(නිමල කොඩිතුවක්කු)
සුහුරු රටක් ගොඩනඟන බවට ජනාධිපතිවරයා පාම්පෝරි ගැසුවත් ඔහු කියන සුහුරු රටේ ඇත්තේ වැඩි කිරීම හා විකිණිම පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවට අසීමිත අසහනයක් පීඩනයක් නිර්මාණය කර ඇති බවත් ඉන් වැඩිම හානිය රටේ දරු පරපුරට හා මව්පරපුරට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කිසිදු සංවේදීභාවයක් නොමැති ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තව තවත් වැඩි කිරීම් සිදු කරමින් විකුණමින් රටේ ජනතාව නෙමරා මරා දමන බවත් සක්වල වැඩසටහනේ 37 වැනි සුහුරු පන්ති කාමරය උතුරු කොළඹ ඩි ලා සාල් විද්‍යාලයට ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු කීවේය.
කැබිනට් තීන්දු සහ නීතිය උල්ලංඝනය කර විදුලි බිල නැංවීමට රජය කටයුතු කරන බවත් එක වසරක් තුළ 3 වතාවක් අනිතිකව විදුලි බිල වැඩි කර විෂය භාර ඇමතිවරයා වීරයකු මෙන් පංපෝරි ගසමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජල විදුලිය නිෂ්පාදනය ඉහළ මට්ටමක පැවතුණත් මාස 3න් 3ට විදුලි බිල වැඩි කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු කීවේය.
බිලියන ගණනක් ලාභ ලබන ලිට්රෝ ගෑස් ආයතනයත් විකිණීමට රජය සූදානම් බවත් මේ නිසා සේවක ආරක්ෂව පවා අහිමි වි ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිපුතේ ඉස්සරවෙලාම හොයලා බලන්න කොටින්ට ආයුධ දීපු හැටි... ඊළඟට අපේ රටේ කොල්ලෝ 60,000 ක් අමු අමුවේ මරලා දාපු හැටි. ඔහේ දැන් හිතාගෙන ඉන්නේ ඊළඟ ජනාධිපති වෙන්නද? ඒවා හඳේ. ඊළඟ ජනාධිපති මාලිමාවෙන්... ඊටපස්සේ ඔයාටත් හිරගෙදර කූරු ගනින්න වෙනවා සත්තයි...
අපරාදේ එදා ගත්තා නම් වගකීම ඔය කතා නොකියා ඉන්න තිබ්බා.. වැඩකාරයාට...!
මෙයා දැන් ලංකාවටම මූසලයි....
පිනාටත් බැහැ.. ඔයාටත් බැහැ... අනිත් අයටත් ඕක කරන්න බැහැ...