(සුජිත් හේවාජුලිගේ )
ඉදිරියේදී නිර්මාණය කෙරෙන නව සන්ධානය යටතේ ජනාධිපති අපේක්ෂකය දුනහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පි චම්පික රණවක මහතා පැවසීය.
රට ගොඩනැගීමේ අරමුණ ඇතුව දේශපාලන පක්ෂ සමග නව සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු
මේ දිනවල කෙරෙන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටේ කකා යනකොට මට හිතුණා පොල් පැලේට තමයි දෙන්න හදන්නේ කියලා. දැන් හරි නේ මේ වගේ අවස්ථාවාදී මිනිස්සුම තමයි ජනාධිපති කරවන්න ඕනෑ කොහොම හරි...
සංගීත පුටු තරගයක් තියමු. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පුටු පොදු අපේක්ෂකයා තෝරන්න. සජිත්, රනිල්, නාමල්, බැසිල්, පාඨලී, ධම්මික හා දිලිත් අතර අවශ්‍ය නම් ඩලස්, විමල් හා උදයත් එකතුකර ගන්න පුළුවන්...!
අනේ පවු කියන්න තමයි මේවට තියෙන්නේ... දෙපැත්තටම පැන පැන ඉඳලා... අන්තිමට හිතුණු දේ තමයි.
සුබ පැතුම්..! දූෂිතයින්ගේ ගොඩ කොටස් කීපයකට බෙදීමේ වාසිය ලැබෙන්නේ අදූෂිතයින්ගේ කණ්ඩායමට. ලොකු තරඟයක් නැතිවෙයි - කමක් නෑ. තරඟයෙන් ලැබෙන ආතල් එකට වඩා දූෂිතයින් පන්නා දමා මෙරට ජනතාවට ලැබෙන සහනය වටිනවා.
බොහෝම ස්තුතියි පාටලී අනවශයි. ඉන්න විදියටම ඉන්න. ලොකු උදව්වක්...!
ඉන්න දේශපාලකයෝ ඕනේ නැහැ වෙන කාව හරි බලමු .මුන් ඔක්කොම එකයි ,තව මෛත්‍රී කෙනෙක් බිහි කරන්න එපා. පිස්සෝ කොහෙද රට බේරාගත්තේ
ජනතාව ඔබව ජනපති කරගන්න චන්දෙ දෙන්න සූදානම් බවක් නම් පෙනෙන්නේ නැහැ
කට්ටියම එක තුළ කර තියලා ජනාධිපති කරන්න වටින නියම මිනිහා .පහුගිය දේශපාලන ජීවිතය තුලින් තමන් සමග එකතු වුණු අනෙක් සියළු අයට පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් ඇනපු කෙනෙක් හැමෝගෙම කර මතින් ජනාධිපති පුටුවට ගිහින් තියන්න කැමති වෙයි කියලා මම හිතන්නේ නෑ
ජනාධිපති වීමේ උණ තියෙන හැම දෙනාම ඉදිරිපත් වෙන්නකෝ මේ පාර.... ජනතාව දෙන තීන්දුව දකිනකන් ඔය උණ සනීප වෙන්නේ නෑ...
පාඨලීට දේශපාලන බුද්ධියක් තියෙනවා නම්... ඔය වගේ මෝඩකතා කියන්න එපා... ඔබට ලැබෙන ඡන්ද ගණන 0.01% යි...
හැම තැනම ජරා කරලා සුදනා වගේ කතාව...
සජිත්ටත් කොකා පෙන්නලා ඇවිල්ලා... දැන් මෙයා හීනෙන් දොඩවනවා වගේ... පිස්සු හැදෙයි ඔහොම යනකොට..
ඡන්ද කඩන්න මයිනා කළු සල්ලි ගෝනියක් දුන්නා නේද? ඕනෑ නම් ඡන්දෙට ඇවිල්ලා බලන්න ඔයාට රැවටෙන මිනිස්සු කිදෙනයිද ඉන්නේ කියලා. ලැජ්ජයි හලෝ. තමන්ගේ වාහනයේ හැප්පුණු ළමයාව අතහැරලා පැනලා ගිහින් ඒ වෙනුවට වෙන මිනිහෙක්ව අල්ලපු පට්ට උගතා. නඩුවට මුහුණ දීලා ඉන්නකෝ..!
ජනපති කෙනෙක් කියන්නේ මුළු රටටම. රටේම ජනතාව ගැන බලන්න කලියෙන්, රාජගිරියේදි හැප්පිච්ච තරුණයා ගැන බලලා හිටියොත් නේද හොඳ?
බොරු කයිවාරු ගහන්නේ නැතිව සජබයෙන් අයින්වෙලා ඡන්දය ඉල්ලන්න. එතකොට ඔය උණ සනීප වෙයි.
මේ හාදයා ජනපති තරඟෙට සුදානම් වෙනවා. මේ සිංහල බෞද්ධ රටට ගම්බිරිස් හොයාගෙන ඇවිත් ෂර්යා නීතිය ඉල්ලන හම්බයෙකුට පුළුවන් උනා බෞද්ධ භික්ෂු වක් හිරගෙට යවන්න. හම්බයො ෂර්යා නීතිය ඉල්ලනකොට උඹලා මරනින්දේ.. චන්දේ දෙන්නම් අපේ හාමුදුරුවෝ බේරගන්න කටයුතු කරනවා නම්.
මොරටු කැම්පස් එකේ ලෙක්චර්ස් යන එවුන්ට යන්න නොදී කබල් පුටු උඩ නැගං ඇඟිල්ල දික්කරකර කතා පැවත්වුයේ මේකටයි එහෙනං
ඇයි මේ පුංචි රටේ විශාල ජනාධිපති අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉන්නේ. ඡන්දෙ දාන්න ගියාම මාගලක් විතර විශාල ඡන්ද පත්‍රිකාවක් දෙනවා. හරි අපේක්ෂකය හොයාගන්නත් අමාරුයි.තමන්ට ජනප්‍රසාදයක්. නැතිබව දැන දැනම ඡන්ද කඩන්න කාඩ්බෝඩ් අපේක්ෂකයින් පෙනී සිටිනවා. ඇප මුදල ඉහළ දමා මෙම අනවශ්‍ය අපේක්ෂකයින් ඉවත්කළ යුතුයි.