වකුගඩු රෝගයට විසඳුමක් ලෙස මෙරටට හඳුන්වාදී ඇති පානීය ජලය පිරිසිදු කිරිමේ ආර්.ඕ. ජල පෙරණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයකට සහ වැඩිහිටි නිවාසයකට නොමිලේ පිරිනැමීම ජනපති පුත් දහම් සිරිසේන මහතා අතින් අද (16) සවස කුරුණෑගල දී සිදු විය.
කුරුණැගල රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ දර්ශන සිරිසේන මහතා වෙත දහම් සිරිසේන මහතා ජල පෙරණයක් බාර දුන්නේය.
මෙම ජල පෙරණ මෙරටට ගෙනැවිත් බෙදාහැරිම දක්වා ඇක්වා මාස්ටර්ස් ආයතනයේ ශාඛාවක් කුරුණෑගල දී විවෘත කළ අවස්ථාව නිමිත්තෙන් මෙම ජල පෙරණ කුරුණැගල රෝහලට , නිකවැරටිය මුලික රෝහලට , පොල්පිතිගම රෝහලට සහ මල්ලවපිටිය වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කැරිණි.
කුරුණෑගල නගරාධිපති ගාමිණි පෙරමුණගේ , ඇක්වා මාස්ටර්ස් සමාගමේ සභාපති උපසේන දිසානායක, අලෙවි කළමණාකාර නිමල් එදිරිසිංහ මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.

![DSC_0829[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_08291.jpg)
![DSC_0837[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_08371.jpg)
![DSC_0863[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_08631.jpg)

![DSC_0858[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_08581.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි සුභවාදියි , හොරනෑ බෙර දවුල් නැතුව නිහඬව උනානම් . ජය වේවා (අ)
නාමල් අාවෙත් ඔය වගේ තමා, ඒක නිසා බය හිතෙනවා (බ)
ඔය එන්නේ කරලියට (අ)
පවුල් පාලනේට ජයවේවා......! (බ)
මේ පියවර ඇගයිය යුත්තකි. එහෙත් හොද සිතුවිල්ලෙන්ම එය දිගටම පවත්වා ගත යුත්තකි. පසුගිය පාලන කාලය තුල අප හට විදින්නට වූ බලයලත් ගැහැට දක්වා දික් නොගැසීමට වග බලා ගන්න. (බ)
රටට හිතැති තරුණයන් අවැසි මොහොතක් (නි)
විස පෝර ගෙන්වීම තාත්තට පුළුවන්නේ නවත්තන්න ? විස එන විදිය හොයන්න? සිංහල වේද කමින් මේ රෝගේ සුව කරපු අනුරාධපුරේ වෛද්‍ය වරුන්ට ආයිමත් ඉඩ දෙන්න පුළුවන්නේ ප්‍රතිකාර කරන්න ? (අ)
කොල්ලා දැන් ටිකක් හැදිලා වගේ (අ)
හරි හරි .මහින්ද ට හොදයි සිරිසේනට .හොද නෑ (අ)
මෛත්‍රී ඔය යන්නේ වැරදි පාරේ .. ඔය පාරේම කලින් ගියපු කෙනාව අපි ගෙදර යැව්වා...මේක දුප්පත් අහිංසක මිනිස්සුන්ට කරපු සේවයක් නෙමෙයි... එහෙම උවමනාවක් තිබුන නං අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් වලට නොමිලේ බෙදන්ට තිබ්බ. මේ කරලා තියෙන්නේ තනිකර මාකටින් පාරක්. ඉස්පිරිතාලෙට එන මිනිස්සුන්ට ඔව්ව ගන්ට පොලබවන්ට. ඔව්ව ගන්ට එපා කියනවා නෙමෙයි, එත් මේ කරපු වැඩේ වැරදි ගණනාවක් තියනවා. අපි මෛත්‍රී ට චන්දෙ දුන්න. ඊලග සැරේ අපි වෙනස් වෙන බව මතක තිය ගන්ට. කරන්ට තියෙන්නේ එකයි. පව්ලේ අය ගෙදර තියල එන්ට ! ආණ්ඩුවේ එව්වා ගෙදර ගෙනියන්ටත් එපා ! (බ)
බැලුවාම අනිත් අයට වඩා දහම් ගොඩ අක් හොඳයි (අ)
සුරංග ආවම මොකද ?බයද ? (අ)
නිකන් දෙකක් බෙදල ජනතාව අල්ලන් වෙළද නිවේදන (බ)
දහම් හොඳ කෙනෙක් (නි)
පවුල් පාලනයට මුල...මහින්දට පුලුවන්නම් මට බැරි මොකද නේද? (බ)
හොද වැඩක්.(හේ)
ඊළඟ මහා මැතිවරණයට දැමමතිය ලෑස්ති වෙනවා වගෙයි (අ)
ලක්මාල්, මෛත්‍රී මහත්තය දෙවැනිවර ඉන්නේ නැහැ නේ. එනිසා අපි ගෙදර යවන්න ඕනේ නැ. එයාම ගෙදර යනවා.(ම)
දහම් මහත්තයෝ වැඩේ නම් ගොඩක්ම හොදයි. හැබැයි තවත් නාමල් කෙනෙක්නම් මේ රටට එපා. (අ)
ඔය මොන පුතාලටවත් අපි නම් කැමති නැහැ (නි)
මොනතරම් යහපත් සිතුවිල්ලක්ද? (නි)
ඇත්තටම ලොකු වෙනසක් (නි)
අර සිංහල බෙහෙත් වට්ටෝරුව සොයගත්තු , ආයුර්වේද වෛද්‍යතුමියව මාරු කරලා හරියේ ඇයිද දන්නේ නැහැ ...... (ලෙඩ්ඩු මරාගෙන කන ව්‍යාපරනම් කරන්න එපා ) (බ)
ඔහොම යමු. ජයවේවා! (නි)
දහම් සොයුර, සුභ පැතුම්! පියාණන්ට කියලා අර ඖෂධ පනතත් ඉක්මනට ක්‍රියාත්මක කරවා දුන්නොත් මේ රටේ ජීවත්ව ඉන්න අහිංසක දුප්පත් ලෙඩ්ඩුන්ටත් විශාල යහපතක් වේවි. ගොඩාක් පිං. (නි)
අවංක චේතනාවෙන් කරන මේවා හොඳ වැඩ (නි)
දුක්විඳින මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් (නි)
ඔබට රටේ ජනතාවගේ ආශිර්වාදය ලැබෙනවා නියතයි (නි)
සැබෑ වෙනසක් (නි)
හදවතින්ම සුබ පතමි (නි)
අපිත් පුළුවන් උපරිම සහයෝගය දෙන්නම් (නි)
යහපත් දේ අගය කරන්නවත් අපේ සමහරු දන්නෙ නැති හැටි (නි)
හොඳ වැඩක් නම් කවුරු කළත් ඒක හොඳ වැඩක් (නි)
ජයවේවා! (නි)
විෂ පෝර ගෙන්වීම නවත්වන්න. විෂ එන ආකාරය සොයන්න. සිංහල වෙදකමින් මේ රෝගය සුවකළ වෛද්‍යවරුන්ට නැවතත් අවස්ථාව දෙන්න ප්‍රතිකාර කරන්න (නි)
ජයවේවා ඔබට! (නි)
මේ මොකක්ද මේ වෙන්නේ? (බ)
ඔය එන්නේ කරලියට ,කොයි එකත් එකී,මුන්ට රජය උෂ්ණේ ගැහුවම,නිකන් ඉන්න බෑ (බ)
චමල්,අතුල,ඔබ වකුගඩු රෝගීන් වෙනුවෙන් එක රුපියලක්වත් දී තිබෙනවද? (නි)
ඔය ජල පෙරන උපකරණ රජයේ වියදමින් ගෙන්වා නොමිලයේ බෙදාහැරීමයි දැන් කළයුතු වන්නේ. (නි)
බොහොම හොඳ අරමුණක් (නි)
මහින්දට හොඳ නැති දේ සිරිසේනට හොඳයි. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (බ)
සිරිසේන ලොක්කත් නිකන් ඉන්නේ නෑ වගේ.. පක්ෂය ආරක්ෂා කරන්න දුව පුතා ගෙන්න වගේ හදන්නේ (බ)
දහම්ට සුභ අනාගතයක්! අනේ වාසනාවන්. ජයවේවා! (නි)
වකුගඩු සටනට ඕන තරම් මිනිස්සු ඉන්නවා ජනපති පුතුන් මේවට නාවට . එකක් ඉවර වෙනකොට තව එකක්. (බ)
ඔබ රටට ලොකු ගෞරවයක්. (නි)
ඔබට හොඳ පැහැදිලි අනාගතයක් ඇති බව පෙනෙනවා (නි)
ඔබට සුබ අනාගතයක් (නි)
බොහොම හොඳයි පුතේ. අපේ ආශිර්වාදයත් ඔබට! (නි)
වකුගඩු සහ පිළිකා රෝගීන් වැනි අසරණ ජනතාව කෙරෙහි හිත යෙදවීම කොච්චර හොඳද? (නි)
චමල්, ඔබගේ පැහැදිලි කුහකකම ලෝකෙට පෙන්වන්න එපා. හොඳ වැඩක් නම් කවුරු කළත් ඒක හොඳ වැඩක්. (නි)
ඔබට ජය වේවා! (නි)
මහජනතාව වෙනුවෙන් යහපත් සේවයක් කරන්න ඔබට හැකිවේවා! (නි)
ඔබ වැන්නවුන් රටට සම්පතක් (නි)
ඔබට හොඳ අනාගතයක් (නි)
මෙවන් පුතුන් රටට වාසනාවන්! (නි)
පසුගිය කාලේ අය කළ දේවල් වල හැටියට මේවා කොච්චර හොඳ දේවල්ද? (නි)
ඉදිරියටම යමු (නි)
බලන්න කොච්චර හොඳද? (නි)
මේ ව්‍යාපෘතිය දිගටම කරගෙන යන්න (නි)
සියල්ලන්ටම ආදර්ශවත් චරිතයක් (නි)
මේ දහම් මෙහෙම හොඳ දෙයක් කළාම මොකද වෙන්නේ? අපේ රටේ ඉන්නේ කුහක මිනිස්සු. (නි)
මේ වගේ වැදගත් වැඩ කරනවට අපි නම් කැමතියි. ඊර්ෂ්‍යාකාරයෝ කියන දේවල් වලින් සැළෙන්නේ නැතුව දිගටම මෙවැනි සේවාවන් ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට ඔබට සුබ පතනවා. (නි)
බොහොම සන්තෝෂයි (නි)
ලංකාවට වසවිස සහිත කෘෂිරසායන ගෙන්වීම සම්පුර්ණයෙන්ම නැවැත්තුවා නම් ඔය ප්‍රශ්නය ගොඩක් දුරට විසඳාගන්න පුළුවන්. ඉස්සර ඔය ප්‍රශ්න ලංකාවේ තිබුනේ නැහැනේ (නි)
මේ විදියට දිගටම හොඳ වැඩම කරගෙන යන්න (නි)
ඉදිරියට තැබූ පය ඉදිරියටම තබන්න (නි)
මේ මහත්තය හරියට අවංකව කලොත් තැනක් ලැබේවි, නැත්තන් ගෙදර තමයි.(අ)
සැමටම හොඳ ආදර්ශයක් (නි)
රේස් පදිනවට වඩා මේවා කොච්චර හොඳද. (අ)
ඔබ සමඟ අපිත් ඉන්නවා (නි)
ඔබව අපි සාදරයෙන් පිළිගන්නවා (නි)
සුභ අනාගතයක්.ජයවේවා.! (බ)
දුප්පත් අහිංසක මිනිස්සු මේ කරන සේවයට ඔබට ආශිර්වාද කරනවා (නි)
මේ අය, මෙි පුතත් කාර් රේස් පැද්දනමි හුරේ දායි අනේ මගේ කට (අ)
ඇමතිවරු ගේ සැප ගන්න ගාන 132 ක් වුනත් තම කඩේ යන අය අඩුවක් නැහැ. (අ)
පුතාලා දේශපාලනයට ආවාට කමක් නැහැ. හැබැයි ජනතාවට සේවයක් කරනවා නම් පමණි (නි)