(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති කාර්යාලය පවසයි.
මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන නොවන අතර හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන බව ජනාධිපති කාර්යාලය පවසයි.
එසේම මෙම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ එතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩ කඩ නොමැති නිසා මිස එම වාහන ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නොවන බවද ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්වීමත් සමඟ පසුගිය දින කිහිපයේ කළ දැනුම් දීම පරිදි ජනාධිපති කාර්යාලය වෙත භාර දුන් රථ වාහන 107 ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ කාර්‍යාල සතු ධාවනයේ පවතින වාහන සංඛ්‍යාව 77,667 කි. රූපවාහිනියේ පෙන්නපු විදියට මම හිතුවා මෙතන වාහන 1000 ක් විතර ඇති කියලා. ඔය ජනාධිපති කාර්‍යාලයම කියන්නේ වාහන 107 යි තිබ්බෙ කියලා. ඔච්චරද රනිල්ගේ කාර්‍ය මණ්ඩලය පාවිච්චි කලේ. දැක්ක විදියට බොහෝ වාහන පරණ ලදරන් කැබ්. අර අයිසුසු කැබ් 4 ක් තිබ්බ පරණ කුනු ගොඩවල්. පොඩි ටොයෝටා ලඩියකුත් තිබ්බ. ජනාධිපති කාර්‍යාලය කිව්වට ප්‍රදර්ශනය කරන්න නෙමෙයි තිබ්බෙ කියල,
නැවත තවත් පිරිසකට වාහන ලබාදීම ඊළඟට පත්වන ආණ්ඩුවකට නැවතත් සංදර්ශනයක් පැවැත්වීමට ඉඩ කඩ ලබාදීමේ ක්‍රියාවලියකි. ජනතා බදු මුදල් නැවත අවභාවිතා කිරීමක්ද සිදුවනවා...!
අදහසක් කියන්නම් කරන්න පුලුවන් නම්. අත්‍යාවශ්‍ය සේවා වලට ඔවැනි ඉහල වටිනාකමක් ඇති වාහන දීමෙන් පාඩුව තවත් වැඩිවේ. එකක් මේ වාහන වල පාවිච්චිය තවත් ඉහල යයි. ත්‍රීවිල් එකේ කල වැඩේට ජීප් එකක් දිව්වහම දැනට පවතින රාජ්‍ය වියදම තවත් වැඩිවේ. ඔය වාහන වල අමතර කොටස් ඉතා ගනන්. ඒ අදහස වෙනුවට අදාල ආයතනයට මෙම වාහනය විකිනීමට හෝ දිගු කාලීන කල්බදු දීමට අවසර ලබා දෙන්න එකඟතාවයක් මත. ඒ තමා වසර දහයකට වඩා අඩු කුඩා වාහනයක් ඒ වෙනුවට මිලදී ගැනීමට. මෙම කාර්යයෙන් පසු ඉතිරි මුදල් වේ නම් ඒ සඳහාද ක්‍රමයක් සකසන්න. කලබල වෙලා මේ වගේ දේවල් දවසෙන් දෙකෙන් විසඳීමට යාමෙන් වැඩේ තවත් අවුල් විය හැක. හිතවත්කමට මෙය කියන්නේ.
ලීටරයට කිලෝ මීටර් 4-5 දුවන වාහන නඩත්තුවට එම ආයතන වලට මුදල් තියේද ?