ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේට මහින්ද රාජපක්ෂ ජනපති වතිකානයේ දී අද ආරාධනා කළේය.
ශ්‍රී ලංකාවට පැමිණීමට මහත් ඕනෑකමින් පසුවන බව පාප්තුමෝ ජනපතිට කීහ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග, අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු නියෝජිත පිරිසක් සමග ජනපති ඉතාලියට ගියේය.
ජනපති එහි ශ්‍රී ලාංකිකයන් හමුවීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනාදිපතිතුමාට ජයවේවා (නදී)
අපේ මිනිස්සු මෙහේ බඩගින්නේ මැරෙනවා (නදී)
ආපසු යන්න කලින් අපේ ද්විත්ව පුරවැසි භාවයට කුමක් කරනවද කියල පොරොන්දුවක් දීල යන්න. (නදී)
යම් කිසි මනුෂ්‍යයෙක් කිසියම් ආගමික සමාජයක මුල් පුටුවට පැමිණියා කියා "ශුද්ධෝතම" හෝ "අති උත්තම" වෙන්නේ නැහැ. ඒ වගේම රටක පාලකයෙක් වූ පලියටම කෙනෙක් අති ගරු වෙන්නෙත් නැහැ. "පූජාත පුජනීයානං" ගැන අප ඇත්තෙන්ම දන්නේ මොනවාද? (නදී)
ගීතා, ලංකාවේ කොතනද කර්ටාස් ව්‍යාපාරය තියෙන්නේ කියලා කියන්න බලන්න. (නදී)
රටක නායකයෙක් රටේ සියලු ජනවර්ගයකටම සියලුම ආගම්වලට සේවය කලයුතුයි. අපේ ජනාධි පතිතුමා ඒ දේ හරියට කරනවා. නමුත් කනගාටුව ලෝකයේ සමහර නායකන්ගෙන් ඒ දේ සිදු නොවෙන එකයි.(නදී)
ජගත්, සත්‍යා ඔබට එකඟයි. එත් පැමිණීම සම්බන්ධව සතුටුයි. (නදී)
ගීතා, මට අනිත් මිනිස්සු බඩගින්නේ හිටියට කමක් නැහැ. ඔයා දවල්ට මොනවද කෑවේ කියන්නකෝ. (නි)
අපේ ලංකාවට මේක කොච්චර ගෞරවයක්ද? (නි)
ගීත මොකෝ මේ වෙලාවේ බඩ මතක් වුණේ? පාප්තුමා එන එක අපට ගෞරවයක් වගේම බටහිර රටවලට හොඳ කනේ පහරක්. ජනාධිපතිතුමාට ශක්තියක්. (නි)
ගීතා රත්නපුරේ බස් නැවතුම් පල ලග හොද කෑම තියනවා. ඇයි බඩගින්නේ ඉන්නේ. පාප් වහන්සේ ලංකාවට එන එකට ඉරිස්සියාවෙන්ද ඉන්නේ. (නදී)
ඔක්කොම හොදයි. එත් මේ තරම් ලොකු පිරිසක් එක්ක පාප් තුමාට ආරාදනා කරන්න ඉතාලි එන්න අවශ්‍ය නැහැනේ. අපරාදේ රටේ සල්ලි. (නදී)
කවුරු කෙසේ කීවත් අද ලෝකය පාලනය වන්නේ මෙතැනින්. අපේ රටේ වාසනාවට ජනාධිපතිතුමා ඒ ගැන හරි අවබෝධයෙන් ඉන්නේ. (නදී)
වතිකානු වෙබ් එකේ ඔය කියන දේවල් නැහැනේ (නදී)
තුසිත අපේ ජනාධිපති තුමාට විතරක් නෙමෙයි පාප් තුමාටත් ජයවේවා! (නදී)
පාප්තුමාගෙන් අපේ රටට ශාන්තියක් වේවා! (නි)
අග විනිසුරු මොහාන් පිරිස් මොකටද ජනාධිපති එක්ක ගමන් යන්නේ ? (නදී)
අනේ මෙහෙමත් මුදල් නාස්තියක්. (නදී)
ඔබට අපේ සුබ පැතුම්! (නි)
ගීතා, ලංකාවේ තාම කවුරුවත් කන්න නැතුව මැරිලා නම් නැහැ (නි)
පැමිණීම ,ආරාධනය බොහොම හොඳයි. මේක රත්තරන් රටක් (නි)
විදේශ ඇමතිත් ඉන්න නිසා කියන්නේ. රෝමේ තානාපති කාර්යාලයේ වංචා සොයා බලා යන්න (නදී)
අතිගරු ජනාධිපතිතුමනි, ඔබ තුමාව අපි සාදරයෙන් පිළිගනිමු. ඔබ තුමාට අපගේ උණුසුම් සුභ පැතුම් (නදී)
ඇමති කෙනෙක් ඊයේ පෙරේදා මිලාන් වලට ඇවිල්ලා කට්ටිය එකතු කරනවා. (නදී)
අපේ ආණ්ඩුවටයි විපක්ෂයටයි මේ තියෙන එකමුතු කම ජීනීවා යද්ද්දීත් තියෙනවා නම් කොච්චර හොදද (නදී)
ජේසු පිහිටයි (නදී)
නන්දන පනාගොඩ මිලානෝ ඹබ හරි (නදී)
පාප් වහන්සේ ලංකාවට එන එක ප්‍රකාශ කලේ ගිය අවුරුද්දේ. ඔහොම වියදන් කරන ගිහින් බුලත් දුන්නේ නැතත් උන් වහන්සේ එනවා නම් එනවා. කොහොම හරි කට්ටිය අපේ සල්ලි වලින් වතිකානුවත් බල ගත්තා. (නදී)
රටට කොච්චර ලොකු ආශිර්වාදයක්ද? (නි)
අපේ ජනාධිපතිතුමා කොහොමත් දක්ෂ කෙනෙක් (නි)
අනේ වජිර, අපේ අය කවදාද එකට එකතුවෙලා ජිනීවා ගියේ? (නි)
ගීතා කියපු දේ වරදක් නැහැ. අසීමිතව ඉන්න මැති ඇමතිවරුන්ගෙ වියදම් දරන්න වෙලා තිබෙන්නේ දුප්පත් අපට. අපි ඉතින් මැරි මැරි ජීවත් වෙනවා. මෙහි කොමෙන්ට් දාපු අය හුහක් පොහොසත් අය වෙන්න ඇති රටේ ඇත්ත තත්වය නොවැටහෙන්නේ ඒකයි මගේ හිතේ. (නදී)
බෞද්ධයෙකු ලෙස මමද ඉහලින්ම අගයමි. (නදී)