ලෝක දියවැඩියා දින පාගමන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මුලිකත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ විණි.
ශරීර සුවතා වල යෙදීමෙන් අනතුරුව ආරම්භ කළ පාගමන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව දක්වා ගමන් කෙරිණි.
“දියවැඩියාව පිළිබඳ අභියෝගය අපේ රටට පමණක් නෙවෙයි මුළු මහත් ලෝකයම මුහුණ දෙන බරපතල අභියෝගයක්.දියවැඩියාව වැලැක්වීම,නිවාරණය සහ මර්ධනය උදෙසා සෞඛ්‍ය අමාත්‍යංශය සහ දියවැඩියා නිවාරණ සංගමය එක්ව සංවිධානය කළ වැඩසටහන් අගය කළ යුතුයි. අපේ රටේ සාමාන්‍ය ජනගහනයෙන් 15%ක් 17% ක් පමණ පිරිසක් දියවැඩියාවෙන් පෙලෙනවා“යැයි ජනපතිවරයා එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය.


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පින්තූර හරියට බලන්නේවත් නැතුව ලියන දේවල් දැක්කම සමබර නොවූ දේශපාලන විවේචන ගැන දුක හිතෙනවා. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම බැනර් එකක් තියනවා. මේ උත්සවයට වියදම් දීපු ආයතන ඒ බැනර් එකෙන්ම පේනවා. ජනතාව දැනුවත් කිරීමට රටේ නායකයා එන එක නරකයි කියන්නේ කොහොමද? මේ දරුවෝ ඉදිරිපත්කළ චිත්‍ර පෙනෙන්නෙත් නැද්ද? (නි)
දවසකට පාගමනේ ගිහින් ජාතික සම්පත් විනාස කළාට දියවදියව නැති කරන්නට බැරි බව මේ අයට අවබෝද වනකොට රකුසා අපිව ගිලගෙන හමාර (අ)
අපේ ජනාධිපතුමා ආයේ ජනාධිපතිවරණයකට ඉල්ලන්නේ නෑ කියනවනේ. මෙහෙම පා ගමන් යන එක හොඳයි. එතකොට අපා ගමන කෙටි වෙයි. (අ)
ජනපති පාගමනේ ජනතාව බඩගින්නේ (බ)
ගොඩක් වැඩ පටන්ගන්නවා. හැබැයි පුස්ස බින්ඳා වගේ. ඒ නිසා මිනිස්සු දන්නවා ගොඩක් නාගන්නවා කියලත්. කරපු දේවල් වල හැටියට දැන් ලංකාවේ කුණු නැතිවෙන්න ඕනෑ. එ්ත් රටම කුණු ගඳයි. සංහිඳියාවේ තරමට රටම සාමකාමී වෙන්න ඕනෑ. එ්ත් මුළු රටම අස්ථාවරයි. දුෂණය පිටුදක්ක තරමට රටම හොරකමින් නිදහස් වෙන්න ඕනෑ. එ්ත් කඹ හොරු. අනේ මන්දා...! අපිට දියවැඩියාව නොහැදි තියෙයි මේවා කල්පනා කරනකොට.... (නි)
හොඳ වැඩක්. නමුත් ඔතන ඉන්න අහවලාගෙන් දියවැඩියා රෝගය ගැන උපදෙස් ගන්න එපා. එයා දන්නා දියවැඩියාවක් නැහැ. (නි)
බැනර් එකේත් සිංහල දෙවෙනියට! (නි)
ජේ ආර් ජයවර්දන පාලන කාලේදී වප් මගුලක් පටන් ගත්ත. එක ඇමති කෙනෙක් සපත්තු දාගෙන කුබුරට බැස්ස. ආර් ප්‍රේමදාස පාලන කාලේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් උපන් දින උත්සව පැවැත්තුවා.එකට කිව්වේ ගම උදව කියල. ගෙවල් ටිකක හදල ඒ වගේ සිය ගුණයක් වියදම් කරලා උත්සව තිබ්බ. දැන් මෙයාලත් එකම තම කරන්නේ. ඔක්කොටම කලින් බදු අඩු කරන්න (අ)
එකක් මතක තිය ගන්න . ඔය වගේ සෝබන වැඩ වලට බොහොම ප්‍රසිද්ද කෙනෙක් තමය් ඔබාමා. කටින් බතල හිටව හිටව ඉඳල හිලරිට උදව කරන්න ගිහින් වෙච්ච දෙය දැක්කනේ. මිනිස්සුන්ට දැනෙන දෙයක කරන්න. මිනිස්සුන්ට බයිලා අහල ඇති වෙලා තියෙන්නේ.(අ)
ප්‍රශ්නයක් නෑ සිනි රුපියල් 2 කින් අඩු කරනේ.(අ)
ඔය ටී ෂර්ට් කැප් වලට වියදම් කරන සල්ලි වලින් අර පොලිස්යෙන් පහර කාල ඇස අන්ධ වෙච්ච රණවිරුවාට උදව්වුවක් කරානම් හොඳයි නේද. තවමත් පත්තරේ බලනවනම් දැනගන්න ලැබේවි. (අ)
ජනාධිපතිතුමා මොකක්ද අර අත් දෙක විදහලා පෙන්නන්නේ (අ)
රට රවටන බොරු සෝබන; රටට වැඩ කරලා පෙන්නුවොත් හොඳයි ඔය ඇස් බැඳුම් පැත්තක දාලා.පරාජිතත් ඔය ළඟටම වෙලා ඉන්නේ.(අ)
මංජුල, ලංකාවේ මිනිස්සු 60%කටම සිංහල තේරැනේ නැහැනේ (නි)
පෙළපාලියට නම් දියවැඩියාව බයවෙන එකක් නැහැ. සමහරවිට සත්‍යග්‍රහයක්වත් කළොත්? (නි)
මෙහෙම වැඩ කර කර ඉඳලා රටට මොනවා වෙයිද? (නි)
මෙහෙම වැඩ වලට කෝටි ගණන් නිකරුනේ සල්ලි වියදම් නොකර, අහිංසක මිනිසුන්ට සහන සළසන්න. ටීෂර්ට් වලටයි සපත්තු වලටයි වියදම් කළේ ගෙදරින් ගෙනල්ලද? නරේන්ද්‍ර මෝඩිලා නිල ඇඳුම් වලට වියදම් කළේ නැහැ කිසිම දවසක. අනික බදු ගහල රටක් ගෙනියනවා නම්, මොකට ද රටේ සම්පත් කාබාසිනියා කරන පුහු ඇමති මණ්ඩලයක් සමඟ හිස් මන්ත්‍රීවරු පිරිසක්? (නි)
හිලරිගේ පරාජය මහින්ද මහතාගේ පරාජයක් ලෙස පෙන්වාදීම එතරම් සාධාරන නැහැ (නි)
ගිය වසරේ අයවැයෙන් සීනි මිල වැඩිකළා දියවැඩියාව මැඩපවත්වන්න කියලා. කට්ටියට මතකද දන්නේ නැහැ. මේ අයවැයෙන් සීනි මිල අඩුකළේ දියවැඩියාව වැඩිවෙන්නද? (නි)
ලංකාවේ ඉන්නා හැම නරකක්ම ඉවසන මිනිස්සු නිසා මේ රටේ මේ වැරදි ක්‍රමය හදන්න බැහැ. මිනිස්සු හැමදාම හිතන්නේ තමුන් දුක් විඳින්නේ තමුන්ගේ පව නිසා කියලයි. රටේ නායකයින් අපට අරක-මේක කරන්න කියන්න ඕනෑ නැහැ ඒ ක්‍රමය ඇතිකළා නම්. දැන් වැඩ ඔක්කොම වෙන්නේ අාත්මාර්ථකාමීව බලය රැකගන්න විතරයි. (නි)
දියවැඩියාව වැළඳීමට ප්‍රධානම හේතුව බඩෙහි වටප්‍රමාණය, ඉණෙහි වටප්‍රමාණයට වඩා වැඩිවීමය. මේ අනුව මේ බොහෝ දෙනාටම එය වැළඳීමේ සම්භාවිතාව ඉතා වැඩිය. (නි)
දැන් නැටුවා ඇති. ආණ්ඩුව අකුලාගෙන ගෙදර යන්න දැන්. හැමදේකටම බදු වැඩි කර කර තවත් නැටුම් වලට නිකරුනේ වියදම් කරනවා. ඔය හැටි කැක්කුමක් තියෙනවා නම් දියවැඩියා රෝගීන් ගැන, තව රෝහලක් හදන්න. පාර දිගේ ඇවිද්දාම ලෙඩ හොඳ වෙන්නේ නැහැ. (නි)
දැන් දියවැඩියාව බයවෙලා පළායයි (නි)
මේ ඔක්කොම එකයි. මේවා දැකලා අපේ ඇඟේ සීනි වැඩිවෙනවා (නි)
ඔව් ඉතින් එයාලට අපිට වගේ එදා වේල හොයාගන්න එක ගැන හිතන්න ඕනෑද? (නි)
මිනිස්සු අද කාලේ හරිම බුද්ධිමත් (නි)
බැලූ බැල්මට හොඳ වැඩක් වගේ පෙනුනත්, දේශපාලකයන්ගේ මෙවැනි ශෝභන වැඩ දැකලා මිනිසුන්ගේ මනසට නැඟෙන එකම පින්තූරය මාධ්‍යය සංදර්ශනයි. මම අභියෝග කරනවා හැකිනම් එකම මාධ්‍යය ආයතනයකටවත් එන්න නොකියා එසේත් නැත්නම් කිසිම ඡායාරූපයක් මේ සම්බන්ධයෙන් පළකරන්න එපා කියලා මේ කටයුත්ත කර පෙන්වන්න කියා. (නි)
මෙපමණ වැඩ තියෙන ජනාධිපතිතුමා මේ වගේ වැදගත් දෙයකට පැයක් හරි වෙන් කළ එක කොච්චර හොඳද. රණතුංගලට ඕවා තේරෙන්නේ නැහැ. (නි)
චන්ද්‍රවිමල හිමි හරියටම හරි. යහපත් කටයුත්තක් කරනවා නම් ටී ෂර්ට් ඇඳගෙන ටීවී ඉස්සරහා වැඩ දාන්න ඕනෑ නැහැ. පරිසරය ඇතුළුව මුළු රටේම වෙන හානිය පත්තරයකින්වත් දකින්නේ නැති අපේ බලධාරියෝ හැමදාම කළේ මේ වගේ වැඩ තමයි (නි)
මේ මොනවද අනේ මේ කරන්නේ? අපි මෙහේ බදු ගෙවාගන්න බැරුව හූල්ලනවා (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)
මේවා නිසා දියවැඩියාව හොඳ කරන්න පුළුවන් නම් ඉතින් බෙහෙත් අවශ්‍ය නැහැ. ටී ෂර්ට්, කැප්, සපත්තු, ප්‍රවාහන වියදම්, කාල නාස්තිය, ප්‍රචාරක වියදම්, හයිඩ්‍රජන් බැලුම් බෝල, සියල්ලම දුප්පත් ජනතාවගේ බදු මුදලින් ගෙවමු. අලුත් බජට් එකෙන් ජලයට අය කරන මුදලින් පසුව ඡන්දය දීපු කොළඹ ජනතාවට තේරුම් යාවි දියවැඩියාව කොහොමද කියලා. (නි)
පින්වත් ජනපතිතුමනි, මනුස්සයාට වැළඳෙන සියලු රෝගත් හරි, මේ රෝගේත් හරි. මෙයට නම් කඩිනම් විසඳුමක් ඕනෑ. බෙහෙත් වියදම් දරන්න බැහැ. අපේ දිරිය දූ පුතුන් සියලු පරීක්ෂණ ආයතනවල සිටින අය දිරිගන්වන්න. ලෝකයටම අවැසි දේ අපි සොයමු. (නි)
මෙතුමා කියන විදිහට දැන් මේ ලෙඩේ නැතිවෙයි එහෙනම් (නි)
බඩවල් අඩුකරගත්තේ නැත්නම් දියවැඩියාව හැදෙන්න ඉඩ තිබේ (නි)
අනේ ජනපතිතුමනි, ඕක ඉවරවෙලා ගෙදර යන ගමන් ඉස්පිරිතාල වල ඇති අධි සීනි නෙස්කැපේ ටිකත් තහනම් කරගෙන යන්නකෝ (නි)
ලංකාවේ සිංහල භාෂාවට තියන තැන දියවැඩියාවට වඩා අඩු තැනක කියලයි මේ බැනර් දකිද්දී මටනම් හිතෙන්නේ. මිනිසුන්ට තෙරුන්ගන්න තරම් ජාතික භාෂාවක් රටට නැහැ වගේ. ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් භාෂාවක් තියෙනවනම් මිනිසුන්ගේ දියවදියාවත් අඩුවෙයි.(හේ)
මීට වඩා අර ලස්සනට හදපු ඇවිදින මංතීරු ටික ( දියත් උයන , කිඹුලාවල,නාවල ,බෙල්ලන්විල ) නිසි පරිදි නඩත්තු කරොත් හොදයි,එවිට මහජනතාවට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් , මෙවැනි මාධ්‍යය සංදර්ශන වලින් තවදුරටත් යහපාලන ආණ්ඩුව අපකිර්තියට පත්වේවි.(හේ)
හොද වැඩක්.(හේ)
අනේ මන්දා මේවා දකිනකොට අපිට හිනායන්නේ ඇයි කියලා (නි)
සෑම නගරයකම වාගේ දියවැඩියා පරීක්ෂණ ආයතනයක් පිහිටුවනවා නම් එමගින් අනෙක් රෝග වලට ගොදුරු වීම අවම වෙනවා. වැඩි හරියක් ජනතාව තමුන්ගේ ඇඟේ ලේ වල තිබෙන සීනි ප්‍රමාණය දන්නේ නැහැ.(හේ)
පසුගිය රජයට පින්සිද්ධ වෙන්න දැන් ඔක්කොටම එළියට එන්න පුළුවන් (නි)
මේ යහපාලන ප්‍රෝඩාව අනුමත කරමින් ඡන්දය දුන් බහුතර ලක්වැසි නුඹ දැන් විඳවන්න! (නි)
බොරු සෝබන දාන්නේ නැතුව රටේ මිනිසුන්ට තියෙන ජීවන බර අඩු කරන වැඩක් කරන්න. (නි)
මේවා කරලා පුළුවන්ද මහත්තයෝ දියවැඩියාව නවත්වන්න (නි)
සාධාරණ විරෝධතාවක් වෙන්න ඇති. (නි)
අයවැයෙන් හැම පැත්තෙනම බදු ගහලා මේ වාගේ වැඩ කරලා හරියන්නේ නැහැ. මේ පා ගමනේ යන මහත්වරුන්ගේ බඩවල් දිහා බලලා හිතාගන්න පුලුවන් වැඩෙ සාර්ථකකම (නි)
චාමරගෙ කියමන ගොඩක් හොඳයි (නි)
ජනපතිතුමනි, ඔබට ජය! (නි)
ජනාධිපතිතුමා තමන්ට කරන්න පුළුවන් උපරිම කැපවීම කළත් මිනිස්සු බනිනවා (නි)
තමන් සීනි කකා, ජනාධිපතිට බනින රටක් මේක. කට පරිස්සම් කරගන්න. ඕනෑම පා ගමනකට අදාළ ටී ෂර්ට් එකක් හදනවා. එ්ක නැවත දකින්න දකින්න මිනිසුන්ට මතක් වෙනවා සීනි වල පළවිපාක (නි)
කරන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද? අහිංසක මිනිසුන්ගේ සල්ලි නිකරුනේ විනාශ කරනවා (නි)
අයවැයෙන් සීනි මිල අඩුකරපු බව ජනපතිතුමා දන්නේ නැතුවාවත්ද? (නි)
ගම් මට්ටමින් දියවැඩියා රෝගය ගැන ජනතාව දැනුවත් කරන්න. හරියටම දියවැඩියාවට ලක්වුණාද බලන්න නම් පසුගිය මාස 3 කාලයේ රුධිරයේ සීනි මට්ටම පරික්ෂා කරන රසයනාගාරයකින් කරන පරීක්ෂණය කළයුතු වෙනවා. මේ ගැන බොහෝ දෙනා දන්නෙත් නැහැ. මුදල් ගෙවන්න නොහැකි දුප්පත් අය සඳහා මෙම පරීක්ෂණය නොමිලේ ලබාදෙන්න. ජනපතිතුමනි, ඔබට ලොකු පිනක්. (නි)