IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනපති කතානායක- අගවිනිසුරු අමතයි

(අංජුල මහික වීරරත්න)

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කථානායකවරයාත්, අග්‍රවිනිශ්චයකාර වරයාත් සාකච්ඡා කර විසදාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දැනුම් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම දැනුම් දීම කරන ලද්දේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටත් සහ අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතාටත් ඊයේ පෙරවරුවේ වෙන වෙනම දුරකතයෙන් අමතමිනි.

පොලිස්පතිවරයා ගේ ගැටලුව කෙබඳු ආකාරයට පැවතුනත්, ලබන 21 දා පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සිය සහාය මැතිවරණ කොමිසමට ලබා දෙන බවද ජනාධිපතිවරයා කතානායකවරයාට සහ අගවිනිසුරුවරයාට තවදුරටත් දැනුම් දී තිබේ.

සැප්තැම්බර් 21 දිනට නියම කර ඇති ජනාධිපතිවරණයට කිසිදු බාධාවක් ඇති නොවීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය  සෑම සහායක්ම ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් දැනුම් දී ඇත.

 



අදහස් (12)

ජනපති කතානායක- අගවිනිසුරු අමතයි

Prabha Sunday, 28 July 2024 06:52 PM

මේ සැරේ ගෙදර යන්න වෙනවා

:       113       99

අරවින්ද මොනරවිල Sunday, 28 July 2024 06:52 PM

බොරු ෂෝ දානවා.

:       100       89

Deepal Nirosh Sunday, 28 July 2024 07:38 PM

මොනවා සාකච්ඡා කරන්න ද? අධිකරණමය ගැටලු අධිකරණය මගින්ම විසඳා තීන්දුව ලබා දිය යුතුයි.

:       78       95

රට වැසියා Sunday, 28 July 2024 08:27 PM

ඡන්දය මග හරින්න ගහන ගේමක් වගෙයි පේන්නේ,

:       62       91

nuwan Sunday, 28 July 2024 09:56 PM

මෙයාට තව දුරටත් මේ රට පාලනය කරන්න දුන්නොත් කොහොමට හිටියිද?

:       2       5

buddi Sunday, 28 July 2024 10:26 PM

මෙයාට තව දුරටත් මේ රට පාලනය කරන්න දුන්නොත් කොහොමට හිටියිද නේද? මෙයා කෙසේ හෝ දේශබන්දුවම ගේන්න හදන්නේ ලොකු ගේමක් ගහන්න තමයි. අග්‍රවිනිශ්චයකාරතුමාට කියලා නීතිය ආපස්සට ගන්න තමයි මේ හදන්නේ. අග්‍රවිනිශ්චයකාරතුමාට එහෙම නීතිය ආපස්සට ගන්න පුළුවන්ද? අපි නම් හිතන්නේ නැහැ... එතුමා එහෙම කරයි කියලා...

:       1       4

ජයනාත් Sunday, 28 July 2024 11:11 PM

ජේආර් පාරෙම යනව. එයා කලෙත් අධිකරණය එක්ක ගැටෙන එක. ගලුත් ගැහුව මතකද .

:       2       4

Perera Monday, 29 July 2024 01:00 AM

ශ්‍රේෂ්ටාධිකරණය තීන්දුවක් දී තිබෙනවිට අගවිනිසුරුවරයාට ඒ පිලිබඳ කතානායකවරයා සමඟ සාකච්චා කිරීම කොහෙන් ආපු ක්‍රමවේදයක්ද ?මෙයා රටේ නීතිය දන්නේ නැහැ

:       2       3

විජිත් Monday, 29 July 2024 01:47 AM

ගරු අධිකරණය යනු රටක ජනතාවට යුක්තිය පතා යා හැකි රටේ ඉහලම තැනයි.ශ්‍රේෂ්ටාධිකරණයෙන් දෙන තීන්දුව " අවසාන " තීන්දුවයි. ඊට අභියෝග කිරීමට කිසිවෙකුට හැකියාවක් නැත. යමෙක් ඒ තීන්දුවට අභියෝග කරයිනම් ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම මානසික රෝගියෙකි. නාකි හපුයියා ආයෙත් වලිගෙ පාගාගෙන. ගරු ශ්‍ශ්‍රේෂ්ටාධිකරණය කලේ දේශබන්දුව විරුද්ධව ඇති පෙත්සම් විභාගයට ගන්න තීරණය කොට , නඩුව අවසාන වනතෙක් ඔහුට පොලිස්පති තනතුරේ සිටීම තහනම් කිරීමයි.එහිදී පොලිස්පතිව පත්කළ ආකාරය පිළිබඳව සඳහනක් වුනේ නැහැ. නමුත් මේ මොලේ අමාරුකාර හපුයියා කියන්නේ " පොලිස්පතිව පත්කළ ආකාරය ..පිලිබද කතාවක්. තමන් පරදින බව දන්නා මේ මහල්ලාත්, මේ චන්දයෙන් පසු තමන් බුක්ති විඳින සැපසම්පත් ,බලය ..අහිමිවෙලා බල්ලෙකුටත් අන්ත තැනකට වැටෙන බව දන්නා හොරු,මිනීමරුවෝ, පාතාල කප්පම් කාරයෝ..ඔක්කොමත් බයවෙලා , ඇඳුම්වල මුත්‍රා පහවී දඟලනවා..

:       1       3

Rata Perata Monday, 29 July 2024 03:15 AM

සහාය දෙන්න ඕන තමයි. ඒකට තමයි ඔය තනතුර තියෙන්නේ. මෙයා හරියට කතා කරන්නේ රටේ අයිතිකාරයා වගේ. වයසට යනකොට සමහර අයට පිස්සු වගේ හැදෙනවා.

:       2       4

Swene Haputhantirige Monday, 29 July 2024 04:34 AM

පට්ටපල් බොරු මවා පෙන්වන නිසා කුමක් කීවත් ඒවා ජනතාව ගණන් නොගනී. උදාහරණ: අරගලයේ අයට සියලු පහසුකම් දෙනවා කියලා දිගට හරහට නෙළුවා. අගමැති කාලේදී විවිධාකාර දේවල් කිව්වා. අන්තිමට ඒවා පුස්සක්

:       1       2

අමල් Monday, 29 July 2024 06:20 AM

ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පීළිබද නඩු විභාගකිරීමේ සම්පූර්ණ බලය ව්‍යවස්ථාවෙන් ලබාදී තිබියදී. ජනාධිපතිවරයා එම කටයුතු වලට මැදිහත්වන්නේ ඇයි? නඩු තීන්දු වලට යටත් විය යුත්තේ සාමාන්‍ය ජනතාව විතරක් ද? රනිල් රටට ලබාදෙන ආදර්ශය ඉතාම ශෝචනියයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site