ජනාධිපති අනුමැතියෙන් පත් කෙරෙන නව නිලධාරී මඩුල්ලක් යටතේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සක්‍රීය කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ මාධ්‍ය මර්දනය කිරීමේ වැඩපිළිවෙළ යළි පණ ගැන්වීමක් බව ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී මාධ්‍යවේදී සිසිර සී.විතානගේ මහතා පැවසුවේ යහපාලන ආණ්ඩුවක් යටතේ අවසන් වෙතැයි සිතූ ජනතා පීඩාකාරී පාලන ක්‍රමය යළි හිස ඔසවමින් සිටින බවයි.  එම අවස්ථාවට මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

RDS_6934 RDS_6944