
(ටී.කේ.ජී.කපිල )
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2025 - ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , එම සංචාරය නිමා කර අද (13 ) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
එසේම ජනාධිපතිවරයා සමග එම රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට එරටට ගොස් සිටි ශ්‍රී ලංකා දූත පිරිස ද , ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඔවුන් අද උදෑසන 08.25 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉකුත් පසුගිය 10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩ බැරි පොල්පිති ආවත් එකයි ගියත් එකයි. මාස තුනෙන් ෆේල්.
යෝගා දන්නේ නැතුව ඇති මේ සමුළුවේ ලංකාවට ගොඩක් ආයෝජන අවස්ථා ගැන සාකච්ඡා කරා කියලා. සමහර විට යෝගා රනිල් ගේ බාර් ලයිසන් ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. රට කෙල වුනත් තමා ගොඩ ගියොත් ඇති කියලා තමයි යෝගා හිතන්නේ.
"යෝගා, ජෙබයියන්ට පොල්පිටිත් මාර විදිහට වටිනවා. ඒක හින්දා අපි මොනවත් නොකියා ඉමු. බොත්තම් සීන් එක නම් මටත් හිතගන්න බෑ. පිනා කොළඹ ගිහිං!"
ආවට පස්සේ කෙලින්ම රාජාන්ගනේ පිං ලිඳ ගාවටම යන්න. ලංකාවේ නම කන්නෙ නැතුව