ලෝක ගුරු දිනය නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ ගුරු ප්‍රතිභා ප්‍රභා 2015 ප්‍රණාම උළෙළ අද (06) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මවක විසින් බිහිකරනු ලබන දරුවා සැබෑ මිනිසකු බවට පත්කරනුයේ ගුරුවරයා බවද, දරුවා දාර්ශනිකයෙක්, උගතකු මෙන්ම ශ්‍රේෂ්ඨ කලාකරුවකු, ජන නායකයකු බවටද පත්වන්නේ පාසලෙන් බවද සිරිසේන මහතා කිවේය.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පී.රාධක්‍රිෂ්නන් යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිදියයුත්තන් පිදීම උතුම් දෙයක් (නි)
හොඳ වැඩක් (නි)
බොහොම හොඳ දෙයක් (බ)
එහෙට මෙහෙට පනින රිලවුන් සහා ගෙම්බන් බිහි කරන්නේද මොවුන්ය ජයවේවා .(අ)