මෛත්‍රිපාල සිරිසේන ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය සමරමින් ජනපති අද (8) ඵෛතිහාසික කළුතර බෝධිය පිච්ච මලින් පිදීය.
උඩමළුවේ සමන් පැලයක් ද රෝපණය කළේය. බෝධිය පිහිටි භූමි භාගයේ ඔප්පුව කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිතා ද සොයිසා මහතාට බාරදුන්නේය.
මේ අතර ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් කොළඹ මහ නගර සභාව විසින් පැළ රෝපණයක් විහාර මහාදේවී උද්‍යානයේ දී පැවැත්විණි. කොළඹ නගරාධිපති ඒ.ජේ.ඒ.මුසම්මිල් හා නාගරික කොමසාරිස් වී.කේ.ඒ.අනුර මේ අවස්ථාවට එක් වුහ.
ජායාරූප - රත්නසිරි ප්‍රේමලාල්
ජායාරූප - ඉෂංක සුනිමල්
ජායාරූප හා විඩියෝ ශාන්ත රත්නායක














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සෝබන වලින් කරපු පාවා දීම් වහන්න නම් බැහැ. මහා සංඝරත්නය පිරිලා. (බ)
හොඳ වැඩක් රටටත් ජනතාවටත් යහපතක් වේවා...! (ම)
කිසිම රාජ්‍ය පාලකයෙක් නොකරපු දෙයක් , උතුම් කළුතර බෝ සමිඳුන්ගේ වටිනාකම තේරුම් ගත් ජනපති තුමාට අපේ ස්තුතිය (බ)
වසරක් සපිරෙන ඔබහට, මෙතෙක් දුරක් ආ ගමන කොතරම් කටුක දැයි ඔබ දකින්නට ඇත. එමෙන්ම යන්නට ඇති කටුක දුරු ගමන කොතරම් දුෂ්කර දැයි දැනෙනවද නිසැකය. මව්බිම තුල ජීවත්වන සියලුම ජාතින් සමගි කරවීමට, එකිනෙකා තුල ඇති වෛරය නැතිකර සැම ජනකොටසකටම සාමයෙන් ජීවත්වන රටක් බිහිකිරීමට, ඔබට, ඔබවටා සිටින සියලු දෙනාහට, ශත්තිය, ධෛර්යය ලැබේවා කියා, 8 වැනි දින ඔබව පත්කළ හා ඔබ ගැන පැහැදුනු සියලු ජනයාගේ ,රටේ පැතුමය. (බ)
ඔබතුමාට චිරං ජයතු... (ර)
අමල් මොනවද ජනාධිපතිතුමාට තියෙන බාදා. මම නොදන්නා නිසා අහන්නේ. (ර)
උතුර, උතුරා වාන් දමමින් මුදාහැරෙන නායකත්වයේ විශ්මිත ගුණාංග නිරතුරුවම මෙනෙහි කරමින් එමගින් ක්‍රියාශීලී ක්‍රියාන්විත මෙහෙවරක් වෙනුවෙන් අප කැප වීමෙන් චිත්ත සන්තානයේ මතු වීමට වෙරදරණ වෛරය, ක්‍රෝධය, පළිගැනීම ඈ අවකල් ක්‍රියා වහා යටපත් වීමෙන් මනස තුළ මතුවන ප්‍රභාශ්වරය (කෞ)
ඔබට බුදු සරණයි! (නි)
උතුම් ක්‍රියාවක්. (ර)
ජනපති තුමනි ඔබේ සියලු බාදකයන් මෙයින් දුරු වේවා.! (ර)
කිසිම රාජ්‍ය පාලකයෙක් නොකරපු දෙයක් , උතුම් කළුතර බෝ සමිඳුන්ගේ වටිනාකම තේරුම් ගත් ජනපති තුමාට අපේ ස්තුතිය . කළුතර ශ්‍රී විභූතිය ලෝකෙට විදහා පාන්න මහගු අවස්ථාවක්. නුවර , අනුරාධපුර , දඹුල්ල, කතරගම , වගේම කළුතර බෝ සමිදුත් , කන්දේ විහාරය පන්සලත් අපේ රටේ උරුමය . හොද දෙයට හෝද කියන්න අපි පුරුදු වෙන්න ඕන. මගේ රට , මගේ ගම , අපේ රටේ මිනිස්සු , සදාචාරවත් සමගි සම්පන්න ජාතියක් වේවා! සියලු ආගමිකයනට ගෞරව කරමින් එකා මෙන් පෙලගැසෙමු. (ර)
ඔබ තුමා අපේ රටට අවශ්‍ය නායකයෙකි. චිරං ජයතු.! (ර)
රටේ ජනයාගේ අවශ්‍යතා ඉටුවේවා.! (ර)
අනුහස් ඇති කළුතර බෝ සමිදු බලෙන් රටටත් ජනතාවටත් යහපතක් වේවා...! (ර)
යහපාලනයේ සැබෑ අරුත රටට දෙන්න ඔබට ශක්තිය ලැබේවා. චිරන් ජයතු ඔබතුමාට.(ම)