පසුගිය ජනාධිපති වරණයේ දී තමාට ඡන්දය දුන් නොදුන් සියලු ජනතාවට ස්තූති කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් කොළඹ දී පැවැත්වෙමින් තිබෙන ජනලති පදවිප්‍රාප්ති සැමරුම් උත්සවය අමතමින් ප්‍රකාශ කළේය.
පසුගිය වසරක කාලය ත්‍රාස්‍යජනක විනොදාත්මක හා නොයෙකුත් අත්දැකීම් ලැබුණු කාලයක් බව ද ඔහු කීවේය.
තමා සිතන්නේ ඉදිරි පස් වසරක කාලය තුළ තමාට හිමි ස්ථානය නොව රටට හිමි ස්ථානය පිළිබඳව බවත් එතුමා කීවේය.
පසුගිය වසර ජනාවට නොපෙනුනත් එය ඔබ නොදකින ඔබට නොතේරෙන දෑ කරන්නට උත්සහ කළ වසරක් බවත් එතුමා කීවේය.
පසුගිය වසරේ කොමිසන් සභා පිහිටුවීම ඇඟට නොදැනුනත් බඩට නොදැනුනත් එය රටට දැනෙන දෙයක් බවත් ඉදිරියට දූෂණය, වංචාව, නාස්තිය ඉවත් කර නූතන ශ්‍රී ලංකාවක් ගොඩ නගන බවත් එතුමා ජනතාව අමතමින් කීවේය.
රටේ යහපත වෙනුවෙන් හැමවිටම අභියෝගාත්මක හා අමාරු කටයුතු කළ යුතු බවත් ජීවිත පරිත්‍යාගයෙන් ඒවා ඉටු කිරීමට සූදානම් බවත් එතුමා කීවේය.
තමාගේ ජීවිත කාලයේ තමා වඩාත්ම සතුටට පත් වූයේ සියලු තනතුරු වලින් ඉවත් වූ පසුගිය නොවැම්බර් ඉමාසයේ බවද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දක් ගියා දැනුනෙවත් නෑ.(හේ)
කරනවා කියපු ඒවා නම් තවම කළේ නැහැ (නි)
කතාව දෝලාවෙන් වුණත් ගමන ඉබි ගමනේ නම් රට එතනමයි (නි)
හොඳ කතාවක් (නි)