(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරණය ඔක්තෝබර් මස මුල් සතියේදී පැවැත්වෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.
ජනාධිපතිවරණය පැවැත්වීම ප්‍රකාශයට පත් කිරීමේ නීතිමය බලය ඇත්තේ මැතිවරණ කොම්ෂන් සභාවටය.
මේ අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 17 යන කාලයේදී අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවත් අභිනව ජනාධිපතිවරයා නොවැම්බර් මස 17 වැනිදාට පෙර දිවුරුම් දිය යුතු බවත් නීති විශාරදයෝ පෙන්වා දෙති.
නියමිත කාලයට මැතිවරණ නොපැවැත්වුවහොත් නොවැම්බර් මස 18 වැනිදාට පසු පවතින රජය නිත්‍යානුකූල නොවන බවද ඔවුහු පෙන්වා දෙති.
1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතට අනුව, ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාවට නියමවන අවස්ථාවක ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාවකදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්.
මීළඟ ජනාධිපති අනුර දිසානායක
අනිවාර්යයෙන්ම ! දැනට බලයේ ඉන්න කල්ලිය උත්සාහ කරනවා ජනතාව අතර වැරදි මතයක් ගෙනියන්න, රනිල් ගේම් කාරයා ඒනිසා චන්දය නොතියා ඉන්න ඉඩ තියෙනවා එහෙනම් උනොත් කරන්න දෙයක් නැහැ වගේ. ඒකට හොදම හා තර්කානුකූල පිලිතුරුක් අද පලවෙලා තියෙන්නේ.
රනිල් ආයෙ එනව.
අනුර ඇවිල්ලා හොරු ටික හිරේට දක්කලා.උන්ගාව තියන හොරා කාපු සල්ලි අරගෙන මහා බාන්දාගාරයට දැම්මා නම් කොහොමද