මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රවේදියා ලෙස කටයුතු කරන ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන මහතා ශ්‍රී ජයවර්ධන රෝහලට ඇතුලත් වී ප්‍රතිකාර ලබා අද දහවල් පිටව ගිය බව රෝහල් ආරංචි කියයි.
සිකුරාදා රාත්‍රී ඔහු රෝහලට ඇතුලත් වූ බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීවේය.
තමා අද දහවල් ටිකට් කපාගෙන ගිය බවත්, කකුලේ අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගත වූ බවත් ඔහු අපට දන්වා ඇත.
රෝගියකු රෝහලකට ඇතුළු වෙද්දී වෛද්‍යවරයකුට පවසන අසනීප කවරේදැයි අප ළඟ තොරතුරු ඇතත් සදාචාරාත්මක හා පෞද්ගලික හේතු නිසා ඒවා සඳන් නොකරමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රහයෝ නවයක් එක්කම සෙල්ලම් දාන ඔබතුමාට දැන් මොකද හිතෙන්නේ (දිල්)
ඔහුට දැන් වෙලා තියෙන්නේ මග සිටියොත් තෝ නසි ගෙදර ගියොත් අඹු නසි වගේ වැඩක්. නව වැනිදා වෙනකල් බයෙන් ඇත්තේ (දිල්)
නව වැනිදට මෙහෙ ඉදීවී නේද ?(දිල්)
දැන් මෙයාගේ වෙලාව බලන්නේ කවුද ? (දිල්)
කියන්න බැරි වගේ ලෙඩක්ද ? (දිල්)
දේශපාලන අනාවැකි පරිස්සමින් කියන්න ඕනෑ (දි්ල්)
බය වෙන්න ඇති,පව් අනේ.දැන්වත් බොරු නොකියා හිටියනම් හරි (දිල්)
මෙයාටත් ආතතිය හැදිලා වගේ (දිල්)
අනේ කරදරයක් නම් වෙන්න එපා. 09 වැනිදට මැතිවරණ ප්‍රතිළුල බලන්න සුවසේ ඉන්න ලැබේව!.(දිල්)
කියපු කතා වලට වෙන්න ඇති (දිල්)
ග්‍රහයන් නීචවෙලාද ?(දිල්)
චන්ඩි කියල නෑ, වදිනකොට වදිනවා දුවන්න. නම වෙනිදට පස්සේ මොකද කරන්නේ? (නදී)
මම හිතුවා ඔහොම දෙයක් වෙයි කියලා. (නදී)
තව ටික දිනකින් මෙයාට රෝහලේ දිගටම ඉන්න සිදුවෙයි (නදී)
රට වෙනුවෙන් ඔබ විශාල මෙහෙයක් කරනවා .නිදුක් නීරෝගී වේවා (දිල්)
මෙයාටත් අමතක වෙන රෝගය බෝ වෙය්ද දන්නේ නෑ (බ)
කට්ටියගේ තියෙන අසහනය මැනවින් නිරුපනය කරනවා..ඒ කියන්නේ තමන්ගේ මතයට විරුද්ධව අදහසක් පල කරන මනුස්සයෙක් ලෙඩක් දුකක් හැදිලා ඉස්පිරිතාලෙකට යන එකත් දැන් කට්ටියට හරි සතුටක්..මේ අය තමයි මේ යහපාලනය සමග පිවිතුරු හෙටක් පතන්නේ..9 වෙනිදා වෙනකම් හීන දකින්න..9 වෙනිදට අපි ඔය හීනෙන් ඇහැරවන්නම් (බ)
ගුරාගේ මෛත්‍රිය 09 දායින් පස්සේ පහල වෙයි. මෙහි ගෝලයින් වැඩි දෙනෙක් ගේ මෛත්‍රිය පහළ වෙලා තිබෙන හැටි නම් පිළිකුල්ය. අප්‍රසන්නය. අශෝබනය. (බ)
ජනාධිපති තුමාගේ රියදුරන් ආරක්ෂක භටයන්, රෙදි සෝදන්නන් සපත්තු පොලිෂ් කරන්නන් යන එන තැන් ගැනත් ලියන්නකෝ . දැන් ඒවනේ ප්‍රවෘත්ති (බ)
ලංකාවේ නූගත් මිනිසුන් තවමත් වෙලාවල් පිළිගෙන අදහන නිසා . රජය එයම ජනතාවට කාවද්දා ඡන්දය දිනාගෙන . එම ජය තහවුරු කර ගැනීමට මෙවැනි පුද්ගලයින් යොදාගනී. රැවටෙන්න එපා (දිල්)
ග්‍රහයෙක් නීචවෙලාවද්ද? (නි)
රටේ හිටි සමහර නායකයින්ට වැරදුනේ ඔය ජ්‍යෝතිර්වේදීන් විශ්වාස කළ නිසා. තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක් තිබිය යුතුයි (නි)
මම නම් ඔය කේන්දර විශ්වාස කරන්නේ නැහැ. අපි බඳින කොට මාස තුනක් වත් එක වහල යට ඉන්නේ නැහැ කිව්වා. අවුරුදු 10ක් තිස්සේ දෙවියන් බුදුන් අදහාගෙන තවම යහතින් අපි ඉන්නවා. (ර)
එතුමාට උණ හැදිලද?(හේ)
සුවපත් වේවා! ,සිතේ සැනසිල්ල ඇතිවේවා.! හිත කලබල කරගන්න දෙයක් නෑ.ඕවා ඔහොම තමයි. දීර්ඝායුෂ වේවා ඔබට...!(දිල්)
කියපු බොරු වලට වන වැඩ.(හේ)
ජනාධිපතිවරණය සඳහා හොඳම නැකතක් හැදු පිනෙන් ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා (නදී)
වෘත්තියේ ගරුත්වය රැකගෙන ක්‍රියා කරන කෙනෙක් විදියට මම ඔබතුමාට ගරු කරනවා.(නදී)
නව වැනිදට කලින් උණ හැදිලද මන්දා (දිල්)
අනේ ආයේ නම් අසනීප හදාගන්න එපා. ඉක්මන් සුවය ලැබේවා (දිල්)
නව වැනිදා මතක් වෙලා ලෙඩ වුණාද මන්දා (දිල්)
මෙයාට කවුරුහරි ගහලද? (දිල්)
තවමත් අපේ රටේ පාලකයෝ ඉන්නේ ගස්/ගල් යුගයේද හිතෙනවා (දිල්)
මෙයාගේ කේන්දරේ හරියට බලාගෙන නෑ වගේ (දිල්)
2011 ලෝක කුසලානේ ලංකාවට ගේනවා කියලා කිව්වේ මෙයා නේද?(දිල්)
ඔබ වගේ පුද්ගලයින් ජාතියේ පිනට පහළවීම වාසනාවක්.ඉක්මන් සුවය ලැබේවා (දිල්)
ඉක්මන් සුවය ලැබේවා !(දිල්)
ඉක්මනින් සුවය ලැබේවා ! (දිල්)
දැන්ම ?තව කල් තියෙනවානේ (දිල්)
ආතතීය හැදිලාවත්ද?(දිල්)
මෙයාගේ හදහනත් පරීක්ෂා කරගන්න වෙයි වගේ (දිල්)