාද අතහැර යන එක විරල ක්‍රියාවක්.(හේ)
ඇමතිකමේ ඉන්නකොටත් වඩේ එකක් කාලා ප්ලේන්ටියක් බීපු බිම පයගහලා ඉන්න හොඳ මනුස්සයෙක්. (ර)
මෙන්න නියම දේශපාලඥයෙක්. හොඳ ආදර්ශයක් (නි)
දැන් මෙයාද එතකොට මේක වෙනස් කරන්නේ? (නි)
ඔබ පානදුරේ සිටිය යුතුය. (ර)
ඔබ ගැන කණගාටුයි.(හේ)
මම හිතන්නේ ජනපති ක්‍රමය පරදවනවා කිව්වා නම් තමයි හරි. තවත් පද්මිණි කෙනෙක් අදහසක් දාලා තියෙනවා. (ර)
පරදවන්න දෙයක් ඉතිරිවෙලා නෑ (දිල්)
සමහරු මෙතන කියනවා දෙයක් නොලැබුණු නිසා මෙහෙම වෙනවා කියලා .ඒක නොවෙයි සත්‍යය.දෑත් පිරිසිදු නිසා මෙහෙම වෙනවා.දෑත් අපිරිසිදු නම් මෙහෙම වෙන්නේ නැහැ.(දිල්)
රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට පගා ගැනීමෙන් තොර රටක් ඇති කිරීමට වෙර යොදා කළ යුතු දෙයක්. (හේ)
මුළු වෙර යොදා කරන්න යන්නේ පගාව, දූෂණය එ්කාධිපති වාදය පරදන්න. සිටින ජනාධිපතිට එය කරන්න පුළුවන්නම් හැමදාම ඉන්න. නමුත් ඉන්න ජනාධිපති එහෙම කරනවා කියා කියන්නේ නැහැනේ. එ්කයි මට තිබෙන පුදුමය. (බ)
වීරවංස මහත්තයෝ,ඔබ තුමා ලංකාවේද ඉන්නේ? ඔබේ ප්‍රශ්නෙට මට කියන්ඩ තියෙන්නේ කුණු ගොඩේ ඉන්න පනුවට ඒකේ ගද දැනෙන්නේ නැහැ කියල තමයි. (බ)
බන්දුල පෙරේරා, ඔබ තුමා කොහේදෝ ? (ර)
තව තව බලකණු ඉදිරියේදී විපක්ෂයට එන්න සැළසුම් කර තිබෙනවා .ජය වේවා! අපිට පිරිසිදු රටක් ,පිරිසිදු පාලනයක් ඕනෑ. (නි)
මේ යන විදියට මොනවද කරන්නේ කියල හිතාගන්න අමාරුවෙන් ඉන්නේ. (ර)
ඔබට ජයවේවා! මේ විධායක ජනපති ක්‍රමය නැතිකිරීමේ සටනට එඩිතරව ඉදිරිපත්වීම ගැන සහෝදරයා, ඔබට අපගේ ස්තුතිය! (නි)
ජ වී පී ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊළඟට පුරපති මහපාරට. (අ)
මුදලට බලයට යටනොවී ගත් එඩිතර පියවරක්. ඔබට සුබ පතනවා. (නි)
බලමුකෝ එහෙනම් උත්සාහ කරලා.... (නි)
රටේ අනාගතය ගැන හිතලා ගත්ත හොඳ තීරණයක්, සමහරු වගේ බොරු නාට්‍ය රඟපාන්නේ නැතුව, රටට ආදරේ ඇති මිනිස්සු ඉදිරියට එන්න.ජයවේවා ,(හේ)
පාර්ලිමේන්තුවට, පළාත් සභාවට වත් යන්න බැරි ඔයා මොනවා කරන්නද?(හේ)
වීරවංස මන්ද බුද්ධිකයෙක් වෙන්න ඇති ඔය වාගේ මෝඩ අදහස් දාන්නේ. (බ)
හැමෝම විරුද්ධ නිසා පොදු අපේක්ෂකයා දිනවලා විධායක ක්‍රමය වෙනස්කළා කියමුකෝ. හැබැයි ඊළඟ මැතිවරණයේදී වෙන දේ ගැනත් හිතා බලන්න වෙනවා (නි)
ඔබ ගැන කණගාටුව ප්‍රකාශ කිරීම හැර මට වෙන කරන්නට දෙයක් නැත (නි)
ජනපති තුමනි ඔබට ජය වේවා..!(දිල්)
රේණුක, අතීතය මට හොඳට මතකයි. මට පමණක් නොවේ අපේ රටේ 75% වැඩි ජනතාවට අතීතය හොඳට මතකයි. ඔවුන් සියලුම දෙනා ජනාධිපති සමඟයි. කොටි ත්‍රස්ත්‍රවාදීන් විනාශකිරීමට එඩිතරව අණදුන්නේ කවුද? රේණුක, ඔයාලා වගේ අයට කියන නම මට මෙතන ලියන්න බැහැ. මම කිවුවා කියලා හිතාගන්න. (නි)
බලය සහ මුදල් වලට ඕනෑම දෙයක් කළහැකිය (නි)
ජයසිරි මනිමේන්ද්‍රට, බන්දුලට ජයවේවා! (නි)
ඔන්න ඔය කියන ඉවසීමේ සිමාව ඉක්මවා යාම තමා මේ රටේ ජනතාවටත් තියෙන්නේ. (හේ)
මෙයා ඉල්ලපු දේවල් සහ බලාපොරොත්තු වුන දේවල් ෂුවර් එකට නොලැබිලා නැතුව ඇති.(හේ)
ඇයි දන්නේ නැහැ මෙයාට මෙහෙම අසාධාරණයක් වුණේ? මේ ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් කළයුතුයි. (නි)
හිතනවාද මේ වැඩේ සාර්ථක වෙයි කියලා? (නි)