ජනාධිපති මන්දිරයේ ජලය, විදුලිය හා නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් මිලියන 15 ක වියදමක් දැරීමට රජයට සිදුවන බවත් එහෙයින් එහි පදිංචිය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් ජනපති ලේකම් පී.බී. අබේකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියති.
ඒ අනුව පැරණි නිවාස දෙකක් එක්කර ජනපතිවරයෙකුගේ පරිහරණය සඳහා උචිත අයුරින් නවීකරණය කිරීමට සිදු වූ බව එම නිවේදනයේ දැක්වේ.
ජනපති නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 180 ක් වෙන් කර තිබෙන බවට වාර්තා වන තොරතුරු පිළිබඳව මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
එම නිවේදනයේ මෙසේ දැක්වේ.
“ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තු තුළ ජනාධිපති කාර්යාලයට අදාළ වියදම් මෙන් ම අග‍්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු, වැවිලි කර්මාන්ත, ස්වදේශ කටයුතු, ධීවර, මහාමාර්ග, ආයෝජන ප‍්‍රවර්ධන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන රැසකට අදාළ වියදම් ඇතුළත් විය.
ඒ තුළින් ජනාධිපති නිල නිවස ප‍්‍රතිසංස්කරණයට හා වෙනත් කටයුතු සඳහා ඉල්ලා ඇති රුපියල් මිලියන 180 පිළිබඳ ව ජාතික පුවත්පත් කිහිපයක පළ වී ඇති මාධ්‍ය වාර්තා ජනාධිපති කාර්යාලයේ අවධානයට යොමු වී තිබේ.
ඒ අනුව ජනාධිපති ලේකම්වරයා කියනුයේ ඉතා පැරණි නිවාස 02ක් එක්කර ජනාධිපතිවරයෙකුගේ පරිහරණයට උචිත ලෙස අලුත්වැඩියා කිරීමට සිදු වූ බවයි. ඊට අමතරව නිවසේ ආරක්ෂාව, ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා වන නිලධාරීන් සඳහා නේවාසික පහසුකම් මෙන් ම ගරාජයද පිළිසකර කිරීමට සිදු වූ බව පෙන්වා දෙන ජනාධිපති ලේකම්වරයා මෙම සම්පූර්ණ අලුත්වැඩියා කටයුතු සිදුකර ඇත්තේ රාජ්‍ය ආයතනයක් වන මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය විසින් බවද සඳහන් කරයි.
ජනාධිපතිවරයා සඳහා වෙන්ව ඇති කොටුව ජනාධිපති මන්දිරය භාවිත කරන්නේ නම් ජලය, විදුලිය සහ නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් ලක්ෂ 150 කට අධික වියදමක් දැරීමට රජයට සිදුවන බවත් එම අධික වියදම නිසා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එහි පදිංචිය ප‍්‍රතික්ෂේප කර ඇති බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කරයි.
ඊට අමතරව අදාළ පුවත්පත් වාර්තා මත සඳහන් බී.එම්.ඩබ්ලිව් රිය සහ ආරක්ෂක අංශ සඳහා වන බී.එම්.ඩබ්ලිව්. යතුරු පැදි 2014 ඔක්තෝබර් මාසයේ දී ඇනවුම් කර ඇත්තේ පසුගිය රජය විසින් බවත් ජනාධිපති ලේකම් කියයි.
ඒ අනුව පිළිවෙලින් කාර් රථය 2015 ජනවාරි 08දාත්, යතුරුපැදි 2015 පෙබරවාරි 21දාත් කොළඹ වරායට ගෙන්වා තිබේ. මාස 03ක් තිස්සේ වරායේ රඳවාගෙන තිබු මෙම රථවාහන නැවත ප‍්‍රතිඅපනයනය කළ නොහැකි නිසාත්, රඳවා ගැනීමේ ගුදම් ගාස්තු දිනෙන් දින ඉහළ යන නිසාත් ඒවා රජය වෙත පවරා ගැනීමට තීරණය කළ බවත් ජනාධිපති ලේකම්වරයා දන්වා සිටී.“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
මිලියන 180ක් කියන්නෙ කජු ඇටද? කොස් ඇටද? (නි)
හොඳයි හොඳයි ඔහොම යමු (නි)
ජයරත්න, සිල්වි දෙපලගේ අදහස මටද ඇත. (ර)
මේ කතා පිළිගන්න අයත් ඉන්නවනේ. (ර)
හැමෝම එක වගේද (ම)
ලංකාවේ දුප්පත් දෙමාපියෝ තම දරු පැටවුන්ට කුසට අහරකට දෙන්න පාන් කෑල්ලක් වත් ගන්න සල්ලි නැතිව දුක් විදිද්දී ඇයි මේ... (ර)
ඒකත් රුපියල් 6000යි ගියේ කියලා කිව්වනං හරිනේ. (ර)
අනේ මන්දා මේවා ? (ර)
ජනතාව පැත්තෙන් සිතන ජනාධිපතිතුමා ගැන ආඩම්බරයි. (ර)
අයියෝ ඕව නම් මොනාද අනේ. අපිට ඕවා ගානක් නැහැ. (ර)
ජනාධිපති හිටිය යුත්තේ ජනාදිපති මන්දිරයේ ජනාදිපති මන්දිරයේ වියදම් වැඩිනම් වියදම් කපා හැර කළමනාකරණය කරන්න. දැන් ඔකේ එතුමා පදිංචි උනේ නැහැ කියලා වහලා දානවද ? (ර)
අලුත් වැඩියාව ඉවර වෙනකම් කොහෙද ඉන්නේ? මෙතරම් මුදලක් නාස්ති කරන්නේ මොකටද.? (ර)
මෙම බර දුප්පත් ජනතාවට ගෙවන්න වෙනවද? ජනපතිතුමනි, මේ ගැනත් ටිකක් හිතලා බලන්න (නි)
ලක්ෂ 1800 ක්? (ර)
වියදම වැඩි නැද්ද.? (ර)
ජනතාව පැත්තෙන් හිතන බව පෙනෙනවා. තිබෙන මන්දිරයේ සිටීමෙන් විදුලි බිල් වැඩියෙන් ගෙවන්න වෙනවා නම්, අනවශ්‍ය උපකරණ ඉවත් කර විදුලි බිල අඩුකිරීම විශාල වියදමක් යන දෙයක් නොවෙයි. එසේ නොකොට වියදම් කිරීම අනුමත කල නොහැක. (ර)
පසුගිය රජයට ආර්ථික සැලසුම් තිබුණා ඉතින් ගෞරවනීය විදිහට හිටියා. (ර)
අපි ඉගුරු දීල මිරිස් ගත්තවත්ද ? (බ)
පොළොන්නරුවේ වගේ පැල්පත් ටිකක් අගනුවරටත් හැදුවනන් හරි. පසුගිය රජය යුද වියදමුත් දරලා, රටත් සංවර්ධනය කළා. මේ ආණ්ඩුවට නඩත්තු වියදමවත් හොයා ගන්න හැකියාවක් නෑ (බ)
බොහොම හොඳයි (නි)
මෙවැනි නායකයො ඉස්‍සරත් හිටියා නම්... (නි)
ජලය සහ විදුලිය කියන්නෙ පාවිච්චිය අඩු කර, බිල අඩු කරගන්න පුලුවන් දෙයක්. ඒ නිසා මෙය නිදහස ට කාරණයක් නෙවේ. (බ)
රටකට අවශ්‍ය මෙවන් ආදර්ශමත් නායකයෝ.(ම)
මට මතකයි මෙතුමා පොළොන්නරුවේ ඉදන් රට පාලනය කරනව කියල වේදිකාවෙ කිව්වා. ඒ නිසා මෙය අලුත් ගෙවල් ඕන නෑ නේද?(ම)
එයාල කියනවා අපි අහනවා..(ම)
ජනපතිතුමා කවදත් හිතන්නේ අපි ගැන (නි)
අලුත් මන්දිරය ඉදිකල පසු කොටුව ජනාධිපති මන්දිරය නඩත්තු නොකර තබාගත හෑකිද. තවද ඉන් පසු අලුත් මන්දිරය සදහාද ජලය, විදුලිය සහ නඩත්තු වියදම් කලයුතුයි නේද.? ඉතින් මන්දිරය ඉදිකිරීම සදහා වන මූලික වියදමත් මන්දිර දෙකක් නඩත්තු කිරීම සදසා වැය වන දෛනික වියදමත් ගත් කල මෙය අසාර්ථක වෑඩ පිලිවලක් බවයි මගේ නම් හෑගීම. (ර)
මේ අදහස් ටික දිහා බැලුවහම ගිය ආණ්ඩුවේ අය මොනවා කළත් හොඳයි කියපු අය වගේ කට්ටියක් මේ ආණ්ඩුවත් මොන වැරැද්ද කළත් හොඳයි කියන්න බලාගෙන ඉන්නො කියලා නම් පේනවා! (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේක කියලා (නි)