එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි මහා මණ්ඩල සැසිය ඇමැතීම සඳහා ඇමෙරිකාව බලා ගිය මෛත්‍රීපාල සිරිසේන ජනපති අද පෙරවරුවේ නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.

ජනපති නවාතැන් ගන්නා හෝටලයේ දී මංගල සමරවීර, අජිත් පී පෙරේරා යන ඇමැතිවරු ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා, වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහත්වරුන් විසින් ජනපති පිළිගනු ලැබීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා බදාදා (21) සමුළුව ඇමැතීමට නියමිතය.

1(11) 2(12)