(බිඟුන් මේනක ගමගේ)
රාජ්‍ය ආයතනයන්හි දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි භාරගැනීම ජනාධිපතිවරයාගේ නියෝගය මත අද(7) සිට තවත් සතියක් දීර්ඝ කර ඇත.
ජනාධිපති කොමිෂන් සභාවෙන් 2015 ජනවාරි මස 14 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනයන්හි වූ දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම හෝ අවභාවිතයට එරෙහි බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණිලි හා තොරතුරු ලබාදිය හැකිය.
අද(7) එම පැමිණිලි බාරගන්නා අවසන් දිනය හැටියට නම්කර තිබුණි.
ජනපති නියෝගය අනුව ලබන 14 වැනිදා දක්වා ද පැමිණිලි කිරීම් හා තොරතුරු දීම් කළ හැකි යැයි එහි නිලධාරියෙක් පැවැසීය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසම ජනාධිපතිවරයා විසින් ඉකුත් ජනවාරි 17 වැනිදා පත්කෙරිණි.
ඉහත සඳහන් එක් කරුණක් හෝ කරුණු කිහිපයකට අදාළ ඕනෑම ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන්, ලේකම්, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දුෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව, කාමර අංක 210, (බ්ලොක් 02) දෙවෙනි මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට යොමු කළ හැකිය.
මෙම කොමිසමට ඊයේ(6) වනවිට පැමිණිලි 412 ක් ලැබී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාපොරොත්තු වුන ආකාරයට අවශ්‍ය අයට විරුද්ධව පැමිණිලි ලැබිලා නැතුවා වගෙයි.
මේවා ඉතාමත් අත්‍යවශ්‍ය දේවල්. නමුත් යොදාගන්නේ දේශපාලන ප්රචාරයට පමණයි.