බ්‍රිතාන්‍යෙය් ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා පහර දුන්නැයි කියන සිද්ධිය හා විදේශ අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙණුකා සෙනවිරත්න මහත්මිය මහ කොමසාරිස්ට විරුද්ධව කර ඇති පැමිණිල්ල ගැන පරීක්ෂණයක් පැවැත්වීමට යයි.
මහින්ද රාජපක්ෂ ජනපතිගේ නියෝගයෙන් මේ පරීක්ෂණය පැවැත්වෙයි.
එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගීවීමට ජනපතිවරයාත් සමග ඇමරිකාවේ නිව්යෝක් නගරයට ගොස් සමුළුව අවසානයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකදී ක්‍රිස් නෝනිස් මහතාට විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පහර දුන්නැයි චෝදනා එල්ල විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වෙලාවෙ පොඩ්ඩක් දාලද හිටියේ? (නදී)
මම ඉන්නෙත් බටහිර රටක. මෙහෙ තානාපති වරු කතා කරන ඉංග්‍රීසි ගැන මටම කණගාටු හිතෙනවා. එංගලන්තෙත් මෙහෙට වඩා වෙනස් නැතුව ඇති. (ස)
රාජ්‍ය තාන්ත්‍රික සම්භාෂණ උත්සවයකදී මෙවන් ඉතාමත් කනගාටු දායක සිද්ධියක් සිදුවීම ලංකාවේ ප්‍රතිරූපයට විශාල කැළලක් ඇතිවීම නම් වැළැක්විය නොහැකිමය. මෙවන් පසුබිමක් යටතේ අපේ රටේ අවුරුදු 2500 ක සංස්කෘතියක් ගැන අපට පුරසාරම් දෙඩිය හැකිද? (නදී)
දේශපාලුවෝ මුළු රටේම ජනතාවගේ පස්ස කනවෝ. මකුණෝ මිට වැඩියේ හොදයි. පුටුවේ ඉදගන්න කෙනාගේ පස්ස විතරයි කන්නේ. (නදී)
ඒ කියන්නේ විදේශ රටකදී ලංකාව නියෝජනය කරන්න තිබෙන දේශපාලනික සුදුසු කම හොඳ ගුස්ති කාරයෙක් වීමද ? මේක පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධාන රටේ තිබෙන ලංකාවේ තානාපති කාර්යාලය. ගමේ ප්‍රජා ශාලාව නෙවෙයි. මෙහෙම ගියොත් අපිට ස්වාසිලන්තයේවත් තානාපති කන්තෝරු නැතිවේවි. (නදී)
එක්සත් ජාතීන්ගේ මහා සමුළුව නිව් යෝර්ක් නගරයේ පැවැත්වුයේ ලංකාවට වැදගත් අන්තර් ජාතික සමුළුවක් ලෙසයි. රාත්‍රී කෑමේදී ගහ ගැනීම යනු සින්ංහලයන්ගේ නිරුවත පෙන්වීමයි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස දොස්තර ක්‍රිස් නෝනිස් ගත් ක්‍රියා මාර්ගය නිවරදි බව සිතමි. (නදී)
යකෝ මේක මාර පරීක්ෂණයක්. නෝනිස් මහත්තයට ගහපු එක ගැන පරීක්ෂණයක් නැහැ. එ්කේ දැන් අනික් පැත්ත. අනේ රටට ගිය කල දසාව. අපි ඉතින් බලාපොරොත්තු වෙන්නේ කොහොමද සාදාරන සමාජයක්!. (නදී)
රජයේ කීර්ති නාමයට හානි කරන්න විවිධ පිරිස් උත්සාහ ගන්නවා. අපේ ඇමතිවරු ඉතා ධර්මිෂ්ට අය. බොහෝ මන්ත්‍රීවරුන් අහිංසකයි. අපේ රජය යලිත් බලය ලබා ගන්නවා. ජය වේවා!! (නි)
අපි බලාගෙන ඉන්නේ වෙන්නේ මොකක්ද කියලා (නි)
කිසිම ලැජ්ජාවක් නැති මිනිහෙක්. මේ වගේ අයට මනාපේ දෙන්න හොඳ නැහැ (නදී)
ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිරූපයට දැන් මොකද වෙලා තියෙන්නේ? අයියෝ ශ්‍රී ලංකාව! (නි)
වතුර බහින්නේ මිටි තැනින් කියන්නේ නිකන් නෙමෙයිනේ (නි)
රටේ ගෞරවයයි සියල්ලටම වඩා වැදගත් වෙන්නේ (නි)
රටේ ඉන්න අවංක සහ සාධාරණ මිනිස්සුන්ට පීටරට යන්න වෙන්නේ මේ වගේ වැඩක් නැති මිනිස්සු රජවෙලා ඉන්න නිසයි (නදී)
මොහු පහර කා තිබෙන්නේ තුමාගේ අසලම දීලු නේද? (නදී)
ක්‍රිස් නෝනිස් මහත්මය අහල තිබුනේ නැද්ද? "බල්ලොත් එක්ක බුදිය ගත්තහම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා" කියලා. ඕනෙම කෙනෙක් ලඟින් ඇසුරු කරන්න තෝරා ගන්න ඕනේ තමන්ගේ අධ්‍යාපන මට්ටමටවත් ගැලපෙන අයෙක් වයි. නෙගෙැලපෙන අදහස් ඇති පුද්ගලයින් සමගත් ඇසුරු කරන්න අමාරුයි. මෙම සිද්ධියත් ඒ වගේ එකක් කියලයි මම නම් හිතන්නේ. (නදී)
මම මෙච්චරකල් හිතාගෙන හිටියේ මේ වගේ නෝන්ඩි වැඩ ඔය වගේ රාජ්‍යධුත උත්තමයෝ අතර වෙන්නේ නැහැ කියලා. (නදී)
සත්‍යය වනාහි සංස්කරණය කළ යුතු හෝ කළ හැකි දෙයක් නොවේ. මෙන්න මා ලියා එවූ දෙය: "ක්‍රිස් නෝනිස් ගුටි කාපු නිසයි හොඳ ගුණ යහපත් කෙනෙක් කියල මොනවත් නොදන්නා පිරිස් ලියල තියෙන්නේ. මේකට හේතුව මිනිහ දොස්තර කෙනෙක් වීම, මැක්වුඩ් සමුහ ව්‍යාපාරයේ සභාපති වීම, සුද්දන්ටත් වඩා හොඳින් ඉංග්‍රීසි කතා කිරීම හා රජ පවුල් 2 ක හිතවතෙකු වීම. එහෙත් රත්නපුරයේ නගර මැද පොලිස් උන්මත්තකයෙකුගේ තිරිසන් ප්‍රහාරයට ලක්වුණ කත වෙනුවෙන් මොනවාද අපේ මහත්වරු ලිව්වේ? ඒ වෙනුවට එසේ පහර දුන් උන්මත්තකය වෙනුවෙන් නම් පිරිසක් පාරටත් බැස්ස. වතුර බහින්නේ මිටි තැනින් කියන්නේ ඕක ට තමා" (නදී)
සත්‍යය පිරිසිඳු දිය දහරකින් හෙබි නදියක්. එය නිරන්තරයෙන්ම ඉවුරු දෙපස සාරවත් කරමින් ගලා බසිනවා. ඒ අනුව ජීවිතයත් එක්තරා නදියක්. (නදී)
අමරබන්දු, බන්දුල පෙරේරා " සුභ උදෑසනක් " (නදී)
කට්ටිය හොඳ අදහස් දාලා තිබෙනවා (නි)
ක්‍රිස් නෝනිස් මහත්මයා බුද්ධිමත්ව වැඩකරන පුද්ගලයෙක්.වැදගත් විදියට හරි දේ දැක්මේ නුවණින් සිතා බලා කටයුතු කරන, අපේ දේශයට සේවයක් කර රටේ නම රැකදුන් නිර්භීත පුරවැසියෙක්. ඔහුට පහරදීම තරයේ හෙළා දකිනවා. ජනාධිපතිතුමනි, ඔහුට සාධාරණය ඉෂ්ට කර ඔහු නැවත එම රටේම සේවයට යොමු කරන මෙන් මුළු මහත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මම ඉල්ලා සිටිමි (නි)
යකාගේ හැටි විමානෙන් පේනවා. අපේ රටට රැකගන්න තරම් ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන්නේ කොතනද ? (නදී)
රටේ සම්පත් හොරකම් කල ජය ලලිතාට උන දේ මෙහේ අයටත් වෙන්න වැඩි කාලයක් නැත. (නදී)
නුසුදුස්සෝ නිලයන්ට පත්කිරීමේ වගකීම ජනතාව හා පාලකයින් බාරගත යුතුයි. එසේම ව්‍යාපාරිකයන් හා විදෙස් සේවය ගැන නොදන්නා හිතවතුන්, ආධාරකරුවන් රාජ්‍ය තාන්ත්‍රික නිලයන්ට පත්කිරීමත් රටේ ගරුත්වය නැතිවීමට හේතුවක්. (නි)
නෝනිස් මහත්තයා කරන්න ඕනේ වැඩේ කෙරුවේ නැහැනේ. කරන්න තිබුනේ ඒ වෙලාවේම පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරන එකයි. හැබැයි කියන්න බැහැ තානාපති වරප්‍රසාද යටතේ නිසා මොනවා වෙයිද කියලා. කෙසේ හෝ පොලිසි යන්නයි තිබුනේ. මොකුත් නොවුනත් ලෝකේ පුරාම ප්‍රසිද්ධ වෙලා ලැජ්ජාව කියන එක මොකද්ද කියලවත් දැනේවිනේ. (නදී)
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ. මුතු මැණික් යට යනවා බොරළු උඩ එනවා. (නදී)
නුගත් අසීලාචාර සල්ලාලයන් ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලොකු පුටුවල ඉන්න තෙක් අපේ රටේ විදේශ ප්‍රතිපත්තියට අබ සරණ තමා. (නදී)
අපේ බන්දුල පෙරේරා මේ ගැන මොකද කියන්නේ ? මේවට උත්තර දෙන්ඩ බන්දුල පෙරේරලට බැහැ, ඒ නිසා කට වහන් ඉන්නවා ලැජ්ජාවට. (නදී)
රටේ නම රැක ගන්න ලොකු මෙහෙයක් නෝනිස් මහත්තය කළා කියලයි අපි අහල තියෙන්නේ. ඉතින් එහෙව් එකේ රටේ නම රැක ගන්න පැය 24 පුරාම මෙලෝ සිහියක් නැතුව දඟලන ගරු මන්තී තුමෙකුගෙන් ගුටි කන්න කොච්චර පිනක් තියෙන්න ඕනද? (නදී)
නෝනිස් මහතා බ්‍රිතාන්‍ය පුරවැසියෙක් නිසා එයාගේ ගරුත්වය ආරක්ෂා කරගෙන පැත්තකට වෙන්න. මැක්කෝ එක්ක නැගිටින්න වෙන කතාව දන්නවනේ. (නදී)
වැදගත් උගත් අවංක පුද්ගලයින්ට අද ලංකාවේ තැනක් නැහැ. (නදී)
බලාගෙන ඉමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
මේක බොරුවක් වන්නට ඕනේ. සජින් වාස් කියන්නේ හොඳ කෙනෙක් අපේ අර කැලණියේ ඇමති තුමා වාගේ. මට සිතෙන්නේ ක්‍රිස් නෝනිස් එයාටම ගහගෙන වගේ (නදී)
තානාපති කාර්යාල වල ඉන්න සුදුස්සන්ට කොන්ද කෙලින් තියාගෙන වැඩක් කරන්න බැහැ වගේ. පේන හැටියට ඒවා හරියන්නේ ලංකාවේ සා පෙළ පාස් කරගන්න බැරිව පිට රට යවපු ලොක්කන්ගේ සහ හෙන්චයියන්ගේ ළමයින්ටයි නෑදෑයන්ටයි ද කොහෙද (නදී)
ඔය යන ක්‍රමය හොඳයි (නි)
මේවා ඉතින් අපිට පුරුදු දේවල්නේ! (නි)
දැන් බන්දුල පෙරේරා කියාවි මේවා හැම රටවලම රාජ්‍ය තාන්ත්‍රික සේවාවේ තිබෙන පොඩි පොඩි ප්‍රශ්න ..මෙතන එසැන පුවත් තීරයේ අපි ඒවා ලොකු කරගෙන දඟලනවා කියලා. (නදී)
ඉතාලි තානාපති තුමනි ,රාත්‍රී බෝජන දෙනවා නම් ටිකක් කල්පනාවෙන්. ඔය කියන චන්ඩි මන්ත්‍රීත් දැන් කට්ටිය එක්ක ඉතාලි ඇවිල්ලා නේද. (නදී)
අන්තිමට කොහොම හරි අපිට ක්‍රිස් නෝනිස් වගේ වැදගත් මනුස්සයෙක් නැතිවෙන එක ගැනයි දුක (නදී)
රටේ අනෙකුත් උදවියට කලින් ආදර්ශයක් විය යුතු උදවිය නේද මේ ? ලෝකෙටම සංවර්ධනය පෙන්නලා වහන්න පුළුවන් දේවල් නෙවෙයි මේ. ලංකාවේදී කෙසේ වෙතත් පිටරටකදී වත් හැසිරෙන හැටි දන්නේ නැති කට්ටිය රාජ්‍ය තාන්ත්‍රික සේවයේ යෙදෙන විට අමාරුවේ වැටෙන්නේ සාමාන්‍ය මහජනයා නෙවෙයි රටේ ප්‍රධාන පුරවැසියා. (නදී)
දැන් බන්දුල පෙරේරා කියාවි මේක රජයට මඩ ගහන්න විපක්ෂය කරපු වැඩක් කියලා. (නදී)
ක්‍රිස් නෝනිස් මහත්මයා ගෙදර ගියා, ගහපු එකා ඉතාලි ගියා. (නදී)
ගුගල් ගිහිල්ලා " සුභ අනාගතයක් " බලන්න. (නදී)
සාධාරණ තීන්දුවක් ලැබේවා! (නි)
අමරබන්දු මහත්තයා, හරි ලංකාවට මේ ගහ ගැනිලි අරුමයක් නැහැ කියමුකෝ. එ්ත් ජාත්‍යන්තරයේ සම්භාවනීය උගත් රාජ්‍ය තාන්ත්‍රික සේවාවේදී මේවා සුළු දේවල් ද ? ඔබතුමා මේක හරියට ගෙදර ඇතුලේ වුන පොඩි පහේ වචන හුවමාරුවක් වගේනේ කතා කරන්නේ. විශේෂයෙන් ම විදේශීය රාජ්‍ය තාන්ත්‍රික සේවාවකට සම්බන්ධ නම් තමන්ගේ ආවේග හෝ වෙනත් පුද්ගලික ආරවුල් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්න සුදුසුද ? හොස්ස ලඟින් මැස්ස යන්න බැරි නම් විදේශ දුත සේවා, කටයුතු කරන්න පුලුවන්ද ? (නදී)
මීටපෙර පැවැත්වූ පරීක්ෂණ සහ කොමිෂන් සභා වලින් ලබාදුන් තීන්දු සහ යෝජනා වලින් රටේ සුභසිද්ධියට සිදු වූ අනුපමේය සේවය සළකා බැලීමේදී මේකටත් පරීක්ෂණයක් පැවැත්වීම අතිවිශිෂ්ට ක්‍රියාවක්. (නි)
කොහෙද අමර බන්දු අපේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික සේවාවේ මහජනයාට අරුමයක් නොවන ගහ ගැනිලි මීට පෙර තිබුනේ ? මේ මොන ලැජ්ජා නැති කතාවක්ද ? අපේ විදේශීය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ජයන්ත දනපාල වැනි අති දක්ෂ ජාත්‍යන්තරයේ පිළිගත් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් බැබලුන එකක් කියල ඔබ අහල නැතිව ඇතී. ඔබ නිකන් කතා කරන්නේ අපේ විදේශීය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නිතර චන්ඩි ගහගන්න ගමේ බජාර් එකක් ගානට දාලානේ. (නදී)
යුක්තිය කෙසේ ඉටුවේද කියා බලා සිටිමි (නි)
රාජ්‍ය සේවාව හෝ මොන සේවාව වුනත් කෙනෙකුගේ ප්‍රසිද්ධ සභාවක හෝ ස්ථානයක හැසිරීම් සහ මහත්මා ගති තීරණය වෙන්නේ පවුල් පසුබිමෙන්. (නදී)
උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් (නදී)
අපක්ෂපාති පරීක්ෂණයක් පවත්තල මේ වැරැද්ද හරි ගස්සන එක හොඳයි. (නදී)
කොසොල් රජ තුමාගේ හීන සැබෑ වෙන්නේ ලංකාවෙන් මිසක් වෙන කොහෙන්වත් නෙවෙයි. (නදී)
බොහොම ලැජ්ජයි.! මේ රට නියෝජනය කරන කට්ටිය ගෙන් සාමාන්‍ය මහජනතාව වන අපිට දකින්න සුදුසු දේවල්ද ? (නදී)
ආශ්චර්ය කරා යන ගමනේදී මෙහෙම බාධක හමුවෙනවා (නි)
එයා මට ගැහුවා, මට එයා ගැහුවා... අන්තිමට මම මටම ගැහුවා. (නි)
ඔබතුමා සාධාරණයක් ඉටුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු (නි)
ක්‍රිස් මහතා දිගුකලක් එංගලන්තේ සිටි නිසා වැඩි විස්තර දන්නේ නැතුව ඇති. ගුටිකාපු කෙනාට විරුද්ධව මිසක් ගුටිදීපු කෙනාට විරුද්ධව අපේ ලංකාවේ කටයුතු කරනවා අඩුයි (නි)
රටේ නම්බුව නැතිකරන්න කටයුතු කරනවා නම්, කවුරු කළත් ඒක වැරදියි. (නි)
මෙතුමාට තිබුනේ ඇමරිකාවේ පොලිසියේ පැමිණිල්ලක් දාන්න. නුගත් චන්ඩි දේශපාලනය කරනකොට ඔහොම තමා. (නදී)
මේ ගැන කියන කට්ටිය වැඩි හරියක් කියන්නේ ඉවසීම තිබීම උසස් කෙනෙකුට අවශ්‍ය දෙයක් කියලනේ. ඉක්මන් කේන්තිය කියන එක නැත්තේ අපේ බුදුහාමුදුරුවන්ට පමණයි. මේ සිද්දිය උනේ ජනාධිපතිතුමා අහලක නැති විට බව ඊයේ රූපවාහිනි පුද්ගලික නාලිකාවක කිය උනා. ටිකක් අෑතින් ඉන්න ඇති. කොහොමටත් වාස් මහත්තයව ඔය වගේ තනතුරකට පත් කරන්නේ සුදුසුකම් ඇති නිසා නේ. මේ ප්‍රශ්නයට අතිගරු ජනාධිපති තුමා නිවැරදි විසඳුමක් දේවි (නදී)
රට වෙනුවෙන් කතාකරන්න කට තිබෙන සහ කොන්ද පන තිබෙන මේ වගේ වටිනා කෙනෙකුට අතක් ඉස්සුවේ කවුද? (නි)
ඉලේපෙරුමගේ කතාව හරි. ක්‍රිස් නෝනිස් මහතා නියම මහත්මා ගති තිබෙන පුද්ගලයෙක්. (නි)
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
දැන් කාටද මේකේ ලැජ්ජාව? ඉස්සර විදේශ සේවයට යන අයගේ සහ ඒවාට සම්බන්ධවෙන අයගේ යම්කිසි ගුණාත්මක මිනුම් දණ්ඩක් තිබුනා. දැන් තිබෙන සුදුසුකම් ගැන කතාකරලා වැඩක් නැහැ. (නි)
නෝනිස් මහතාගේ ව්‍යාපාර වලට දෙයියන්ගේම පිහිටයි දැන් ඉතින්. බේර ගන්න තියෙන එකම ක්‍රමය නම් 'මට මන් ගහ ගත්තා' කියන එකයි. (නදී)
මේකට පරීක්ෂණත් කරනවද? (නි)
ඔය සියල්ලටම මුල එක්තරා ගැහැණු කෙනෙක් නැවත නෝනිස් මහතාගේ පුටුවට එන්න අර අදින එක. සියලු ගැටුම්, ගැරහිලි මීට අදාලයි. (නදී)
පරීක්ෂණ පවත්වන එක නම් හොඳයි (නි)
අමාර බන්ඳු, ඔය කියන ඇමති තුමාගේ උගත් කම සහ සුදුසු කම මම වඩාත් හොදට දනිමි. ඔහු මගේ නෑයෙක් මෙන්ම ගමේම කෙනෙක් නිසා. (නදී)
අමරබන්දු, ශ්‍රීලංකා තානාපති සේවයේ ඉන්න 95% කටම කිසිම සුදුසු කමක් නැති බව නුඹ නොදන්නේද. යටත් පිරිසෙයින් පුවත් පත් මාධ්‍යකරුවන්ට විශ්ව විද්‍යාල උපාදියක් වත් තියෙන බව ආඩම්බරයෙන් කියන්න කැමතියි. එ්ක තමයි ලංකාදීප පුවත් පත බොහොමයක් කියවන්නේ. අනික මට කියන්න 'අති ගරු ' කියන එකේ තේරුම. මම දන්නා විදිහට නම් එ්කේ තේරුම නම්, කිසිම වේතනයක් හෝ ලාබයක් නොගෙන ජනතාවට සේවය කරන උතුම් පුද්ගලයෙකුට දෙන ගෞරව නාමය. (නදී)
ඇමතිතුමා මොකද කියන්නේ මේ ගැන? (නි)
මට මතක් උනා අමර බන්දු මහත්තයෝ කීමක්. 'මග හිටියත් තෝ නසී-ගෙදර ගියත් තෝ නසී'. එක එකාගේ තාන්න මාන්න නොගෙන හිට්යොත් දියුණුවෙන්න පුළුවන්. මතකනේ පහුගිය කාලේ මැතිණියන් දෙන්නෙකුට වුන දේ. එක නඩුවක් තාම ඇදීගෙන යනවා. කඩේ ගියාට කමක් නැහැ,මල්ල අරගෙන යන්නෙපා. (නදී)
මේ වගේ මන්ත්‍රීලා ආරක්ෂා කරන අය ගැන ඉදිරි මැතිවරණය තුලදී ජනතාව බුද්ධිමත්ව පිළිතුරු දිය යුතු වනවා .කෝ මේ කොන්ද පන නැති දේශප්‍රේමී වාමාංශික යි කියාගන්න ආණ්ඩුවේ මන්ත්‍රීලා හා ඇමති ගොල්ල චම්පික ඇමතිතුමා පමණක් මේ ගැන කතා කර තිබුනා. ඔහුට සැමගේ ප්‍රණාමය (නදී)
සිලගේ පළවෙනි වැකියෙන්ම තානාපති වරුන්ට සුදුසුකම් නැහැ කියනවා. ඉතින් ගුටි කන එක අහන්න දෙයක්ද? අනික මම කියල දෙන්නම් "අතිගරු" කියන එකේ තේරුම. වචනවල බාහිර අරුත ගන්නවා නම් "ඉතාම ගරු කලයුතු" යන්නයි. එයින් අදහස් කරන්නේ වැටුප් නොලබනවාය කියන එක නොවෙයි. මම හිතන්නේ සිලා කියන්නේ "ගරු රඟපෑම්" කියන ගරු කෙල්ලට වෙන්න ඇති. මොනවා කරන්නද ? ඉස්කෝලේ ගිය නැති අපේ නැන්දත් ඔහොමමයි. (නදී)
මම හිතන්නේ අමරබන්දු මහත්තයට සිංහල කියවන්න අමාරු වගේ. 95% කියන්නේ 5%ක් පමනකටයි තානාපති සුදුසුකම් තියෙන්නේ. එයින් එක්කෙනෙක් තමයි දොස්තර ක්‍රිස් නෝනිස්. සිංහල ශබ්ද කෝෂය කියවල සිංහල භාෂාව ගැන හොද දැනුමක් ලබා ගන්න. ඔය පොත පිටරටවල නැහැ. එක අතකින් දේශපාලකයෝ ගරු රගපෑම් කරන බව ඕන මෝඩයෙක් දන්නවා. මම හිතන්නේ ඔබ තමන්ගේ නැන්දටත් අපහාස කරන පුද්ගලයෙක්. (නදී)
හැකි ඉක්මනට විදේශ රාජ්‍ය තාන්ත්‍රික සේවාව සංශෝධනය කර රටේ නම්බුවත් තියාගෙන හරියට වැඩක් කරන්න පුළුවන් දක්ෂ නිලධාරින් පත්කළා නම් නේද හොඳ? ඒවගේම ඒ උදවියට ඒ වැඩේ කරගෙන යන්න නොදී හොටදාන දේශපාලක බලවේග ගැනත් සොයාබලන්න ඕනෑ. සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතු ප්‍රධානම තැන තමා රාජ්‍ය තාන්ත්‍රික සේවය. එතන හරියට වැඩක් කෙරෙන්නේ නැත්නම් අපි ජාත්‍යන්තරයට ගිහින් කොච්චර බෙරිහන් දුන්නත් වැඩක් නැහැ. (නි)
සීලා, අමරබන්දු වෙලාවක ඔය දෙන්න අපේ ගෙදර එන්නකෝ තේ එකක් බීල යන්න (නදී)
රවින්ද්‍ර සහ අජිත් වෙත. මහජනයාට මෙවැනි ගහ ගැනිලි අමුතු දේවල් නොවේ. ඒවායින් කාටවත් ලැජ්ජාවක් ඇතිවෙන්නෙත් නැහැ. හැමදාම කාලය විසින් ඒවා මකා දානවා. මේවා අපට මාතෘකා වෙන්නේ ටික දවසකට පමණයි. එක එක තාලෙන් මේකට අර්ථකථන දුන්නට නියම ඇත්ත එළිවෙන්නේ අමාත්‍යංශ ලේකම්ගේ නඩුවේ තීන්දුව ආවාට පස්සේ බව පැහැදිළියි. සචින් වාස් මහතා පහර දුන්නාය කියන එක ගැන මට හිතෙන්නේ බලය පාවිච්චි කිරීමක් ලෙස නොවෙයි. මොකක් හෝ කේන්ති යන දෙයක් වෙන්න ඇති. පාලනය කරගන්න බැරිම තැන ෆයර් වෙන්න ඇති. නඩුවේදී කරුණු අනාවරණය වෙයි. (නදී)
සීල, අමරබන්දු කියන ඒවා ගණන් ගන්න එපා. එයාට සිංහල තේරෙනවා අඩුයි. එයා වැඩ කරන්නේ විදේශ සේවයේ වගේ. ප්‍රවේසම් වෙන්න. (නදී)
අපේ කට්ටිය හෝ ගලා බන්දුල පෙරේරාව හොයනවා. දන්නේ නැද්ද එතුමත් අපේ දුත පිරිස සමග රෝමේ ගියා (නදී)
අමරබන්දු, දන්න බම්බුව. ගරු කියල යොදන්නේ ස්වෙච්චා හෝ නොමිලේ සේවාවන් නැතහොත් ගමේ සමිති සමාගම්වල නිලතල දරන උදවියගේ තනතුරු වලටයි. උදාහරණ ලෙස ගරු ලේකම් ගරු සභාපති ගරු භාණ්ඩාගාරික වගේ, මේ අපේ රටේ මිනිස්සු "ලක්ෂ ගණන් පඩි ගන්න තනතුරුවලට ඔය "අති ගරු" කියන පට්ටම දාගෙන නැහැ. එ්ක දාන්නේ ඒගොල්ලන්ගේ වන්දි භට්ටයෝ. ලංකාවේ කිසිම ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් ඇමති කෙනෙක් තමන්ගේ නම ලියනකොට ඔය ගරු කියල ලියා ගන්නේ නැහැ. ඒවා දාල ඒගොල්ලන්ව පුම්බන්නේ ඊට පහලින් ඉන්න පිරිස. ඒකට ඒගොල්ලන් නිශ්ශබ්දව ඉන්න එකයි මෙතන තියෙන වැරැද්ද. මේක ලොකු වරදක්. අර මම කලින් කිව්වා විධියේ ගම්වල සමිති සමාගම්වල නොමිලේ වැඩ කටයුතු කරන නිලධාරීන්ට කරන අවමානයක්. අමර බන්දු කියන විධියට" ඉතාම ගරු කලයුතු "කියන අදහස පෙරට දාල හඳුන්වන්න පුළුවන් දේශපාලකයෝ අපේ රටේ ඉන්නවද? (නදී)
අමරබන්දු, මීටපෙර දේශපාලකයෙක් සම්බන්ධ නඩුවකදී, කොමිෂන් සභාවකදී, පරීක්ෂණයකදී "කරුණු අනාවරණය" වූ අවස්ථාවක් පොඩ්ඩක් පෙන්වා දෙනවාද? (නි)
අමරබන්දුගේ ගම කොහෙද කියලා මෙතන කතාකරන දේවල් වලින්ම පේනවා. (නි)
ඇත්තට අමරබන්දු, ලැජ්ජා නැද්ද රාජ්‍ය තාන්ත්‍රික සේවාව මෙහෙම බාල්දු කරන්න? හරියට දේශපාලකයන්ට තියනවානේ සුදුසුකම්. ගුටිකන එක නම්බුයි කඩේ යනවාට වඩා. (නි)
වෙන්න යන දේ නම් පැහැදිලියි. (නි)
ජනාධිපති ඉන්න තැන හැසිරීම මෙහෙම නම් අනිත් තැන් වලදී හැසිරීම ගැන කතා කරලා වැඩක් නැහැ නේද? (නදී)
අමරබන්දු මහත්තයට සිංහලත් බැහැ ගණිතයත් බැහැ (නදී)
මේ ලියන මට වෙනත් ආණ්ඩුවක් හෝ වෙනත් නායකයෙකු දැන්ම අවශ්‍ය නැහැ. එහෙත් මිනිස් නිදහස, විනය, ඉතා ප්‍රදානව, හොර මැරකම් වහා නවතා දැනට ඉන්න හොරුන්ට සහ තක්කඩින්ට වහාම දඬුවම් දිය යුතුයි. පාර්ලිමෙන්තුවේ සිට අනෙකුත් නිලදාරී තක්කඩින් එම නිල තලවලින් පන්නා දැමිය යුතුයි. නැත්නම් අපේ රට අගාදයට යනවා. (නදී)
ඔය පරීක්ෂණ කාලය කාල දාල ප්‍රශ්නේ යට ගහන්න කරන ගේමක් කියල ලංකාවේ පහුගිය දවස් වල තිබුණු පරීක්ෂණ ගැන දන්නා හැමෝම දන්නවා. කොහොමත් යමෙක්ගේ වරදකට පරීක්ෂණයක් පවත්වනවා නම් එයාව ආයේ ඊළඟ විදේශ සංචාරේටත් එක්කන් ගියේ ඇයි? ලෝකේ පිළිගත් රාජ්‍යතන්ත්‍රිකයෙකුට දේශපාලකයෙක් පහර දුන්නහම කව්රු එ්ක යට ගහන්න හැදුවත් බුද්ධිමත් ජනතාව රවට්ටන්න බැහැ. මෙච්චර කල් ජනතාව රජයේ හැම උද්දච්චකමක්ම රට වෙනුවෙන් ඉවසගන හිටියට දැන් ඒකාලේ ඉවරයි. ඕවටත් එක්ක උත්තර මීළඟ මැතිවරණයෙන් ලැබෙයි. (නදී)
සරත් ෆොන්සේකාටත් උනේ ඔය ටික තමයි (නදී)
මේක හොඳම විහිලුව. සමහරු ඉල්ලනවා ජනාධිපතිගෙන් සාධාරණයක් කරන්න කියා. අම්මපා මේ මිනිස්සු ඉන්නේ ලංකාවේ නෙමෙයිද? (නදී)
ක්‍රිස් නෝනිස්ම ගහගෙන. සජින් වාස් කියන කෙනා අහිංසකයෙක්. (අ)
නියම තානාපතිවරයකුට හිටියේ මෙතුමා විතරයි. ඔතනටත් නෑදෑයෙක් දාගත්තා නම් නරකද? ?ඇත්ත තිත්තයි (නදී)
මෙහි ඇත්ත නැත්ත මහජනයාට ප්‍රකාශ කලයුතුයි.(අ)
අමර බන්ධුට ලැජ්ජාවක් නැතිව ඇති. ප්‍රසිද්ධ සභාවකදී හෝ වේවා පිටරටකදී හෝ වේවා තමන්ගේ කෝපය පාලනය කරගන්න බැරි අයවද ලංකාව නියෝජනය කරන්න විදේශ සේවයට අනුගත කල යුත්තේ. (නදී)
ඇත්තටම අමරජීවගේ මොලේ හොඳ නැද්ද ? කාලයා විසින් අමතක කරන්න මේක අඹුසැමි ආරවුලක්ද ? තානාපති සේවය කියන්නේ මොකද්ද කියල ඉස්සෙල්ලා කාගෙන් හරි දැනගන්න අමරජීව මහත්තයෝ. මෙහෙම වැඩ නිසා කළු පැල්ලමක් වැටුන පසු අපේ රටේ තානාපති කාර්යාල වල කෙනෙකුට අනෙකුත් රටවල් වලින් උත්සවයකට වත් කතා කරන එකක් නැහැ. (නදී)
ජනාධිපතිතුමනි, මේ ගැන සාධාරණයක් ඉටුකරනතෙක් අපි බලාසිටිමු (නි)
අනේද කියන්නේ. (නදී)
බන්දුල පෙරේරා දැන් අමර බන්දු වෙලා. සමහර වෙලාවට ගැහැණු නමකින් එනවා. අනේ මේ මනුස්සයා අදින්නේ මොන ජාතියේ යට ඇදුම්ද දන්නේ නැහැ. ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැහැ. (නදී)
නොවැදගත් මිනිසාට වැදගතා වැඩකට නැත. (නදී)
චන්දිම, පුක්කුස වීරේ, ඔබලා හරි. ඒ වගේම සියලුම ප්‍රතිචාර අනර්ගයි. ක්‍රිස් නෝනිස් මහතා ගේ සේවය අමරනීයයි. උතුම් ගති ගුණ ඇති පුද්ගලයෙක්. අනිත් දෙන්නා දැන් ඉතාලියේ විනෝද සංචාරයක. (නදී)
නම්බු පිටින් සමාව ගෙන වැරදි හදා ගත්තානම් ඉවරයි. වැරැද්ද නිවැරැද්ද තේරෙන්නේ මනුෂ්‍යන්ට පමණයි. සාධාරණ පරීක්ෂණ කියලා දෙයක් ලංකාවේ තියනවාද අපට මානව හිමිකම් කඩවන බවට චෝදනා කරන ඇමරිකාවෙදීම තමන්ගේ තානාපති නිලධාරීයාට මෙහෙම පහර දෙන මන්ත්‍රීවරු ඉන්න රටක් ගැන මැවෙන ප්‍රතිරූපය ගැනත් ඒ පිලිබදව ගන්නා ලද පියවර ගැනත් අපටම ලැජ්ජාවට පත්වී රට අපකිර්තිමත් වන බවත් සැලකිල්ලට ගැනීම වටී (නදී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (නදී)
හරි බලය නිසා නෙමෙයි තරහ ගිහිල්ලයි ගැහුවෙ කියමුකො. එහෙනම් කරන්න තියෙන්නෙ කනෙන් ඇදන් ගිහින් කුඩුවට දාන එකයි. තව ටික දවසකින් නෝනිස් මහත්තය කුඩුවේ කියල ආරන්චි උනොත් පුදුම වෙන්න දෙයක් නැහැ. (නදී)
තානාපති සේවයට ලැජ්ජාවක් අවශ්‍ය නැතිනම් ඒක අවශ්‍ය කොතනටද කියල අමර බන්දු මහතා කියනවද ? (නදී)
රටේ මහජන ඡන්දයෙන් කුමන පක්ෂයක් හෝ නියෝජන කරන දේශපාලකයන් සම්බන්ද පැමිණිලි විභාග කිරීමට සෑම ප්‍රදාන පක්ෂයකින් ම නියෝජිතයන් ගෙන් එකතු වූ කමිටිවුවක් අවශ්‍ය වී ඇත. (නදී)
අපිට අාරංචි උනා විදේශ කටයුතු අමාත්‍යංශයේ පාලනය සියතට අරන් කියලා. (නදී)
හයිවේ එකේ දී ඇමතියව අල්ලපු පොලිස් නිලධාරියට වෙච්ච දේ මතකද? මේක එකේ අනිත් එක. ආශ්චර්ය බොලව් ආශ්චර්ය… හැබැයි ඔය කෙලි තව ටික දවසයි. (නදී)
නියෙමෙටම තියෙයි. කාටද මේවා කියන්නේ (නදී)
නෝනිස් මැතිතුමා කාන්තාවකට පහර දීමට තරමේ පහත් වැඩ කරන්නෙක් නොවේ. අති බලසම්පන්න මන්ත්‍රී තුමාට කඩේ යාමක් මේක (නදී)
දන්නේ නැති නිසයි අහන්නේ විදේශ ලේකම්වරිය පත් උනෙත් හරි පාරේද ? (නදී)
මෙය කෙසේ කීවත් ඕක ලස්සනට ෂේප් කරලා දායි (නදී)
දැක්ක නේද ? තමන්ගේ ගෝලයා බේරා ගන්න ගහපු ගැටේ (නදී)
නෝනිස් මහතා පැටලුනේ හරිම කරදරයක තමයි. කාට කාටත් මේවා හොඳ පාඩම්. (නි)
රටේ සල්ලි වියදම් කර ඔන්න ලොකු ලොක්කෝ කීප දෙනෙකුට එංගලන්තේ සවාරියක් (නදී)
අපේ දේශප්‍රේමි මන්ත්‍රීවරුන්ට අභූත චෝදනා නැගීම බටහිර කුමණ්ත්‍රනයක් විය යුතුයි. (නදී)
මේ පරීක්ෂණ නිකම් බොරු කතා. (නදී)