මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රින් හතලිස්දෙනෙකු රුසියාවේ සංචාරයට යෑම ජනපති අනින් නතර කරන බව නිලූකා ඒකනායක ආණ්ඩුකාරවරිය කියන්නීය.
එහි මුල් කණ්ඩායමේ මන්ත්‍රින් තිස්දෙනෙක් රුසියා යෑමට දැනටමත් කටුනායක ගුවන් තොටට ගොස් සිටී. මෛත්‍රිපාල ජනපති නිව්යෝර්ක් නුවර සිට කොළඹට පැමිණි වහාම තමාට කතා කොට දොස් කිව් බව ආණ්ඩුකාරවරිය කියන්නීය. මෙම ගමන ගැන තමාට නොකීවේ මන්දැයි ජනපති ආණ්ඩුකාරවරියගෙන් විමසා ඇත.
ඇය පවසා ඇත්තේ ජනපතිගේ අවසරය වාචිකව ලැබුනු බවට මධ්‍යම පළාත් මහ ඇමති ලිඛිතව තමාට දැනුම් දුන් නිසා තම අනුමැතියද ඊට ලබාදුන් බවයි.
දැනට ගුවන්තොටට ගොස් සිටින මුල් කණ්ඩායමේ චාරිකාව නතර නොකරන ලෙසටත් දෙවැනි කණ්ඩායමේ ගමන නතතර කරන ලෙසටත් මින් පසුව චාරිකා සඳහා අවසර නොදෙන බවත් තමාට දැනුම් දුන් බව නිලුකා ඒකනායක ආණ්ඩුකාරවරිය පවසන්නීය.
මධ්‍යම පළාත් සභාව මුදල් අර්බුදයකටද මැදිව සිටී




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගිය වියදම අයකර ගැනීමට විගණනයේදී නිර්දේශ කළයුතුයි. මොනදේකට වුණත් නීති රෙගුලාසි හා සම්ප්‍රදායන් තියනවා. ඒවා අනුගමණය නොකරන අයට දඬුවම් කළයුතුයි (නි)
ඔය ඇමෙරිකාව එංගලන්තේ වගේ රට වලට ගියාට කමක් නැහැ. හැබැයි රුසියාවට චීනෙට එහෙම ගියොත් ඇමෙරිකාව තරහවෙයි (නි)
ප්‍රතිපත්තියක් නැති රටක් මේක. (නි)
ඉතින් මේ අය ආයෙත් මජනතව පත්කර ගන්නවා. ඉතින් ජනතා කැමැත්ත ඇතුවයි මේ අය යන්නේ. මහජන මුදල් කියා දෙයක් තියෙනවද? මම නම් දන්නේ නැහැ. අපි හිතන්නේ ඒ සල්ලි රට කරන අයට අයිතියි කියලා (නි)
මුලින් ගිය කට්ටිය ආණ්ඩුවේ අයද? (නි)
කොහොම වුණත් මේ අයට මහජන මුදල් අවභාවිතය යටතේ නඩුවක් නම් දාන්නම ඕනෑ (නි)
අය-වැය පරතරය පියවන්න මුදල් නැතිවුණාට දේශපාලකයන් රට යාම / කාර් ගෙන්වීම /දීමනා වැඩි කරගැනීම් වලින් නම් අඩුවක් නැහැ. (නි)
ඔතන ඉන්නවා ගියපාරත් ගිහින් පස්ස බිම ඇනගත්තු අය. (බ)
මේගොල්ලෝ යන්නෙම එකම වගේ රටවලටමනේ? (නි)
අපේ ඡන්දෙන් ගිහින් දැන් දෙගොල්ලෝ දෙගොල්ලන්ගේම පිට කහගන්නවා වගේ නේද පේන්න තියෙන්නේ. (නි)
දුප්පත් මිනිසුන්ගේ බත්පතින් ගහන ටැක්ස් මුදල් මේ වගේ දේවලට යොදවන එක කණගාටුවට කරුණක් (නි)
පත්තරෙන් දැකලා නෙමෙයිනේ (නි)
මෙතන තියෙන්නේ රට මොකක්ද කියන ප්‍රශ්නයක් නොවෙයි. අපේ ජාතික ධනය පිළිබඳ ප්‍රශ්නයක් (නි)
ජනපති රටේ සිද්ධවෙන කිසිම දෙයක් දන්නේ නැහැ. දැන් නම් හරිම සනීපයි යහපාලනේ අපිට (නි)
මහ ඇමති ජනාධිපතිව ගොනාට අන්දලාද ? ජනාධිපති රටේ ජනතාව ගොනාට අන්දනවද එක කණ්ඩායමකට යන්න දීල ? (බ)
රටකට වෙන්න යන විපත ගැන ආයේ වෙන මොනා උදාහරණද .(බ)
අර දෙවෙනි කණ්ඩායම පවු නේද ? ඕක තමා කියන්නේ අපායට ගියත් කලින් යන්න ඕන කියල. (බ)
රටේ ජනතාවගේ බදු මුදල් තමන්ට ඕනෑ විදියට භාවිතා කළ නොහැකි බව මේ අයට කියාදිය යුතුය. (නි)
අන්න යහපාලනය! (නි)
අපායට ගියත් කලින් යන්න කියන්නේ ඒක තමයි (නි)
අපේ පාර්ලිමේන්තුවේ කවදාවත් ගුවනින් ගිහින් නැති මන්ත්‍රීලා හුඟක් ඇති. මේ අයව කණ්ඩායම් වශයෙන් අපේ ගුවන් යානාවකින් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව තුළ අපේම රට පෙන්වනවා නම් ඒ අයට කෙරෙන ඉතා හොඳ සැළකීමක් වෙනවා. (නි)
ඔය කට්ටිය මේ අවුරුද්දේ ජනවාරි මාසේ සිංගපුරුවට ආව. කරපු වැඩක් නෑ. ෂොපින් ගියා. එක්කෙනෙක් සුමානයක් හිරෙත් හිටයා. වෙන කරපු දෙයක් වත් , අධ්‍යනය කරපු දෙයක් වත් නෑ. මේ අවුරුද්දෙ දෙවැනි ට්‍රිප් එක ඔය. (අ)
ගුවන්තොටට ගිහිල්ල හිටපු එවුන් ආපහු ගෙනෙන්න බැරි මොකද. (බ)
ඕකත් පත්තරෙන්නෙ දැක්කේ ඒකනේ ඵක කණ්ඩායමක් යනකල්ම දන්නැත්තේ (බ)
රටේ භාණ්ඩාගාරේ හිදිලා මිනිස්සුන්ට බදු ගෙවල වැලේ වැල් නැතුව ඉන්න රටේ ජනාධිපති, අගමැති, ඇමතිලා අවුරුද්ද පුරා ලෝකේ වටේ සවාරි යන රටක ඊට පහලින් ඉන්න අයත් යන්නේ තමන්ගේ ලොක්කෝ යන අඩි පාරේම තමා (බ)
විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් කතාකරනකොට මතක් වුනේ... එතකොට අර කවුද මේකට වාචික අනුමැතියක් දීල තියෙන්නේ....? ආනන්ද මන් මේ දන්නේ නැති නිසා ඔයාගෙන් ඇහුවේ...(බ)
ජනපතිතුමා ගැන ආඩම්බරයි (නි)
නාස්තිය, මහජන මුදල්... (නි)
පළවෙනි කණ්ඩායම කොහොමහරි ගිහින්නේ!
මධ්‍යම පළාත් සභාව දැඩි මූල්‍යය අර්බුදයක පවතින අවස්ථාවක මහජන නියෝජිතයින් මෙවැනි සංචාරයක නිරතවීම අනුමත කළ නොහැකියි (නි)
හොඳ වැඩක්. මේ ගමන් බිමන් තමන්ගේ මුදල් වලින් කරනවා නම් එක්කෙනක්වත් යන්නේ නැහැ. නිකම් දෙනවා නම් හිසරදෙත් ගන්න අපිට හොඳ පාඩමක්. මේ වගේ මැති ඇමතිවරුන්ගේ ගමන් බිමන් වගේම මිලියන්සිය ගණන් වියදම්කර ගන්න නානාප්‍රකාර වාහනත් නතරකර හැම කෙනෙකුටම එකම වහනයක් ලබා දුන්නම හරියටම හරි. මාධ්‍යම පන්තියේ වාහන වලිනුත් ගමන් බිමන් යන්න බැරි නැහැනේ. (නි)
කොහොමහරි අවශ්‍ය අය යන්න ඇති සැළසුම්කළ පරිදිම (නි)
මේ විදේශීය සංචාර වලට වැයවන්නේ මහජන බදු මුදල්. එමනිසා මේ විදේශීය සංචාර වලින් මහජනයාට ලැබෙන සෙත කුමක්ද කියා රජය විසින් පැවසීම රජයේ යුතුකමයි. අද රටේ එදිනෙදා කටයුතු කරගෙන යාමට පවා විදේශයෙන් ණය ගැනීමට සිදුව තිබෙනවා. මෙවන් තත්වයක් යටතේ මෙවැනි විදේශීය සංචාර වලට යන වියදම් සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතුයි (නි)
මේ අය යවන්න තිබුනේ සයිබිරියාවට.
ආපසු ආ පසු ගමනින් උගත් කාරණා වාර්තාවක් එක් එක් අය දියයුතුයි. අවිධිමත් මුදල් නාස්තිය ගැන මහ ඇමති සහ ආණ්ඩුකාරවරිය වගකිවයුතුය. ඔහොම ආණ්ඩු කළොත් නුවරත් ඉවරයි, රටත් ඉවරයි. (නි)
ඒ කට්ටිය ආදර්ශයට ගත්තේ කවුරුන්වද කියලත් පොඩ්ඩක් හොයාබැලුවොත් නේද හොඳ? (නි)
අපි බදු ගෙවන්නේ මේගොල්ලන්ට රට සවාරි යන්න නොවෙයි. රුසියාවට යන්නේ රුසියන් ක්‍රමයට පළාත් පාලනය කරන්න ඉගෙනගන්නද? අනික අවුරුදු 15 පමණ පාසල් ගිහිල්ලා ඉගෙනගන්න බැරිවුණ අය සුමාන දෙකෙන් ඉගෙනගන්න, මොන භාෂාවෙන්ද ඉගෙනගන්නේ? මේගොල්ලන්ට කියන්න වෙලාවට වරිපනම් නොගෙව්වොත් දේපල රාජසන්තක කරනවා කියලා. (නි)
ජනතා සේවකයෝ ඔක්කොම රට ගිහිල්ලා... (නි)
එතකොට මහ ඇමති කළ දේ හරිද? නමුත් ඔබතුමියට වගකීමක් තියනවා මෙවැනි ගැටළු මැද මෙවැනි ගමන් යාම ගැන දෙපාරක් හිතන්න. මේවා මහජන මුදල් කියන එක අමතකද? ඔබතුමිය ජනපතිතුමාට වගකියන්න බැඳී ඉන්නවා කියන බවත් අමතකවෙලා ගියාද (නි)
මේවා මේ කාට පෙන්නන්නද කරන්නෙ? හිතන්නෙ අපි මෝඩයෝ කියලද? අපේ පාර කැඩිලා, ඒක හදලා දෙන්න මධ්‍යම පළාතේ හැම කෙරුමෙකුටම කිව්වා. උවමනා ගණන ලක්ෂ 5ක් විතරයි. සල්ලි නැති නිසා කියල ඒක කෙරුනේ නැහැ. අපි මුදල් එකතු කරගෙන ශ්‍රමය වැය කරගෙන පාරේ කොටසක් හදාගත්තා. ලක්ෂ 5 ක් වැය කරන්න නැති සල්ලි කෝටි ගණනක රට සංචාර වලට තියෙනවා (නි)
මේ යන කට්ටියගේ විදේශ සංචාර තිබේද කියලා කේන්ද්‍ර බලලා අනුමැතිය දුන්නා නම් ඉවරයිනේ. (නි)
විශ්වාසය කඩකිරීම මත මහ ඇමති සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගතයුතුයි නේද? (නි)
ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා වගේ (නි)
අනේ! නාස්තිකාරයන් නිසා නැතිවන ජාතික ධනය මොනතරම්ද? (නි)
අපි හොඳට දන්නවා එකම බෝට්ටුවේ ඉන්න කට්ටිය ගැන (නි)
ඒක තමයි කියන්නේ අපේ රටේ මුදල් වැයවෙන්නේ අනවශ්‍ය දේවල් වලට කියලා (නි)
මට මතක හැටියට ජනාධිපතිතුමා මේ පිළිබඳව ලිඛිත උපදෙස් දී තිබෙනවා. නීති කඩකළ අයට විනයානුකූලව කටයුතු කළයුතුය (නි)