අද (5) හෙට සහ අනිද්දා ‘ජනපති ජන හමු‘ නමින් සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ඒක පාක්ෂිකව සහයෝගය දක්වන වැඩසටහන් ප්‍රචාරය කිරීම තහනම් කරමින් කඩුවෙල දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා අයිටීඑන්, ජාතික රූපවාහිනී ස්වර්ණවාහිනී හා දෙරණ ආයතනවලට වාරණයක් නිකුත් කළේය.
ජනපතිට සහයෝගය දක්වමින් ඇමැතිවරුන් ඇතුළු කථිකයන් සහභාගීවන වැඩසටහන් විකාශනය කිරීමෙන් හා එම වැඩසටහන්වල වීඩියෝ වෙනත් ආයතනවලට නිකුත් කිරීමෙන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට බලවත් අසාධාරණයක් සිදුවන බව දක්වමින් වෙන වෙනම පෙත්සම් හතරක් අධිකරණයට ඉදිරිපත් විය.
ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා මඟින් ගොනු කළ පෙත්සම් වලින් කියැවුණේ තමාට පිළිතුරු දීමට ඉඩක් නොලැබෙන පරිදි එම ආයතන ඒක පාක්ශිකව එම වැඩසටහන් විකාශනය කරන බවයි. එහෙයින් ඒවා නතරකරන ලෙසද නීතිවේදියා ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳදේට අපි කවදත් අත් දෙකම උස්සනවා (නි)
තීන්දුවට ගරු කරාවිද ? (බ)
කරුණාකර මෙය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට වගබලාගන්න. අන්න එයයි වඩාත්ම වැදගත්. මැතිවරණ කොමසාරිස් හටත් මෙය දන්වා ඔහුගේද නියෝගයක් මාධ්‍ය වෙත නිකුත් කරන්න. අධිකරණයට සහ නීතියට ජයවේවා! (නි)
ඝන අඳුරේ තාමත් දැල්වෙන ඉටි පන්දම් කීපයක් හරි ඉතුරු වී තිබෙනවා. ඉතාම සතුටුයි. 8 වෙනිදා අපේ ඡන්දදායකයෝ මොනවගේ තීරණයක් ගනීද? (නි)
මගේ දෑස අදහාගත නොහැක. ජය වේවා! (නි)
නියමයි. ඔහොම යමු.....!. (නි)
සමහර අය නම් දැනටමත් බයවෙලා වගෙයි (නි)
හැමෝම දන්නවා කවුද දිනන්නේ කියලා. ජය වේවා ! (නි)
අඳුරට ශාප කරමින් නිකන් ඉන්නවාට වඩා එක පහනක් දැල්වීම වටිනවා.ඔබටත් මටත් 8 වෙනිදාට එය කළහැකියි. අධිකරණය නිදහස්, නීතිය සැමටම එක වගේ වෙන රටක් නියම නිදහස් රටක්. (නි)
කෝ අර කඩේ ගිය බන්දුල පෙරේරා? (නි)
මෙන්න නියම යහපාලනය! (නි)
ජනහමුව තහනම් කළ නමුත් මේ වෙලාවේ සමහර නාලිකා ප්‍රචාරය කරන ඒවා සදාචාරසම්පන්නද? වෙනසක් ඇතිකළ යුතුමයි. (නි)
සාධාරණ විනිසුරු මහතෙක්.එතුමා දුන් තීන්දුව අගය කරමි. (නි)
ඔබගේ ස්වාධීනභාවයට අපේ උපහාරය! (නි)
ඔය වගේ කලිනුත් හිටියා නම් කිසි ප්‍රශ්නයක් නැහැ නේද? (නි)
හරි ඉතින්. මෙච්චරකල් යටිගිරියෙන් මොරදුන්නේ අධිකරණයට ස්වාධීනව වැඩ කරන්න ඉඩක් නැහැ කියලනේ. දැන් මේ අනික් පැත්තට හෝ ගාලා කෑගහනවා? ඔය ලස්සනට අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වෙන්නේ. (නි)
අනාගත නිදහස් රටක සුවඳ දැනෙනවා (නි)
ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය! (නි)
යහපත් අනාගතයක පෙරමඟ සළකුණු. අපි හැමදෙනාටම දෙපයින් සිටගන්න හැකිවන ලකුණු. (නි)
ඔන්න දැන් අධිකරණයේ කශේරුකාව ශක්තිමත් වෙලා. හැමෝටම යුත්තිය ඉටුවන නියෝග දෙන්න පසුගිය කාලේ මේ ආයතනයත් අසරණ වෙලා තිබුනා. ජනපති ජනහමුවට වාරණයක් දුන් ශක්තිමත් විනිසුරුට සාධාරණ ජන සාමාජයේ ජනතාවගේ උපහාරය. (නි)
පහුගිය වකවානුවේ තීන්දු තීරණ දිහා බැලුවහම මේක ඉතිහාසගත තීන්දුවක්. ඔබ වැනි විනිසුරුවන් රටට ආශිර්වාදයක්. විනිසුරුතුමනි, අපේ උපහාරය ඔබට. (නි)
නියම වැඩේ (දිල්)
ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය (දිල්)
මහේස්ත්‍රාත්තුමනි, ඔබගේ ස්වාධීනභාවයට අපේ උපහාරය! (නි)
මොනවද මේ සිද්ධ වෙන්නේ? (නි)
අධිකරණයට ජයවේවා! (නි)
විනිසුරුතුමාට අපේ ප්‍රණාමය! (නි)
අධිකරණය ස්වාධීන වෙමින් පවතිනවා කියලා අපිට දැනෙනවා (නි)
ඉතාමත්ම හොඳ වැඩක්. නමුත් දැනටමත් ප්‍රමාදයි නේද? (නි)
අධිකරණය නීතිය රැකගත්තාට ස්තුතියි. (නි)
අධිකරණයට අපේ උත්තමාචාරය! වැඩ හරියට කළා නම් ඒවා මිනිසුන්ගේ සිත් වල නොමැකී තියේවි (නි)
එදාමෙදා තුර ලංකා දේශපාලනයේ සුවිශේෂී තීන්දුවක් මේක කියල හිතනවා එ්ත් කොතෙක් දුරට ප්‍රයෝගික වෙයිද කියලනම් සැකයි. තීන්දුවට සුබ පතනවා නීතියට තැනක් දීම පිළිබඳව (බ)
ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය(දිල්)
අධිකරණයට අපේ උත්තමාචාරය. (ර)
රටක් වුනහම කාටවත් ඕන ඕන විදිහට නිතිය වෙනස් වෙන්න බැහැ.වෙනස් කරන්නත් බැහැ.එකයි අපි මෛත්‍රී පාලනයක් සදහා සහයෝගය දෙන්න තීරණය කරලා තියෙන්නෙත්.(දිල්)
මේ රට හැමෝටම අයිතියි කාගේවත් බුදලයක් නෙවෙයි (දිල්)
පෙර මග සුබ ලකුණු...!(දිල්)
යහපාලනයක් ඕනෑ නේද (දිල්)
නීතිගරුක විනිසුරන්ට අපගේ ප්‍රණාමය.(දිල්)
හොද වැඩක්. අපිට මේවා දැන් දැකලම එපා වෙලා තියෙන්නේ (දිල්)
විනිසුරු වසන්ත ජිනදාස මහතාට ස්තූතියි. (නි)
රූපසිංහ මහත්තයෝ ඔය අධිකරණයට ගිය කාරණාව මොකක්ක්ද ඒ නීතිගරුක නිසා වෙන්න ඇති (බ)
මහෙස්ත්‍රාත්තුමාට අපගේ ප්‍රණාමය (දිල්)
සාධාරණ විනිසුරු මහතෙක්.එතුමා දුන් තීන්දුව අගය කරමි. ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය! (බ)
නව වැනිදා සාමකාමීව කිරිබත් කමු (දිල්)
උසාවිය සහ නීතියත් යහමඟට ඇවිල්ලා. පක්ෂ, පාට, ජාති, ආගම් නැතුව ගරු අධිකරණය දුන් තීන්දුව ඉතාම අගය කරමි (නි)
මෛත්‍රී පාලනයේ ආරම්භය (දිල්)
විශිෂ්ට කාර්යයක්! (නි)
හොඳ තීරණයක් ජිනදාස මහත්තයා. අපේ ප්‍රණාමය ඔබට. (නි)
ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය! (නි)
මෙන්න රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න පටන්ගෙන. හරි හොඳයි. (නි)
අධිකරණයට ස්වාධීනත්වයක් නැහැ කියලා කියන්නෙ බොරු බව ඒකෙන්ම පෙනෙනවා (නි)