ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි කෑගල්ල දිස්ත‍්‍රික්කයේ නාය යෑම් සහ ගංවතුර නිසා අපදාවන්ට ලක්වූ පවුල් සඳහා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් අක්කර 800 ක නිවාස 3000 ක් ඉදි කිරීමට කටයුතු කරන බව කෑගල්ල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුව පවසයි.
මෙම කමිටුවේ සම සභාපතිවරුන් වන ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, ඇමැති රංජිත් සියඹලාපිටිය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් තෙදිනක් පුරා කෑගල්ල දිස්ත‍්‍රික් ශ‍්‍රවණාගාරයේදී මෙම කමිටුව රැස්විය.
මේ සදහා රජය ජනවසම පුද්ගලික වතු සමාගම් මගින් පාලනය වන හා පෞද්ගලික හිමිකාරීත්වය සතු ඉඩම් අත්පත් කරගැනීමට ද රජය මේ වන විට කටයුතු කරමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන ජනාධිපතිතුමනි, ඔබතුමාගේ වචන වලට ශක්තිය එකතුකරන්න කෑගල්ල මිනිසුන්ට දෙන්න. (නි)
මේ ගතවෙන දිනයක් පාසා අසරණයින් කඳවුරු වල නොවිඳිනා දුක් විඳිනවා (නි)
ඇමතිලා 100 කට ආසන්නව ඉන්නවා හැම දේම ජනාධිපති නියම කරන්න ඕනේ. පසුගිය රජයේත් එසේමයි. ඇමතිලා මොනවාද කරන්නේ ? (බ)