මහවැලියේ අවසන් විදුලි බලාගාරය වන ඉහළ කොත්මලේ විදුලි බලාගාරය මහින්ද රාජපක්ෂ ජනපති අද විවෘත කෙළේය. මෙගාවෝට් 150ක විදුලි ධාරිතාවක් ඒ සමග ජාතික විදුලි බල පද්ධතියට එක්වෙයි. සාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ආශ්‍රයෙන් ඉදි කළ මේ බාලාගාරයට රුපියල් කෝටි 4500ක් වැය විය. ජපාන සහයෝගීතා බැංකාව සහ ශ්‍රී ලංකා බැංකුව ඒ මුදල් යෙදවීය. විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක ද රජයේ මැති ඇමැතිවරු ද මෙම අවස්ථාවට එක් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු වැඩ
සුභ පතනවා නියම මහින්ද රජ තුමනි, ශ්‍රී ලංකික අපි ඔබ සමගයි
ජනපති තුමාට ජයවේව .... 120 ට 1020 ක් ආයු බොහෝ වේවා අපේ කලේ දුටුගැමුණු රජතුමා .. ඔබතුමාට තෙරුවන් සරණයි ..
ඔය වේල්ලෙන් මැති ඇමතිවරු නිලධාරී කීදෙනෙක් එගොඩ යන්ද ඇද්ද සුදු ඇදගෙන
සුබ පැතුම්
මොන විදුලි බලාගාර හැදුවත් වැස්ස නැත්නම් අපි කළුවරේ ? යන්නකෝ සුලන් බලාගාරවලට
අපේ රට දවසෙන් දවස දියුණු වෙනකොට එක අපට ආඩම්බයක් .ජනපති තුමනි ඔබට සුබ පැතුම්
බණ්ඩාරනායක තුමියට පින්සිද්ද වෙන්න රටේ මිසුන්ට අමතක වෙලා මේවා කව්ද පටන් ගත්තේ කියල
හරි හරි ප්‍රශ්නයක් නැ ... මම ඔයා "සෙන් ක්ලෙයා" දිය අල්ලේ ෆොටෝ ටිකක් කෝකටත් කියල ගත්ත . පස්සේ කලක මෙතැන එහෙම එකක් තිබුන කියල අපේ පොඩි උන්ට පින්තුරේ හරි පෙනන්න පුළුවන්නේ ...
අනේ මන්ද ලංකාවෙ අගේ තේරෙන්න මැද පෙරදිග එන්න ඕන. ඔය වනන්තර තියෙන ටික පරිස්සම් කර ගන්නත් තව ගස් වවල වැඩි කර ගන්නත් වැඩ පිලිවෙලක් හදනව නම් අපේ ජනපතිතුමා අම්මප බුදුවෙනව වෙන කියන්න විදියක් ඔලුවට එන්නෙ නෑ හොදද මංද
ඉතාමත් හොද දෙයක් ඔබ තුමාට ස්තුති වන්තවෙව !!!
හොද දෙයක අගය දන්නේ නැති මිනිස්සු ඉන්න රටක මොනවා කලත් වැඩක් නැහැ
තුන්වෙනි ෆොටෝ අකට මධුගේ ෆොටෝ එකක් දාන්න බැරිද කලකිරීම නැති වෙයිද බලන්න
සන්තෝසයි සන්තෝසයි .අප්‍රමාණ සන්තෝසයි .අපේ සුබපැතුම් .
ඇයි මදූට ඉරිසියාද?????.....
මේවා ඉදිකලාට වැඩක් නැ බිල අඩු වෙන්නේ නැ
මෙවැනි විශාල ජලාශ හැදෙන කොට, යම් යම් ප්‍රදේශ වල පොළොව වියැළීම, ළිං හිඳෙන එක ඇත්ත. අනිත් මහවැලි ජලාශ හින්දාත් මේ දේම සිද්ධ වෙලා තියෙනවා. ඒත් ලක්ෂ ගාණකට සෙතක් වෙනකොට, දහ දොළොස් දාහකට අමාරු කම් විඳින්ඩ වෙනවා කියන එකට කරන්ඩ දෙයක් නෑ. තව තව අඩුපාඩුත් එමට ඇති. අනික, ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලට ලොකු බලපෑමක් නොවන විදිහට තමා මේ ජලාශයේ ඉඳිකිරීම් සැලසුම් කළේ. තවත් එකක්, මේ ජාලාශයට යට වන බිම් වල ලයින් කාමර වල පදිංචි වෙලා හිටපු පවුල් දහස් ගණනකට ඉතාම හොඳ තත්ත්වයේ නිවාස දහස් ගාණක් හදල දීලත් තියෙනවා. අන්ධයින් කෙළෙස අරුත් ගැන්වුවත්, පියවි ඇසින් මේ සියල්ල නිරීක්ෂණය කළ අයෙකු ලෙස මට නම් මෙය අදහා ගත නොහැකි වික්‍රමයක්, මෙය ආරම්භයෙදී පටන් ඇති වූ බාධක සළකා බලන කොට.
මධු වගේ අය නිසා තමයි අද රටම කලකිරිලා ඉන්නේ ..
රට සංවර්ධනය කරන ඒක නායකයකුගගේ වගකීම. ඒ හරහා කොටි ප්‍රකෝටි ගණන් ගසා කන ඒකයි වරද
කොහොමද ආශ්චර්ය නියමයි නේද ?
කෙහොමද ආශචර්‍ය...................
සුබ පැතුම් ...හරි වැරැද්ද තේරුම් ගන්න බැරි අයට මොනවා කරත් වරදියටමයි පෙනෙන්නේ .පක්ෂ බේදයකින් තොරව හරි දේ අගයන්න .
වැඩේනම් හොදයි . එත් මගදී කොටි 4500 න් කියක් සක්කුවේද දන්නැ නේද ?
ජනපතිතුමනි,කොතරම් හොඳ කළත් දුදනෝ නොවෙති යහපත්.
පනාමුරේ විදුලි උපකරණ පිළිස්සේ
මේක ඉතාමත් හොඳ වැඩක් අගය කරන්න ඕනි මොකද මේක අනාගතයට හොඳ ආයෝජනයක්.හැබැයි අද රටේ වියදම හැටියට නම් සංවර්දනය මදි.ගොඩක් තියෙන්නේ බොරු වියදම් ආණ්ඩුවේ.
කොටි 4500 ක් වියදම් කරලා හැදුව වගේ විදුලියත් දෙන්න
එරන්ද , මේක අස්චර්යක් නෙවෙයි හොද වැඩක් සතුටුයි , මධු පාට කන්නාඩිය ගලවල මේක දිහා බලන්න .
"රොෂාන් සෞදි 2012-07-15 10:25:22 එරන්ද , මේක අස්චර්යක් නෙවෙයි හොද වැඩක් සතුටුයි , මධු පාට කන්නාඩිය ගලවල මේක දිහා බලන්න" රොෂාන් සෞදි මෝඩ කතා කියන්න එපා. මොකද කොටි ගණන් වියදම් කරලා ඕව හැදුවට ලංකාවේ ජෙවත් වෙන්න පුලුවන්ද. කොටින්ම කියුවොත් ලයිට් බිල අඩුවෙනවද. සෞදි ඉගෙන ලංකාවේ වෙන වැඩ ගැන දන්නේ කොහොමද
වැඩේ නම් හොඳයි ,,එත් පුදුම මාධ්‍ය නිදහසක් නේ ලංකාවේ තියෙන්නේ ,,?විෂයට අදාල ඇමතිගේ ෆොටෝ එකක්වත් නැහැ .කොහෙවත් ඉන්න කට්ටියගේ නම යනවා ,,
@ කසුන් . ඔයා එන්න පිලිපිනෙට ..ඔයා වගේ මෝඩ විදිහට හිතන අය ඉන්න කම් ලංකාවට ගොඩ යාමක් නැ ..
ජපන්නු මොකද පේන්න නැත්තේ ?
මිනිසුන්ගෙ මෝඩකම තමයි. ජලය ඉක්මනට හිංග වෙන මේවගෙ යුගයක ජල විදුලි බලාගාර හදන එක තරම් වෙන මොන මෝඩ කමක් තියෙනවද? ඒකෙන් පෙන්නෙ අපේ නායකයන්ගෙ දුර සිතීමේ හැකියාව තමයි.
අප සැමගේ සුභපැතුම්..
**** පිරිසකට රැකියාවක් රටට යහපතක් ****
අතිගරු ජනාධිපතිතුමා රට වෙනුවෙන් කරන උදාර මෙහෙවරට පූර්ණ ආශිර්වාදය පතමු!
වඩා හොදයි ....මේවා මීට කලින් කරන්න තිබුන ඒවා ...එත් ඉතින් ..බොරු වියදම් තමයි වැඩි
සුබ පැතුම් රජ තුමනි .
මෙන්න මේ වගේ වැඩ තමයි තීන්දු තීරන අරගෙන රටක් වෙනුවෙන් කල යුතු වන්නෙ.ඒවාට ජනතාවගේ ප්‍රසාදය නිතැතින්ම හිමිවනු නොඅනුමානය............
අන්න දැක්කනේ අපේ රජතුමාගේ වැඩ ටිකක් ඉවසන් ඉන්න එතුමා බඩු මිලත් අඩු කරල පෙන්නයි.
එක දෙයක් ඉදිරියට යද්දි අනික් දේ විනාශ වෙනවා.සාන්ත ක්ලෙයාර් දිය ඇල්ල වගේ.
හොද දෙයට හොදයි කිවයුතුයි තමයි. නමුත් සාන්ත ක්ලෙයාර් දිය ඇල්ල විනාශ නොකර කළානම් තමයි වැඩේ නියම වටිනාකම ලැබෙන්නේ.
ආයේ කොහේ හදයිද දන්නේ ????????????
ඔබතුමාට ඇති ඊළග අභියෝගය නම් මිනිසුන්ගේ චර්යාවන් සංවර්ධනය කිරීමය
විදුලි බිල අඩුවෙයිද ,
අධුරෙන් එලියට ...
මේ ව්‍යාපෘතියට කොච්චර ගස් කපන්න ඇද්ද? දැන් කරන්න තියෙන්නේ පුලුවන් තරම් ගස් හිටවන එකයි. නැත්නම් ඉදිරියට ප්‍රශ්න ඇතිවෙයි
කෝටි 3200 ඉ වැඩේට ගියේ....
නියමයි
කව්රු මොනවා කිවත් අන්තිමට එන්නේ මෙතෙන්ටම තමයි
අනේද කියන්නේ , සුමානයක් පව්වොත් ජලාශ හිඳෙන රටේ මොන ජල -විදුලියද . ජලාශ වැටීම හෝටල් ගොඩාක් හදල කොල්ලන්ට රස්සාවල් දීල විදුලිය "import" කොරානම් තමයි නියම !
කෙනි ඔයා වැස්සකටවත් පාසැලකට ගියෙ නැද්ද . ඹයාලගෙ නායකයා වගෙ ඔචිචර කුහක වෙන්න ළුපා.
අයියෝ කෙනී තාමත් ඔයා කොළ ද ?
තාමත් කෙනී වගේ මෝඩ විදියට හිතන මිනිස්සු ලංකාවේ ඉන්නවා ,අනී අපොයි ...
ඉතා හොද දෙයක්,වියදම ටිකක් වැඩි උනත් අගය කරමු. තව හොද විදුලි බලාගාර දෙකක් කළුතර දිස්ත්‍රික්කයේ හැදිය හැකිය.ඇමති තුමනි හදන්නේ නම් අගනේය. 1.අගලවත්ත ආසනයේ හැඩිගල්ලෙන් ඇතුළු වී,මගුරු ගගේ ඉහල කොටසේ "හෙන්ච වල ආශ්‍රිතව "එකක්ද, 2.එම ආසනයේම අත්වැල්තොට ලගින් ගග හරස් කොට තව බලාගාරයක් හැදිය හැක, බලවත්තුන්ට පෙනේවා.දැනේවා.
මෙහෙම තමයි රට ගොඩනගන්නේ ඒ ගැන මට හරි සතුටුයි. ආඩම්බරයි. හැබැයි කලට වැසි වසින්න මිනිස්සු දැහැමි වෙන්න ඕනේ. රටපුරා පස් පව් වැහැල. ඒක ජනපතිතුමාගේ වැරැද්දක් නෙමේ. දැන් අපට රජෙක් ඇති.
ණය ගන්නැතුව කරනව නම් වැඩත් හොඳයි
ඇයි එක පාරකුත් මේක විවෘත කළේ?
මේකේ නම මොකක්ද?
හොද වැඩක්.හැබැයි ඉතින් මේක හදපු දවසේ ඉදන් අපේ පැත්තෙ ළිං හිදිල.අපි පොඩි කාලේ ඉදන් තිබුන ජල උල්පත් හිදිල.බලාගාරය වගේම අපේ ජල ප්‍රශ්නය විසදන්න.
ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලට දවල්ට වතුර ටිකක් දුන්නා නම් නේද හොද?
කොච්චර ලස්සනද බලන්නකෝ හසන්ත
තුන්වෙනි ඡායාරූපය අයින් කරන්න බැරිද? මට ඇති වෙන්නේ ලොකු කළකිරීමක්
පාන් මිල අඩුවෙයිද? ගෑස්වගේ......