
(අංජුල මහික වීරරත්න)
ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන මුදල් අමාත්‍ය කතෝ කසුනොබු (KATO Katsunobu) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අද (29) පස්වරුවේ ටෝකියෝ අගනුවර පිහිටි ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.
මෙහිදී දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ ආර්ථික සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ මෙන්ම, ජපන් ආධාර /JICA සහයෝගීතාව යටතේ දැනට ක්‍රියාත්මක සහ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.
මෙම සාකච්ඡා සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.


2025 ඔක්තෝබර් මස 08
1715
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනපති - ජපාන මුදල් ඇමති සාකච්ඡා
Asanga Tuesday, 30 September 2025 10:37 AM
නයක්වත් ගන්නද දන්නෙ නැහැ
de silva Tuesday, 30 September 2025 02:23 PM
කතා කරලා අර සැහැල්ලු දුම්රිය ව්‍යපෘතිය නැවත පන ගන්වන්න බැරිද?