ඉන්දියා අත්අඩංගුවේ සිටි අවසන් ධීවරයන් හය දෙනා සහ බෝට්ටු 27ක් අද නිදහස් කැර ඇතැයි රජය පවසයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය හේතුවෙන් මේ ධීවරයන් නිදහස් කැර ඇතැයි ද රජය කියයි. ධීවර ගැටළුව විසඳා ගැනීමේ මැදහත් කරුවකු ලෙස කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. යෝගරාජන මහතා කියා සිටෙියේ මෙරට අත්අඩංගුවේ තිබූ ධීවර බෝට්ටු 87ක් සිකුරාදා නිදහස් කළ බවයි.
සතියක කාලයක් ඉන්දියාවේ හා ශ්‍රි ලංකාවේ බලධාරින් අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මේ හුවමාරුව සිදුවූ බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ගෙනල්ල මරණ දඬුවම ලැබුන අය ඉතිරි වෙලා නැද්ද නිදහස් කරන්න. කොහොම හරි අපට ඕනේ හැමෝගෙම හොඳ හිත (නදී)