ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක තනතුර අනවශ්‍ය තනතුරක් වුවත් අහිතකර අය පත්වීම වැළැක්වීම සඳහා තමා තරගයට එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක වුයේ ජනපතිවරණ ප්‍රථිපල ලැබීමෙන් පසු ඇමෙරිකාව බලා ගිය හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි.
එක්සත් ජාතික පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනපති සිරකරුවකු කර ශ්‍රි ල නි ප අකර්මන්‍ය කීරීමට තැත් කරතියිද ඔහු පවසයි.
‘අද දේශපාලනය විහිළුවක්. මන්ත්‍රීන් බහුතරය පාර්ලිමේන්තු විපක්ෂයේ .ඔවුන් හොරුන් බව කියමින් මඩ ගහනවා.එකම හොරෙක්වත් අහු වුණේ නෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම වැරදි .පාට කන්නාඩි ගෙන බලනකොට ඔහොම පේනවා (ස)
ඔබ හරි ...ඉදිරියටම යමු (ස)
මෙය තව දේශ පාලුවෙකුගේ වැඩකට නැති මෝඩ කතා (ස)
පිවිතුරු යහපාල; ඔබ හරියටම හරි. නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්ගේ සිත් වල ඇති හැන්ගීම ඒ අයුරින්ම වචනවලට පෙරලා මෙහි සටහන් කලාට ඔබට ස්තුති. (හේ)
වැඩි හරියක් හොරුන් සිටියේ යු එන් පියෙ, ඒවා මතක නැහැ , දැන් ඉස්සා වගේ අපි සුදනා කියමින් රනිල් මහතාගේ පිරිස කැහ ගහනවා , ඉස්සාගේ ඔලුවේ අසුචි තියෙනබව දන්නේ නැද්ද ?(ස)
ඔහොමා තමයි එයාලට රට ගියාම (ස)
අනේ ඔය අවලංගු කාසි කියන කතා දැන් කවුරුවත් අහන්නේ නෑ ආයුබෝවන්. ‘(නදී)
යන විදියට නම් කතාව ඇත්ත.(ස)
කොලපාට ජනපති කෙනෙක් ගේන්න තමුන්ට බැරි බව දන්න නිසා තමයි යු.එන්.පී එක මෛත්‍රී සරණ ගියේ. රනිල් ඉල්ලුවා නම් උඩින් පරදින්නේ. කොහොම උනත් ශ්‍රිලනිප අනාගතයක් ගැන හිතනවා මහින්ද මහත්තයව ගේන්නම ඕනා, සිරිසේන, චන්ද්‍රිකා, නිමල් ඔය කාගේ නායකත්වයෙන් ඉල්ලුවත් මහින්ද නැත්තම් පක්ෂය පරාදයි. (නදී)
ඒක නේ අබරෝ මම මේ කිතුලෙන් බැස්සේ..(ස)
එහෙනම් මොකද, පක්ෂයේ සහ ඇමති ධුරයේ කළකිරීමෙන් ඉන්නකොට මෛත්‍රී මැතිතුමාට සහය නොදුන්නේ? දැන් ආඩපාලි කියනවා. හරියට යු.එන්.පී.ය බලෙන් එතුමාව මේගොල්ලන්ගේ පක්ෂ මුලස්ථානයට කඩාගෙන වැදිලා උස්සාගෙන ගිහිල්ලා වගේනේ කතාව. (නි)
අනේ නඩරාජා, ඉස්සර ඒවා මතක්කර ගත්තා නම් පසුගිය කාලයේ උඩගිහින් සිටි උදවිය මේ වෙනකොට ආණ්ඩුවේ බෝඩිමේ. තවම හොරකම් කළා කියලා එක හොරෙක්වත් අත්අඩංගුවට අරගෙන නැහැනේ. (නි)
පක්ෂයට මොනවද කරලා තියෙන්නේ කියලත් දැනගන්න කැමතියි (නි)
නඩරාජා, 2002 සිට තිබුන ආණ්ඩුව යු .ඇන් පි හොරුන් ඇල්ලුවේ නැත්තේ. (නදි)
කටේ මසුරන් දාන්න වටිනා කතාවක්. දැනට ඉන්න දේශපාලකයන් අතර ඔබගේ අදහස්වලට යම් වටිනාකමක් තිබෙනවා. (නි)
ඔබ නම් නියම නිර්භීත පුද්ගලයෙක් (නි)
එකම හොරෙක්වත් නැහැ නේද? (නි)
නියමයි, නිදහස් පාක්ෂිකයෝ හැටියට අපිටත් පක්ෂය එපාවෙලා තියෙන්නේ! ඔබතුමාවත් මේක බේරගන්න! (නි)
ඇයි නඩරාජා, රනිල්ගේ පිරිස විතරද? මහින්ද මහතාගේ වටේ සිටි සමහර අයත් හොරා හොරා කිය කියා තමන්ගේ දේශපාලන මහගෙදරට ඇඟිලි දික්කරන්නේ නැද්ද? සමහරු නඩුත් දාලා තියෙන්නේ. නිකම් උඩ බලාගෙන කෙළ ගහගන්න එපා. (නි)
නඩරාජා, එතකොට අර මර්වින් මැතිතුමා ළඟදි දුෂණ වංචා චෝදනා වගයක් එල්ලකළේ කාටද? දන්නේ නැතුවා වගේ කටමැත දොඩවන නිසා ඇහුවේ. (නි)
අනේ මෙහෙමත් කතා! (නි)
ආ! මෙන්න වැඩක්. දැන් එ.ජා.ප. කට්ටිය බලෙන් උස්සාගෙන ගියා වගේනේ මේ කතාව. (නි)
ඉතින් ඒ ටික යු.එන්.පී. ය කරනතුරු ඔබතුමාලා මොනවද කළේ? අඩුගානේ මෛත්‍රී මැතිතුමාට පක්ෂය ඇතුළේ ප්‍රශ්න ආවිට එතුමාගේ පැත්තට කතාවත් කළාද? (නි)
ජයවේවා! (නි)
මෙතුමා පසුගිය කාලයේත් පක්ෂය වෙනුවෙන් දෙයක් කළාද? එහෙම බැරිනම් කෙළින් තීරණයක්වත් ගත්තාද? දැනුත් එච්චරයි කියලා තමයි මම හිතන්නේ (නි)
පහුගිය කාලේ තාත්තල , පුතාල රාජපක්ෂලාගේ පස්සේ ගිහින් කරන හැම වැරැද්දටම සම්මාදම් වෙලා දැන් රට ගොඩගන්න ඔක්කොම එකතුවෙලා වැඩ කරනකොට එ්ක කඩාකප්පල් කරන්න හදනවා. (නදී)
නිකන් යු අැන් පි එකට ඇඟිලි දික් කරන්න එපා. මෛත්‍රී මහතා පක්ෂයේ ඉන්න කොට උන අසාධාරණ වලට ඔබ කටවත් ඇරියේ නැහැනේ. එහෙම කලා නම් තත්වය වෙනස් වෙන්න තිබුනා. අපහසුතාවට පත් වූ එතුමාගේ සපෝට් එකට ඉතාම ටික දෙනයි ඒ පක්ෂයේ හිටියේ. ඔබ දැන් තේරුමක් නැතිව බාලාංශ පන්තියේ ළමයෙක් වගේ චෝදනා කරනවා. (නදී)
බලන්නකෝ ඒකෙත් හැටි. ඉන්න තැනට සහාය දෙන්නෙත් නැහැ. අනෙක් පැත්තට යන්නෙත් නැහැ. (නි)
මට නම් මේ දේවල් වලින් කිසිම වැඩක් නැහැ. (නි)
විධුර මහත්තයා මොනවා කිව්වත් මෛත්‍රී ජනාධිපතිතුමාව හිරෙන් එලියට දැම්මේ යු. එන්.පී කාරයෝද? ශ්‍රී ලංකා කාරයෝද කියල ඔලුව තියෙන ජනතාවට නම් තේරෙනවා. ඔය හොරු ටික එදා එතුමාට අපහාස උපහාස කරපු අන්දම රටේ ජනතාව ඉවසීමෙන් බලාගෙන ඉඳල තමයි ඡන්දෙ හරියටම පාවිච්චි කලේ. ආයෙමත් ඔය කම්බා හොරුන්ට නම් මේ රටේ රජකම් කරන්න අපේ ජනතාව ඉඩ තියන්නේ නැහැ. හැබැයි ඔබතුමාට නම් ජය ගන්න පුළුවන් වෙයි, හොරෙක් නොවන නිසා. (නදී)
දයාවතී හෙවත් පිවිතුරු බන්දුල අයියාට සිතේ ඇතිවන හැඟීම අපිටත් පේනවා. (නදී)
ඉස්සර මීයෝ වගේ ඉඳල දැන් වීරයෝ වෙන්න යනවා.(නදී)
මන්ත්‍රීතුමෝ ජනපති පරද්දන්න වැඩ කළ මෛත්‍රී යු ඇන් පි සිරකරුවෙක් වෙයි කියලද කියන්නේ ? පුදුම ලෙන්ගතු කමක් දැන් තියෙන්නේ. (නදී)
හැමෝම ඉතින් කාගේ හරි හිර කාරයෝ. කපන්න බැරි අත ඉඹින්න ඕනනේ (නදී)
තමුන්නාන්සේ නොදන්නා දේසපාලනය ගැන කතා කරන්න ගිහින් ඇන ගන්න එපා. තාත්තලා දේසපාලනය කරා කියලා පුතාලා ඔක්කොම පිළිගන්න මිනිස්සු සුදානම් නෑ . අනික ඔහෙලා ශ්‍රී ලංකා එකේ හිටියට ඔහෙලා තමා මහජන පක්සේ අටවාගෙන පිටිපස්සෙන් පිහියෙන් ඇන්නේ එදා. (අ)
ජයවේවා(අ)
ඉතින් ඔබතුමාට තිබුනානේ මයිත්‍රී මැතිතුමා පක්ෂයේ ඉන්න කාලයේ එතුමාගේ සහයට ඉන්න. කලකිරුන වෙලාවේ මොකද කියලවත් ඇහුවේ නැතිව දැන් ආඩපාලි කියල වැඩක් නැහැනේ. මොකෝ යු එන පිය ඔබලාගේ පක්ෂ කාර්යාලයට කඩන් පැනල එතුමාව බලහත්කාරයෙන් උස්සගෙන ගියාද ?(අ)
තමන්ගේ පක්ෂයට ද්‍රෝහී වෙලා තමන්ගේ නායකයට පිටිපස්සෙන් පිහියෙන් අැනල යු අැන් පි එකට කරන්නේ කොහොමද කියල හිතන්නවත් බැරිව හිටපු ශක්තිමත් නායකයෙක් යටතේ ශක්තිමත්ව තිබුණු .තමන්ගේ පක්ෂයේ බලය කුමන්ත්‍රණ කරලා බිදලා තමන් දරා ගෙන හිටපු දේශපාලන බල අධිකාරිය විනාශ කරලා සතුරන්ට තමන්ගේ පාර්ලිමේන්තු බලයත් ඡන්දයක් නැතුවම පාවල දීපු තමන්ගේ පාක්ෂිකයින් ට යු අන් පි මැරයන් අතින් ගුටිකන්න පාර කපවපු අයෙක්ව පක්ෂයේ සභාපති කමට එහෙයියන් පිරිසක් බවට පත් වුනු සිරිපාල උන්නැහේ ප්‍රමුඛ සන්ධාන නඩේට චිත්ත රෙදි ටිකක් අන්දලා යහපාලානේට පවන් සලන්න අවන් පත අවන් පත බෙදල දුන්නනම් හරි..මහින්ද මහත්තයව එලවල බුදු වෙන්න හැදුවොත් කට්ටියට වෙන්නේ සදාකාලිකව විපක්ෂේ ඉන්න තමයි..(අ)
පිවිතුරු බන්දුල හිතන්නේ ඔය පක්ෂයට මේ කල්පය අවසාන වෙනතෙක් දෙවැනිපෙළ නායකයෙක් ඕනෑ නැහැ කියලා. (නි)
අන්තිමේදී ජනතාව රැවටෙන එක තමයි හැමදාම වගේ වෙන්නේ (නි)
හරියටම හරි (අ)
අපිට රවට්ටන්න බොරු කියන්න එපා. ජනාධිපති හිර වෙන්න එයා බබෙක් නෙමෙයි. ජනාධිපති තුමා ඒවා ඔක්කොම කියල තමයි පොදු අපේක්ෂකයා උනේ. මහින්දලා හොරකම් කරනකොට මේ කයිවාරු කාරයෝ කොහෙද හිටියේ. (නදී)
බලනකොට මම විදුර ගැන හිතාගෙන හිටිය විදිය වැරදිනේ.... (නි)
සහතික ඇත්ත (නි)
කටේ මසුරන් දාන්න වටිනවා. (නි)
කවුරු කොහොම කිවුවත් ඔය එන්නේ තනතුරු ආශාවටම කියලා තමයි ඉතින් අපි නම් හිතන්නේ (නි)
යහපාලන කුමරිය හොරෙන් අරන් ගිහින් හිර කරන තුරු ඔබතුමාලා මොකද කලේ? සිහින බලමින් ගොරව ගොරව නිදා ගත්තා. හීනෙන් ඇද වැටෙයි කියල කවදාවත් හිතුවේ නැහැ. (නදී)
හරියටම හරි (නි)
කාලෙකින් ශ්‍රී ලංකා මන්ත්‍රී කෙනෙක් බයනැතුව ඇත්ත කතාකළා. ඔබතුමාට ජයවේවා ! (නි)
ඔබ ගත් තීරණය ගැන සතුටුයි (නි)
විදුර හොරු ඇල්ලුවේ නැහැ කිව්වට අනෙක් පැත්තේ අය කියන්නේ හොරු ඇල්ලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටුවිමට කටයුතු කරන බවනේ! (නි)
පොළවේ පයගසා ජීවත්වන, රටට, ජනතාවට වැඩක් ඇති යමක් කළ හැකි කෙනෙක් බව පේනවා. ඔබට සුබ අනාගතයක්....! (නි)
මගෙන් මොකුත් අහගන්න එපා. (නදී)
මට හිතෙන දේ මෙතන ලියන්න අමාරුයි (නි)