මෛත්‍රිපාල සිරිසේන ජනපති අද (14) කළ ප්‍රකාශය ගැන දැඩි ලෙස කලකිරීමකට පත්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වහාම කැඳවා ඊළඟට ගත යුතු පියවර තීරණය කළ යුතු බවත් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය නිවසේදී අද හදිසි පුවත්පත් සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ අදහස් නොබියව ප්‍රකාශ කිරීමට කොන්දක් තියන ජනාධිපතිවරයෙක් ලංකාවේ පහල වුනේ පළමු වතාවට. මේක අපේ අයට පුරුදු නෑ. අපේ ගොඩක් අය ඉතිහාසය පුරා දේශපාලන කපටින්ගේ රැවටීම් වලට ලක්වුන අය. ඒවමයි ඉල්ලන්නෙ. ගොඩක් අය තමන්ගේ දූ දරුවන්ගේ සම්පත් හොරා කන මන්ත්‍රීලා පත් කර ගන්නෙ පුදුම මනාපයකින්. එවැනි අය මේ ක්ෂේත්‍රයෙන් අයින් කරන්න කැමතිම නෑ. ඒකට එකම හේතුව ඔවුන්ගේ වචන වලට රැවටීම (නදී)
අඩන එකේ කෙළවරක් නෑ වගේ? මිට කලින් ලොකුම බලපෑම් එනකොටනම් සද්ද බද්ද නෑ. එවෙලේ කතා කලානම් අද මෙහෙම වෙන්නෙත් නෑනේ?? (ම)
අප නම් මෛත්‍රිපාල සිරිසේන ජනපතිතුමාගේ ප්‍රකාශය ගැන අනේක වාරයක් සතුටුවෙනවා. එතුමාගේ දේශපාලන පරිනතභාවය යලිත් වරක් අප පැහැදිලිවම දුටුවා. ඔබලාගේ හිත්වල ඇති උන කලකිරීම්වලින් අපේ රටට කිසිම ප්‍රයෝජනයක් ඇති නොවේ. (නදී)
ජනාධිපති සිරිසේන මැතිතුමා, තමන්ගේ නිලයට නොගැලපෙන කතාවන් බොහොමයක් කියන බව අපට දැන් දැන් පෙනී යනවා. ජනපති කෙනෙක් හැටියට හිතා බලා, රටටත් ජනතාවටත් උචිත දේවල් ප්‍රකාශකරමින් ඉටුකිරීම එතුමාගේ පරම යුතුකම වෙන බව එතුමාට අප අමුතුවෙන් මතක් කර දිය යුතුද ? (ස)
වහලුන්ට වහලුන්සේ ඉන්න දෙන්නේ නැහැ කියා කල කිරිලා වාගේ . වහල් බාවයෙන් මිනිසුන් බේරා ගන්නවට අකමැති නිසා කල කිරීමක් (බ)
ඔබට ජය ජනක මැතිතුමනි! (නි)
ජනක මහත්තයාට මම කවදත් ගරුකරනවා (නි)
ජනක මහත්තයෝ සන්තෝෂ වෙන්න... ඔබට නිදහසේ කතා කරන්න පුළුවන් වාතාවරණයක් රටට ලැබුනට (බ)
රජකාලේ දඩුවම් දෙන්න (නදී)
ජනක අැමතිතුමා කලකිරුණේ ගිය දෙසැම්බර් මාසෙදිනේ. අපිට මතකයි හොටු පෙර පෙර ඇඩුවා (බ)
ඔන්න දැන් ගොනා කාණුවේ. කරත්තේ තවම පාරේ. (නදී)
ඉන්දික මහත්තයාගේ ඔය කොන්දක් තියෙන ජනාධිපති වගේ කට්ටිය අපිට පොල්පිත්තක් ගත්තම දෙක තුනක් කපා ගන්න පුළුවන්..මොකක්ද මහත්තයෝ..ලජ්ජා නැද්ද..තමන්ට ඡන්දය නොදුන් ජනමතයක් කලගුණ සලකන්න අමු අමුවේ පාවල දෙන්න ,තමන් සභාපතිත්වය දරන පක්ෂයේ පරාජය පතන්න..අපි ඔය ප්‍රකාශය අගය කරනවා නිදහස් පක්ෂෙන් අයින් වෙලා කළා නම්..තවත් ඒක බදා ගෙන ඒකට ද්‍රෝහී කම් කරමින් මේ විදියට ඉන්න හදන්නේ අපේ වචන වලින්නම් දේශපාලන පිසාචයෝ විතරයි.රටක රාජ්‍ය නායකයෙක් නෙමෙයි මහිලා සමිතියක සභාපති කෙනෙක්වත් නොකරන තුට්ටු දෙකේ ක්‍රියාදාමයක් මේක.අපේ ලක්ෂ 58ක ජනමතය එයාට පාලනය කරන්නත් බැහැ..අපි එහෙම කරන්න ඉඩ දෙන්නෙත් නැහැ..හෙට අනිද්දට ඔය සභාපතිකම් අත ඇරලා එයාට යන්න වේවි.නැත්නම් බලෙන් යවාවි..පක්ෂයකට ඕන පක්ෂය දිනවන නායකයෙක් මිසක් පවා දෙන්නෙක් නෙමෙයි. (බ)
ඔය ටික කදුළු පිස දමමින් කලා නම් මරු. කමක් නැහැ තව ටික දවසින් ඔක්කොම රඟ දැක්වීම් අවසන් (නදී)
පේනවා නේද රටේ දැන් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය. දැන් අවශ්‍ය විදියට ඕනෑ කෙනෙකුට කතාකරන්න නිදහස ලැබිලා (නි)
ජනපතිතුමා පක්ෂය පවා දුන්න පලවෙනි වතාව නෙවෙයි. එයා දැන් ඒජාපයට ගැති වෙලා ඉවරයි. (ම)
කතාව හොදයි . හැබැයි පක්ෂ නායකත්වයෙන් අයින් වෙලා ස්වාධිනව කළානම් . (ම)
මෙවන් ජරා දේශපාලකයෙකුට ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රීලනිපය ගැන කවදාවත් නැති තරම් ආදරයක් උපන්නා නම් මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොරුන්ගේ කුඩ්ඩන්ගේ සහ එතනෝල් කාරයන්ගේ තෝතැන්නක් කරද්දී ඒ ආදරය තිබුනේ කොහේදැයි අවංක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ විමසති..(බ)
වහල්ලු වහල් බවයෙන් මුදවා ගත්තම කියනවලු ,"අනේ අපිට සහ අපේ දරුවන්ට ඒකාධිපතියාගේ වහල්ලු වගේ ජිවත් වෙලා මැරෙන්න ඉඩ දෙන්න" කියල.(ම)
"ඒකාධිපතිය සහ කල්ලියෙන්" රට නිදහස් කර ගනිමු.(ම)
අගමැති කමට සුදුසු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නායකයන් අතර ඔබ නැත්ද? එකද ඇඬුනේ (අ)
දැන් නම් ජනාධිපතිගේ ඔලුව අවුල්වෙගෙන එනවා වගේ. අධික වෛරය මානසික රෝග වලට හේතුවෙනවා .වෛද්‍යවරයකුට පෙන්වා උපදෙස් ලබාගන්න (ම)
ජනාධිපති තුමාගේ කතාව අගය කරන්න ඕන.හේතුව තමයි පක්ෂයේ ඕන තරම් ජ්‍යෙෂ්ඨ අය ඉන්නවා අගමැති වෙන්න. එ්ත් මහින්ද මහතාට බලය ඕන 2 වතාවක් ජනාධිපති වෙලා ආයේ මොකටද පාර්ලිමේන්තුවට එන්නේ හදන්නේ.හරිම නරක පුර්වාදර්ශයක් රටට දෙන්නේ.මම දකින විදිහිහට අපිට අවශ්‍යය ශ්‍රී ලංකා ආණ්ඩුවක් මහින්ද නැතුව මෛත්‍රී ජනාධිපති යටතේ පක්ෂයේ ඉන්නේ ජ්‍යෙෂ්ඨයෙක් අගමැති ලෙස පත් කරලා.(බ)
පුද්ගල වන්දනාවේ යන්නේ නැතුව අඩන්නේ නැතුව ඔබතුමා අගමැති වෙන්න ! (ම)
අපේ ජනාධිපතිතුමා පක්ෂයේ සභාපතිකම බලෙන් ගත්තේ නැ.. එතුමාට භාරගන්න කිවුවා.. ඒ වෙලාවේ හැටියට සුදුසුම දේ එතුමා කළා.. (ම)