ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවක් සරසමින් සිටිය දී වෙඩි පහරින් මිය ගිය කහවත්ත වැල්ලදුර නැමිනිකන්දේ එජාප පාක්ෂිකයකු වන ශාන්ත දොඩංගොඩ මහතාගේ පවුලේ සාමාජිකයෝ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද ජනාධිපති කාර්යාලයයට කැඳවනු ලැබූහ.
ඔවුන්ගේ සුව දුක් විමසූ ජනපති ඔවුනට කනගාටුව පළ කළේය.
ශාන්ද දොඩංගොඩ වෙඩි තබා මරා දැමීයැයි සැකපිට සන්ධාන මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී) රිමාන්ඩ් බාරයේ පසු වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ කෙලෙහිගුණ දැක්වීම අගය කොට සලකමි. කිසිම දේශපාලන පක්ෂයකට කඩේ නොගොස් තමන්ගේ උත්සාහයෙන් දියුණු වීම ඉතා වැදගත්. (ර)
තිලක් -ඩුබායිට ජයවේවා! (නි)
හොද වැඩක් (දිල්)
ජනාධිපති තුමාගේ හොද උතුම් ගුණාංගයක් ලෙස මෙය දකිමි.(හේ)
යහ පාලනය වෙනුවෙන් දිවි පිදු ඔබ පියාණන් ඔබ සැමදෙන සදා රැකගනු ඇත. නිතිය අකුරට ක්‍රියාත්මක කරන්න ජනපතිදුනි!(හේ)
ජෙනේරල් සරත් ෆොන්සේකා නීතිය සහ සාමය රැකීමට ආරක්ෂක නියෝජ්‍ය ඇමති වශයෙන් සහ දුෂණ විමර්ශන අංශයේ නායකයා ලෙස පත් කරන්න.(හේ)
මේ අයට උපකාර කරන්න, ඔබ තුමාට ජය වේවා (දිල්)
මෙහෙම තමයි වැඩකරන්න ඕනෑ (නි)
සුපිරි වැඩක් (නි)
නඩුව අවරුදු ගණනාවක් ඇදිල ගිහිල්ල අන්තිමට චොකා මල්ලි නිදහස් වේවි (නදී)
අගය කල යුතුයි.!(හේ)
අහිංසක මිනිසුන් දේශපාලනය නිසා මියයනවා. දරු පවුල් අනාථ වෙනවා. මේවා මිනිසුනේ හිතට ගනිල්ලා. (නි)
ඉතාමත් උතුම් ගුණයක්. තම වෙනුවෙන් ජීවිතය පිදු අයගේ පවුලේ සැප දුක බැලීම , ඔවුන්ට උදව් උපකාර කිරීම... බොහෝ අය තමන්ගේ බලය ලැබුනාම තමන් වෙනුවෙන් දිවිදුන් අය අමතකකොට අලුත් පිරිසක් ළංකර ගන්නවා. (නි)
ජනපතිතුමනි, ඔබේ මනුස්සකම අපි අගයකොට සළකමු. ජය වේවා! තෙරුවන් සරණයි ඔබට! (නි)
මනුස්ස කම හඳුනන උතුම් මිනිසකු ජනපති කළ මිනිසුනේ ඔබ තුමන්ලාට අපගේ ප්‍රණාමය.(හේ)
තිලක්ගේ අදහස වටිනවා. (නි)
ජනපතිතුමනි, ජෙනරල් සරත් ෆොන්සේකා නීතිය සහ සාමය රැකීමට ආරක්ෂක නියෝජ්‍ය ඇමති වශයෙන් පත් කරන්න .(හේ)
මෙය දකින බලන සැමගේ ආශීර්වාද හේතුවෙන් පවුලේ සැමට යහපත් හෙට දිනයක් උදා වේවා..!(හේ)
ජනපති තුමාගේ උතුම් ක්‍රියාවක්. ඔවුන්ගේ දුක තුනීකර ගැනීමට මේ හමුව හේතුවක් වේවි. මතු සසරෙහි එවන් අකල් මරණයක් නොවේවායි පතමි.! (ර)
මෙය ඉතා උතුම් ක්‍රියාවක්. (ර)
රජයේ ආරක්ෂාවත්, නීතියත් සහ සාමයත් රැකීමට ජෙනරාල් සරත් ෆොන්සේකා, ආරක්ෂක නියෝජ්‍ය ඇමති සහ පොලිස් සහ කෘෂිකර්ම ඇමති ලෙස පත් කරන්න. (ර)
ජනාධිපතිතුමනි සියළුම ගුවන් තොටුපොළවල ආරක්ෂක අංශද ජනරාල් ෆොන්සේකා භාරයේ තබන්න.(දිල්)