මෙරට යුද්ධයේ දී අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ දෙවැනි වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ දී සභාගත කරන ලෙස ඉල්ලා පිරිසක් ජනාධිපතිවරයා වෙත ඒකාබද්ධ ලිපියක් යවමින් දන්වා යවා ඇත.
ජිනීවා හි එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයින් දෙපළක් වන අචාර්ය දයාන් ජයතිලක, තමාරා කුනනායගම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මහාචාර්ය රජීව විජේසිංහ, ආනන්ද සංගරි සහ නීතීඥ මනෝහාර ද සිල්වා ඇතුළු දෙදෙනෙක් ඊට අත්සන් තබා ඇත.
පසුගිය 16 වැනි දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමාරයා ඉදිරිපත් කළ යෝජනාවට ප‍්‍රතිචාර වශයෙන් අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තා සභාගත කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd