ජනාධිපතිවරණයක් සඳහා වූ නිල ප්‍රකාශය අද (20) දහවල් යෙදෙන සුබ නැකතකට නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සන්ධාන ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (19) රාත්‍රී පැවැත්වුණු අතර ඉදිරි ජනාධිපතිවරණයේ සන්ධාන අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නම එහිදී ස්ථිර වූ බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ජනපති වරණය නැකත් ක්‍රමයට පැවැත්වේ.(හේ)
"උඩගුකම විනාශයට මුලවේ" කියන කියමන් පැරැන්නන් කිව්වේ කට කහනවට නොවේ. කොතරම් හොද ගතිගුණ තිබුනත් බලය ඉදිරියේ අන්ධව කටයුතු කිරීම නිසා උඩගුව තනිවම දුවන්නට යාමෙන් සහ තම මතයට එකග නොවන අය පැරණි මිතුරන් පරම සතුරන් කරගෙන අවසානයේ ජාත්‍යන්තර දන්ගෙඩියට පාර කපාගැනීම අනුවණකමකි.වටු කුරුල්ලන් එකමුතුව දැල රැගෙන පියාබන තාක්කල් බේරී සිටියත් පුංචි දෙයකට තරහින් එකමුතුව පියැබුවේ නැති නිසා සියල්ල විනාසවූ කතාව සැබෑවෙමින් තිබේ.(හේ)
එයාට සුභයි රටට අසුභයි.නැකත් කාරයන්ට ගිය අපේ රට. (අ)
පිස්සු නැත්නම් ෂෝක් මෙයාට.. (අ)
භවතු සබ්බ මංගලම්,රක්කන්තු සබ්භ දේවතා,සබ්භ බුද්ධානු භාවෙන,සබ්භ ධම්මානු භාවෙන,සබ්භ සන්ඝානු භාවෙන සදා සොත්ති භවන්තු තේ...!මහින්ද රාජපක්ෂ මැතිදුන් හැර ඒ තනතුරට ඊට වඩා සුදුසු කිසිවෙක් නැත.කෙලෙහි ගුණ දන්නා සැවොම ඔබ තුමා සමගයි. ජය වේවා මහින්ද මාමේ!(අ)
මොනතරම් කැපිලි දැම්මත් මේ රටේ මිනිස්සු කවදත් කෙලෙහි ගුණ දන්න බහු තරයක් සිටින බව.එදායින් පස්සෙ වත් දරුවො ගැන වත් හිතලා පොලොවේ පය ගහලා ජීවත් වෙන්න.පවාදීම් නොකර රටට ජාතියට.(අ)
රට හරි මගට ගන්න වෙනත් හොද අවංක පාලකයෙක් රටට අවශ්‍ය වෙලාව මෙතුමාට ගෙදර යන්න කලේ හරි දැන් තියෙන්නේ තණ්හාව!!!(අ)
රට කන හොරුන්ගේ කාලේ ඉවරයි අපි මේ ආණ්ඩුව මාරු කරනවා කොහොමත් රටේ නිතිය සාමය ස්ථාපිත කරන්න (අ)
හොර ඡන්දෙන් දිනන්න නැකත මොකටද අනේ.. (අ)
බටංගලට ඇබැද්දියක් වෙලා වගෙයි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. (නි)
යමක් වෙන්න තියනවානම් ඒක වෙනවා. (හේ)
මගේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත්තු නිසා අපි ඡන්ද දෙනවා (දිල්)
කෙලෙහිගුණ දන්නවා කියල රට කන්න දෙන්න බෑ
සුභ පැතුම්.! (ර)
නැකතට වැඩ කරන එක හොදයි.(හේ)
බුද්ධිමත්ව මෙවර තීරණය ගන්න.(හේ)
අපි ථෙරවාදී බෞද්ධ රටක ඉදගෙන මෝඩ නැකත් කරුවන්ට රැවටීම ලැජ්ජාවක්. (දිල්)
නියම බෞද්ධයා නැකත් හා ග්‍රහ තාරක විශ්වාශ නොකරයි,? (අ)
කතා දෙකක් නැහැ එතුමා මේ රටේ ඉතිහාසගත වෙනවා , නමුත් මේ බලය කියන හුටපටේ හින්දා කාගේත් ඇස අන්ද වෙනවා කාලයක් බලයේ ඉන්නකොට (දිල්)
21 වැනි සියවසේ නැකත් පිළිගන්න නායකයෝ එක්ක කොහොමද රටක් ඉස්සරහට යන්නේ ...නැකත එනකම් එක්කෝ වැඩ පස්සට දානවා එහෙම නැත්නම් අනවශ්‍ය වෙලාවකට වැඩේ පටන් ගන්නවා (දිල්).
අවසානයේ නැකත් පත. (බ)
නැකත හොඳනම් හරි(අ)
බලමු මේ නැකත හරි යයිද කියලා.(හේ)
රාජකීය දෛවඥයා කියන විධියටම වැඩේ කෙරෙන්න ඕනෑ. ඔබ තුමාට ජයෙන් ජය පතමි. (අ)
ජය වේවා ජනාදිපති තුමනි. (අ)
ජයවේවා...........පොදු අපේක්ෂකයාට....(අ)..
අවසානයේ නොපෙනෙන බලවේග තමයි රට පාලනය කරන්නේ (අ)
ප්‍රායෝගිකත්වය කියන එක අන්තිම දශමයට අඳුරගත්තු අපේ මහින්ද මහත්තයා පරද්දන්න ජගතෙක් තවත් කල්පෙකට බිහිවෙන්නේ නෑ...(අ)
කාගේත් පොදු අපේක්ෂාව ....පොදු අපේක්ෂකයා(දිල්)
කෝ මේ බන්දුල ? .කලබලේට මේ මනුස්සය රතිඤ්ඤා ටික පිටේවත් බැඳ ගනීවිද මන්දා ! (බ)
මොකද මේ හැම දේටම මගුල ගෙදරකට වගේ නැකත් බලන්නේ ? කියන්න තියන දේට සුදුසු වෙලාව තමයි මගේ අදහසේ හැටියට නැකත. (බ)
නැකත කීයදට?(හේ)
නැකත හැදුවේ බන්දුල පෙරේරාද දන්නේ නැහැ. (බ)
කවුරු අාවත් අපි මහින්ද මහත්තයට!!! (බ)
කියන්න තියෙන්නේ මළ සමයන් කියලා (බ)
නැකත් බලලා නම් වැඩක් නැහැ. (බ)
ඔක්කොම එයාගෙ නැකතට. තනියෙන්ද තරග කරන්නෙ. (බ)
අපි මහින්ද රාජපක්ෂ දිනවන්නේ ඇමතිවරුන්ට කැමති නිසා නොවෙයි රටට ආදරය නිසා (බ)
‘නක්කාත්තන් පතිමෙනේතන් අත්තොබලන් උපච්චගා අත්තෝ අත්තස්ස නකත්තන් කින් කරිස්සති තාරකා‘ අඳ බාල මෝඩයන් නැකැත් තාරකා පසුපස ගොස් වැඩ අතපසු කරති. සුබ වේලාව එනතුරු සිට කරන්න තිබෙන දේ පමාකරති. කළ යුතු දේ කිරිමට තිබෙන සුදුසුම වේලාව තමයි සුබ නැකත. නැකැත් තාරකා කුමක් කරන්නද ? (බ)
ඔව් ඉතින් ඔබතුමා නැකත් බලල අවුරුදු දෙකකට කලින්ම වැඩේ කරගන්නවා, අපිට තමයි සේරම නරක. (බ)
මේ අපි ඉන්නේ බෞද්ධ රටකද කියල හිතෙනවා, මිනිස්සු කැමතිනම් දිනවයි , නැතිනම් පරාද කරයි , ඇයි මේ තරම් බලය අතහැර යන්න බය වෙන්නේ ? (බ)
මෛත්‍රිපාල මැතිතුමනි, ඔබ තුමා ශ්‍රී.ල.නි.පක්ෂය ගොඩ ගන්න ගොඩක් දර දිය ඇද්ද කෙනෙක් .......... ඔබතුමා පොදු අපේක්ෂක වෙනවා නම් රටේම ජනතාව කැමතියි... මෛත්‍රිපාල උතුමාණනි ඔබ අලුත් පියවරක් තැබුවොත් අපි ඔබට සුභ පතනවා......... පවුල් පාලනට තිත තබමු (බ)
මේවගේ නීතිමය වැදගත් කමක් ඇති කාරණා එක එක් කෙනාට ඕන විදිහට කරන්න පුලුවන්ද? (බ)
ඔක්කොම ජනාධිපතිවරු නැකැත් බලල කරාට වැඩක් නෑ. කාටද හරිගියේ (බ)
ජයවේවා මහරජාණෙනි ඔබට. කළගුණ දත් සියලු මහජනතාව ඔබ සමගය. අප සැමගේ පොදු අපේක්ෂකයා ඔබය. කෝ මේ අර බංකොලොත් කාරයන්ගේ පොදු අපේක්ෂකයා තාමත් තෝරා ගන්න බැරුව දගලනවද? කොහොම තෝරා ගන්නද කි දෙනෙක් එම තනතුර බලාපොරොත්තුව ඉන්නවද ? (බ)
ජය නියතයි. (ර)
ඔබට ජය ජනපතිඳුනි. (ර)
සැමගේ දුක දන්නා රජෙක් , අපේකම දන්නා පියෙක් .ඔබතමයි අපේ දෙවියෝ .ඔබගේ ජය සදාතනිකයි , ලෝකයේ කොහෙසිටියත් ඔබවෙනුවෙන් අපි. චන්දයෙන් දිනා ක්‍රිකට් වර්ල්ඩ් කප් සාරම්බක උත්සවයට නසිලන්තයට එන ඔබව ආදරයෙන් පිළිගන්න අප සුදානම් (බ)
ජනතාවගේ පොදු අපේක්ෂකයා වුන ජනාධිපතිතුමාට ජයවේවා....!(හේ)
ඒකෙත් හැටි.(හේ)
මේ වගේ දේවල් වලටත් නැකත් ඕනද ?(හේ)
එහෙනම් දිමු ජයරත්න කියලා තිබුනේ පාප් වහන්සේ එනකොට ලංකාවේ ඉන්නේ " අලුත්" ජනපති කෙනෙක් කියලා.....දී.මු. හොද නැකත් කරුවෙක් කියා මා අසා තිබෙනවා.(හේ)
නැකත ප්‍රායෝගික දෙයක්ද ? (බ)
@ සමීර, ඉතින් කවුද තමන්ට ඕන විදිහට වැඩ නොකළේ..? හැමෝම ඔහොම තමයි..! (බ)
පොදු අපේක්ෂකයාට ජය වේවා (බ)
නැකත් බලා වැඩ කරන්න ගිහින් මම දන්නා කීප දෙනකුගේම හොඳම වෙලාව පහු වුනා. (බ)
මොන දේශපාලකයා බලයේ හිටියත් තුන්වරක් අහෝසි කළ යුතුයි. මන්ද පසුපෙළට අනාගතයක් නැතිවන බැවින් හා විධායක බලය භාවිතා කරමින් තම පවුලේ කෙනකෙුට ම තනතුර හිමිවන තුරු ඒකාධිපති පාලනයකට යාම හෝ විශාල ලේ වැගිරීමකට මෙම කාරණය හේතු විය හැකියි (බ)
බලනකොට මේ රටේ ඉහළම වැදගත්කම තියෙන්නේ නැකත් කාරයන්ට. (බ)
දයා -නවසීලන්තය, ලංකාවට ඇවිල්ල බලන්න රටට මොකද වෙලා තියෙන්නේ කියල. නුසුදුස්සෝ හැමතැනම රජ කරනවා. (බ)
යුද්ධය දිනා ගැනීම යනු ඊළඟ පරපුරත් ඉහළ තනතුරු වලට අයිතිවාසිකම කියන්න පුළුවන් සදාකාලික උරුමයක් නෙවෙයි. (දිල්)
නැකතටද වැඩ (දිල්)
ලබනා විටදී රජකම් මැද හැම සැපත.... මිනිස් දහම් ගිලිහෙයි නම් වෙයි විපත.... යම්තම් දිවි ගෙවා ගන්නට නොපා අත ..... නොදනිමි රටේ පොදු මිනිසගෙ 'සුභ නැකත'...(බ)
හොරකම, දුෂණය උපරිමයෙන් තිබුනත් රටට තවම ඔබතුමා හැර විකල්ප නායකයෙක් නැත (බ)
හෝව් හෝව් මනමේන්ද්‍ර මේ ජනාධිපති තනතුර. රජ තනතුරු පැවතෙන්නේ පෙර පරම්පරාවෙන් බව අමතක වෙලා ද ? (බ)
මේක තමයි හරිම ක්‍රමය.(හේ)
නැකත ඉක්මවා කර්මය බලවත් වන බව මම නම් අත්දැකීමෙන්ම දන්නවා. (හේ)