ශ්රී ලංකාවේ තිස් අවුරුදු විනාශකාරී යුද්ධයෙන් පසු ජාතීන් අතර සමගිය ඇති කිරීමටත් ආර්ථික හා සමාජ සංවර්ධනයටත් ගත් පියවර ගැන මහින්ද රාජපක්ෂ ජනපති පාප්තුමා සමග සාකච්ඡා කළ බව වතිකාන ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකාවේ ගැටළුව සම්බන්ධ සියලු පර්ශවයන්හි නීත්‍යානුකූල බලාපොරොත්තු මල්පල ගැන්වීම සඳහා කඩිනමින් පුළුල් හා හවුල් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනු ඇතැයි පාප්තුමා බලාපොරොත්තුව පළ කෙළේය. ශ්‍රී ලංකාවේ ජන ජිවිතය නංවාලීම සඳහා ආගමික අධ්‍යාපන, සෞඛ්‍ය, සුබසාධනයට කැපී පෙනෙන දායකත්වයක් සලසන බව පාප්තුමා එහිදී කියා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මගේ නමත් වෙන අය භාවිතා කරනවා.ඒත් අදහස් ඔක්කොම එක අයෙකුගේ වගේ
දැන් ඉතිං කට්ටිය කියයි ජනාධිපති තුමා පාප් වහන්සේව සල්ලි වලට ගත්ත කියලා
නිළ නාම සහිත නම් සඳහන් කරමින් පලුදු වී ඇති තමාගේ (බොරු කීර්ති නාමය ) රෙපයාර් කර ගැනීම සඳහා නිශාන්ත හේවගේ ව්‍යපාරයක් අරඹා ඇති බව පෙනෙනවා.
ඔය ගොල්ලෝ කවරුවත් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට නිකරුනේ අපහාස කරන්න එපා.බනින්න එපා..මම එයාට හරියට ගරු කරනවා.මම විද්වතුන්ට හරීම කැමකියි..ආසායි..
ඔන්න මේ පාර හොද වැඩක් කරලලු නේද ඔය මහානායක කෙනෙක්
මේ දවස්වල පාප් වහනන්සේට ප්‍රශ්න ගොඩයි .එයාගේ පුත්ගලික ආරක්ෂන මණ්ඩලය එයාගේ ෆයිල් වගයක් පිටට දීලලු.
ආචාර්ය හේවගේට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි.වෙන වෙන නම් වලින් එතුමාට සහයෝගය දක්වන්නෙත් එතුමාම තමා.
මේ රටේ දශක ගණනාවක් පටන් දරුණු යුද්ධයක් පැවති බව වත් අද ඉන්න කාටවත්ම මතක නැහැ.අද ගොඩක් දෙනෙක් ඉන්නේ මැරිලා ඉපදුනු මිනිස්සු වගේ.බොරුවට රණ විරුවෝ කියලා උඩදාලා ඒ මිනිස්සුන්ගෙන් තමන්ට අවශ්‍ය දේ කරවා ගත්තට පස්සේ ඒ අය උන්නද මලාද මේ මිනිස්සුන්ට මතක නැහැ.යුද්ධයේ බිහිසුණුබව මා හොඳින්ම තෙරුම්ගත්තේ ඉතා සමීපව දැනට අවුරුදු 23 කටත් එහා ඉඳන්ම. අද මට වයස අවුරුදු 43ක්.මම නාකියෙක්.ඒ වුනාට මම අවුරුදු ගණනාවක් ඉතා වෙහෙස මහන්සියෙන් රැයක් දවාලක් නොලබා උපයා ගත් උපාධිවලටත් නින්දා අපහාස කරන..ඒවා බොරුයි කියලා කෑගහන පුද්ගලයෙක් ඉන්න රටක් මේක.මම කළකිරීමට පත්වෙන්නේ නැහැ.මම දන්නවා අනික් අය මගේ පැත්තේ.ඒ වුනාට පිස්සොත් මේ රටේ ඉන්න ඕන නේ.පිස්සෙක් කියලා මරන්නද?ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ,අධිකරණ නීතී කේෂත්‍රවල මගේ ඉතාම සමීපතම හිත මිත්‍රයින් හා වෘත්තීය සඟයින් විශාල ප්‍රමාණයක් හිටියා හැබැයි පිරිසක් දැනට විශ්‍රාමිකයි.අපි දැන් නාකියිනේ.කොල්ලෝ කාලේ නම් විශාල වැඩ කොටසක් කලා.ඒත් දැන් බණ පොතක් අල්ලගෙන ඉන්න ඕන කාලේ.එත් මම තරුණ කාලේදී වත් මගේ ජීවිතේ වැරදි මඟට යොමු නොකළබව මගේ වෘත්තීය සඟයින් හා මිත්‍රයින් දන්නවා.ඒ අය මත්පැන් සාද පවත්වනකොට, තුන්වෙනි සිල්පදේ කඩනවිට මම ඒවායින් එදත් ඈත්වෙලා හිටියේ අදත් එහෙමයි.සමහරු නම් නාකිවෙලානේ සිල් ගන්නේ එත් මම එහෙම නෙවෙයි.මමත් කියන්නේ ආගමික උමතුව නෙවෙයි අපට වටින්නේ ආගමික සහජීවනයයි.ආගමික සහනශීලීතාවය ආගමික ප්‍රකෝපකාරී ක්‍රියාවළට වඩා අපට වටිනවා
අපි මොකටද ඔය අයගෙන් උපදෙස් ගන්ඩ යන්නෙ?
ශෝක්..........
මමත් කලින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට අපහාස කලා.නින්දා කළා ඒත් දැන් මටම වැටහෙනවා මම වැරදියි කියලා.මම එතුමාගෙන් මගේ මෝඩකමට සිදුවූ අත්වැරදීම්වලට සමාව ඉල්ලා එතුමාගේ දෙපා මුල දණ ගසා වැදලා සමාව ඉල්ලනවා
මෙහි හොරාචාර්ය නමින් කමෙන්ටු දමා ඇත්තේ අන්ත හොරකි.එයා මගේ නමින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට අපහාස කර මාව අල්ලා දීමට වෑයම් කරන බවක් මට පෙනේ.ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතානනි,මට සමාවෙන්න ඔබතුමාට අපහාස කලේ මම නොවේ.මගේ නමින් වෙන අයෙකි.
අනේ කවුරු හරි මගේ නමත් හොරකම්කරලා..........
කිසිම කෙනෙක්ට දෙවැනි නොවී ඉන්න පුළුවන ආර්ථිකේ ශක්තිමත් නම්... අල්පෙනිත්තක්වත් නොහද කොහොමද ඔය කියන විදිහට ඉන්නෙ...
පාප් වහන්සේ මුණගැහෙන එකත් ලේසි පහසු දෙයක් නෙමෙයි.....ඒකත් ලොකු ජයග්‍රහණයක්....
10/- ගානේද දඩ.....
හේවගේ මේ ප්‍රවෘත්තිය පිළිබඳ දක්වා ඇති අදහස මමත් එකහෙලාව අනුමත කරමි.
මගේ ආගම කතෝලික.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට නින්දා අපහාස පරිභව කිරීම පිණිස කමෙන්ටු දමා ඇත්තේ එකම පුද්ගලයෙකු බවද,ඒ පුද්ගලයා විසින් වෙනත් අයගේ නම් සොරාගෙන මේ වැඩය දිගු කාලයක් මුළුල්ලේ සිදුකර ඇතිබවද මෙයින් මනාව තහවුරු වේ.මම නම් යෝජනා කරන්නේ මේ පුද්ගලයා කවුරු වුනත් අත්අඩංගුවට ගෙන මානසික ආරෝග්‍යශාලාවකට යවා සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසයි
මේජ්ර්ල, පොලිස් අධිකාරිලා, මංජුලා , චමල්කා, සරසවි ඇදුරැ මඩුල්ල, කමල් මේ ඔක්කොම ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ම තමයි... ඒ අදහස්, ඒ ලිසන ස්වාභාවය හොදට බලන්න...
සමහර ආචාර්ය යැයි කියාගත් අය ආගම්වාදයට උදව් වන ආකායට කතා කරල තියෙනවා
මෙහි නම සඳහන් වී ඇති ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා ඉතා උසස් ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකු වශයෙන් අපි දන්නා බවත්,ඒ මහතා සම්බන්ධව පුවත්පත් හරහා මෙසේ මඩ ප්‍රචාරය කිරීමට එරෙහිව සමස්ත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ බලවත් අප්‍රසාදය විවිධ නම් වලින් මෙහි කමෙන්ටු පළ කළ ඒ පුද්ගලයා කෙරෙහි එල්ලවන බවත් දැනුම් දෙමු
මගේ නම භාවිතා කර ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ මහතාට නින්දා අපහාස කරන පරිභව කරන එක්තරා මානසික රෝගී පුද්ගලයෙකු දිගින් දිගටම මෙසේ අපගේ නම් පාවිච්චි කර එතුමා හට අපහාස කරනු බලා සිටීම තවත් ඉවසා සිටීමට නොහැකි වූ බැවින් මෙසේ කියමි.මාව ඔබගේ විකෘති මානසික රෝගී චර්යාවට ගාව ගන්න එපා.ඔබට පිස්සු නම් මානසික රෝහලක නේවාසික ප්‍රතිකාර ගන්න.නිරපරාදයේ අහිංසක වැදගත් අයට නින්දා කරන්න එපා.
චමල්කා, සරසවි ඇදුරැ මඩුල්ල, කමල් කියල කමේන්ට් කරන්නේ එක්කෙනෙක්...
සියලු සත්වයෝ නිදොක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියා වදාළා මිස සිංහල බෞද්ධයා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්වෙත්වා කියා බුදුන්වහන්සේ වදාළ බවක්නමි මම නොදනිමි. අපි සිංහල අපි නියම බෞද්ධයන් කියමින් සමහර සිංහල බෞද්ධයන් කියා ගන්නාවු අන්තවාදීන් බෞද්ධ දර්ශනය විකෘතිකරමින් එවැන්නගේ තන්හා, ජාති, සෝකෝ ක්‍රියා මගින් සිදු කරන්නේ බුන්වහන්සේට අගෞරවයක් මිස ගෞරවයක් නමි නොවන්නේය. මෙකල බුන්වහන්සේ ලංකාවෙ වැඩ සිටියේනමි මෙ හොරුන්ගෙන් බේරී ශීලය ආරක්ෂාකර ගැනීම සදහා ඉතාලියේ වතිකානුව, එසේත් නැත්නමි ඉරානය වැනි රටකට පුදේශයකට වාඩිනවා ඒකාන්තයි. මන්දයත් මෙවැනි නපුංසක මිනිසුන් එතුමන්ගේ චරිතය ඝතනය කරනවා පමණක් නොව එතුමන්ගේ ජීවිතයද ඝතනය කරන බැවිනි. බුදුන් වහන්සේ වදාළාවු මෙම උතුමි වදන් නුඔලාගේ මුඛයෙන් නොව සිතින් ක්‍රියාවට නගන්න (සම්මා වාචා. යහපත්වචන) සම්මා කමිමන්ත. යහපත් ක්‍රියාවන්) සම්මා ආජීව. යහපත් දිවිපැවැත්ම) සම්මා වායාම.යහපත් වෑයම) සම්මා සති. යහපත් සිහිය) සම්මාසංකප්ප. යහපත් සංකල්පනා) සිම්මා දිටිඨි. යහපත් අවබෝධය) සම්මා සමාධී. යහපත් සිත්එකගවිම) සදාචාර්ය, ආචාර්යට වඩා වැදගත්. බුද්ධිය, පුඥාව, සිල, සමාධි පුඥා, ධර්මිෂ්ඨ ජීවිතය බයිබලය ශුද්ධවර ලුක් 6-43 නරක පල දෙන හොද ගසක්වත් හොද පල දෙන නරක ගසක්වත් නැත. එක එක ගස එහි පලවලින් හදුනාගනු ලැබේ. මිනිසුන් කටු ගස්වලින් අත්තික්කා පල නෙලා නොගනිති. ගොකටු පදුරකින් මිදි පල කඩා නොගනිති. යහපත් මිනිසා තම සිතෙහි නිදන්කළ යහපත් දෙයින් යහපත් දෙයද, අයහපත් මිනිසා අයහපත් දෙයින් අයහපත් දෙයද උපදවයි. මන්ද, සිතෙන් උතුරායන දෙය කටින් පිටවේ. අල්කුර්ආන් 49-6 විශ්වාසවන්තයිනි, නපුරු අයගෙන් කවුරුන් හෝ ඔබ වෙත යමිකිසි පුවෘත්තියක් ගෙන එනු ලැබුවහොත් (එහි සත්‍යය දැන ගැනීම පිණිස එය) හොදින් විපරම් කර දැන ගනු. (නොඑසේ නමි ඔහුගේ කියමන විශ්වාස කළ ඔබ) නොදැනුවත්කම නිසා යමිකිසි ජනතාවකට විපතක් සිදුකර පසුව ඔබ කළ දැය ගැන ඔබ දුක්වී කණගාටුවන්නට සිදුවිය හැකිය. අප ජනාධිපතිතුමාගේ ක්‍රියාව ඉතා උසස්ය. මන්දයත් බෞද්ධ නායකයන් හෝ වේවා, හිංදු ආගමික නායකයන් හෝ වේවා, ක්‍රිස්තියානි ආගමික නායකයන් හෝ වේවා, ඉස්ලාමිය ආගමික පඩිවරුන් හෝ වේවා, ආදේව වාදියෙක් හෝ වේවා, අනාගාමිකවාදියෙක් හෝ වේවා, භෞතිකවාදියෙක් හෝ වේවා, ලෝකෝත්තර වාදියෙක් හෝ වේවා, රටේ නායකයෙක් හමුවී ඒ අයත්සමග සාකචිචාකර සහජීවනයෙන් කටයුතුකිරීම ඉතාමත් උසස් ගුණාංගයක්ම වන්නේය.
ඔය එක්කම රායප්පු ජෝසප්ටත් මොනවා හරි කියලා අරින්නකෝ...
අලි බබා ඔබ විශිෂ්ඨයි. ප්‍රශ්නෙ තියෙන්නේ අපේ මිනිස්සු ලෝකේ වටේ ගියාට කවුරු හමුවුනත් වැඩක් වේවිද කියලා.
අලි බබා ඔයා නියමයි......
ආගමේ නායකයෙකු හමුවීම හැමෝගෙම ආසාවනේ
සරත් පොන්සේකා ගැනත් ඇහුවද දන්නෙ නෑ නේද?
අලි බබාට මම ගරැ කරනවා.. රටක තියෙන්න ඕන ආගමට වඩා මනුස්ස හැගීම.. ඒක නැත්නම් මොන ආගමෙන්වත් වැඩක් නැහැ...
අලි බබාගේ අදහසටනම් කියන්න වචන නැහැ ඉතා අනර්ගයි එයයි සත්‍යය .....ආගම ජාති කුල භේද නෙමේ මනුස්සකමයි වටින්නේ....
ලංකාවේ ලොකු පල්ලියක් හදන්න කියල සල්ලි ටිකක් දෙයිද දන්නෑ
මේ ඔක්කොම කමෙන්ට්ස් එක්කෙනෙක්ගෙ කියලයි මට හිතෙන්නේ.. පාප් තුමා කියන්නේ කතෝලික උනත් කුඩා රාජ්‍යයක නායකයෙක්....
ඔන්න මේ පාර හොද වැඩක් කරලලු නේද ..........
මම හිතනවා මෙහි යටි අරමුණ ආගම් ප්‍රචාරය කිරීමේ වෑයමක් කියලා.ඒ අනුව ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා දැක්වා ඇති අදහසට මමත් එකඟ වෙනවා
වැඩිහරිය ඉන්නේ තවත් ජාතියක් ගැන වෛරයෙන් ඉන්න අය...ඉස්සෙල්ලම ඒක නැතිකර ගත්තොත් රට දියුණු වෙයි...
රටේ නායකයාට පුලුවන් ඕනෙම ආගමක් අදහන නායකයෙක් හම්බ වෙන්න, සම්බන්ධකම් පවත්වන්න.මොකද ජනාධිපතිතුමා පාප් වහන්සේ හම්බ වුණා කියලා එතුමා ඒ ආගමට හැරෙනවද?
අනේ සුජිත් ආචාර්යතුමෝ, මොකක්ද මේ ඔයා හැම වෙලේම කියන මූලධර්මවාදය? පොඩි කාලේ මූලද්‍රව්‍ය ගැන නම් අහලා තියෙනවා.මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ
ආගම් භේදයක් ඇති කරන්න හදන පිස්සු ආචාර්ය කෙනෙක්.මෙයාට වෙන වැඩක් ඇත්තෙම නැද්ද මන්දා
යකෙක් උනත් මොකද සල්ලි දෙනවනම්............රට සංවර්ධනය කරන්න ....?
මෙතන ආගමික ප්‍රචාරයක් වත්,ආගම පැතිරවීමක් වත් නෑ.ලෝකෙන්ම හරි දහම බුදු දහමයි.ඒක ක්‍රිස්තියානුවොත් සමහරු පිලි ගන්නවා.හැබැයි අපේ බෞද්ධයො නම් මේක ක්‍රියාවෙන් කරන්නේ නෑ.ක්‍රිස්තියානුවො, බෞද්ධයොන්ට වඩා ප්‍රතිපත්ති ගරුකයි
dr.හේවගේ, බොළද විදියට හිතන්න එපා.පාප්තුමා වැනි නායකයෙක් බැහැ දැකීමේ ඇති වැරැද්ද මොකක්ද? අපේ සමහර හාමුදුරුවො කරන වැඩ පේන්නේ නැද්ද ඔබතුමාට?
පාප් තුමත් යුද්දයට මැදි වුණ කෙනෙක් නිසා යුද්දයේ බියකරු බව එතුමාද අත් විද ඇති...
මොනව කිව්වද කවුද දන්නේ..
බොහෝවිට අපිට මිනිසුන්ගෙන් ලැබෙන යම් යම් තොරතුරු අනුව මෙරට තුළ දැනුවත්ව හා නොදැනුවත්ව විවිධ සංවිධානාත්මක පිරිස් එකතුවී ආගමික මතවාද කල්ලි වාද හදාගෙන කටයුතු කිරීම නිසා රටතුළ නීතිය හා සාමය පවත්වාගැනීමට විශාල නිලධාරී පිරිසක් යෙදවිය යුතුවීම එක්තරා අයුරකින් පොලීසිවලට රාජකාරි අධිකවීමකි.ඒ අනුව ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා දක්වා ඇති අදහසේ යම් කාලෝචිත වැදගත්කමක් ඇතැයි සිතමි.
අපේ රට හදන්න නම් රටේ ඉහළම තැනේ ඉදන් පිරිසිදු චේතනාවෙන් වැඩ කල යුතුයි.පාප් වහන්සේවත් රවට්ටන්න එපා.අපිට ලැජ්ජයි.
මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය යන අංශයෙන් බැලූ විට ආගම විශාල වැඩ කොටසක් සිදුකරන බව මනෝවෛද්‍යවරු වශයෙන් අපි දන්වා කරුණකි. නමුත් ආගමික ආවේගවලින් මිනිස් හැඟීම් කුපිත කර එය මෙහෙයවා රට විනාශ කිරීමට නම් එකඟවිය නොහැකිය.එබැවින් මෙහි සඳහන් අදහස් අතරින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා දක්වා ඇති අදහසේ ප්‍රමාණාත්මක වැදගත්කමක් ඇතිබව මගේ විශ්වාසයයි
පාප් තුමා මොකටද අපේ රටේ ප්‍රශ්න ගැන උනන්දු වෙන්නේ.මේක වෙන අරමුණු සහිත ක්‍රියාවක්ද කියලා හොයලා බලන්න වෙනවා.මොකද දැනටමත් මූලධර්මවාදී ආගම් ප්‍රචාරය කරන්නන් මේ රටේ සිය කටයුතු වේගවත්ව ව්‍යාප්ත කරමින් ඉන්න මොහොතක් නිසා.
මම හිතන්නේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා දක්වා ඇති අදහස විශාල වැදගත්කමකින් යුතු බවයි
මම හිතනවා මේ විද්වතුන් විශාල ප්‍රමාණයක් කියලා තියෙන නිසා ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ අදහසේ සැලකිය යුතු කාලීන වැදගත් කමක් තිබෙනවා කියලා.ඒ නිසා මෙහි අදහස් දැක්වීම පිළිබඳව ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට ස්තූතිවන්ත වෙනවා.
මෙහි අදහස් දක්වා ඇති විවිධ තරාතිරමේ වියතුන්ගේ අදහස් අනුව ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා ආගමික සංකල්පය හා වර්තමාන සමාජ ආර්ථික දේශපාලින ආකල්ප පිළිබඳ පලකරන ලද විචාර පූර්වක අදහස මේ පිළිබඳව දක්වා ඇති උනන්දුව මම පුද්ගලිකව අගය කරමි.
මම හිතන්නේත් මෙහි දෙපැත්තක් තියෙනවා කියලයි.අපි නිරතම මතුපිට දේ ගැන පමණක් උනන්දුවන අතර අපට මඟ හැරුණු පිටුපස සැඟවී ඇති යථාර්ථය අපට දැක්වීම පිළිබඳව ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.
ඔය කියන විදියටම කරනවනම් අපි සතුටුයි....
මේ "ආචාර්ය" වරයා මොන "තියරිය" නැතත් "සරණපාල න්‍යාය" නම් හරියටම හදාරා තියනවා.
ආගමික සහජීවනය නැතිකම නිසා අපේ රටට සිදුවුනු දේ බලන්න.රට නොනවතින යුද්ධයක දශක ගණනාවක පටන් පැටලුනා.නමුත් මෙයින් මම අදහස් කරන්නේ නැහැ.උතුරේ පැවති යුද්ධය ආගමික ප්‍රශ්නයක් මුල් කරගෙන ඇතිවුන බවක්.එත් නායක පිරිස අනුගාමිකයින්ට කිව්වේ ඒක නෙවෙයිනේ.දැන් සියළු ප්‍රශ්න විසඳිලා වත්මන් අතිගරු ජනාධිපතිතුමාට පින් සිදුවෙන්න රටේ මහජනතාව කිසිම බයක් සැකක් නැතිව පාරේ බැහැල යනවා.යළිත් වරක් මෙරටේ එවැනි සිදුවීම් දායක් ඇතිවෙන්න ඉඩත් තියන්න හොඳ නැතිබව මගේ බැජී හිතමිත්‍ර ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා දක්වා ඇති අදහස් අනුව මනාව සනාථ වෙනවා.