ඉදිරියේ දී ජනාධිපතිවරයා සහභාගිවන උත්සව සඳහා දරුවන් යොදා ගැනීම සම්පූර්ණයෙන් ම තහනම් කරණ බවත් ජාතික වශයෙන් වැදගත් නොවන කිසිදු උත්සවයකට තමන් සහභාගී නොවන බවත් ජනාධිපතිවරයා පැවසීය. තමන් ගමන් නොකරණ කිසිදු අවස්ථාවක දී තම පවුලේ කිසිවකුට හෙලිකොප්ටර් යානා ලබා නොදෙන බව ද ජනපතිවරයා කියා සිටියේය. කොටුව ඇතුළු ප්‍රාදේශීය ජනාධිපති මන්දිර කිසිවකට නොයන බවත් ඒවා ආරක්ෂාවන ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේ ද යන්න ඇමති මණ්ඩලය සමග සාකච්ඡා කරණ බව ද හෙතෙම කීවේය. ජනපතිගේ ආරක්ෂාවට සිටි 4000ක ආරක්ෂක බල ඇණිය 1000ක් දක්වා අඩුකළ බවත් කීවේය. ජනතාවට අපහසුවක් වන පරිදි වාහන පෙළ භාවිතා නොකරණ බවත් ජනපති පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි වැඩේ. කොහොමත් දැන් ජනාධිපතිට බලයක් නැහැ නේ. කියන කියන දේට එහෙයි. (නදී)
ඔබාමා ජනාධිපතිට ඉන්නේ ආරක්ෂකයන් 420 ප්‍රමානයක් පමණි (නදී)
කොහොමත් මෙතුමාට ජීවිත තර්ජනයක් නැහැ. ආරක්ෂාව 100% කින් අඩුකරත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මොකද ටී.එන්.ඒ එකයි, මුස්ලිම් කොන්ග්‍රසයයි දෙකම ඉන්නේ මෙතුමාගේ සබාග ආණ්ඩුවේ. (නදී)
මේ ඇසිලින් නෝනත් හොඳයි අරයටම ආදන්න. මොකද කට ඇරියොත් කියන්නේ රට අවුළුවන ගොන් කතාවක්. ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඉන්නේ මෑන් පවර් එකකින් ගත්තු කට්ටියක් කියල හිතුවද රක්ෂා නැතිවෙන්න. එම නිලධාරීනුත් ප්‍රභූ ආරක්ෂකයෝ. ත්‍රිවිධ හමුධාවේ නිලධාරීන් විත්තිය දන්නෙම නැද්ද? (නදී)
අනේ ඔබතුමාට මොන තර්ජනද? 10කුත් වැඩියි (නදී)
විජිතගේ කතාව සම්පුර්ණ ඇත්ත. (නදී)
ඇත්ත තමා කොටි මෙතුමාව මරන්න ප්ලෑන් ගහන්නේ නෑනේ. සී.අයි.ඒ රෝ පස්සෙන් පන්නන්නේ නෑනේ මහින්ද රාජපක්ෂ මහත්තයට වගේ. ඉතින් මෙතුමාට බේරෙන්න තියෙන්නේ විපක්ෂයේ අයගෙන් විතරයි. ඉතින් තව ගාඩ් එක අඩු කරගත්තත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ (නදී)
නාස්තිය හා දුෂණය අවම කිරීමට ඔබතුමා දරණ උත්සාහයට අපගේ ප්‍රණාමය. සරල නිහතමානී මිනිසෙකුගේ වටිනාකම තමයි මෙය. මෙතුමට පින් සිද්ද වෙනවා. මීට කලින් හිටපු සේරම ජනපතිවරු රට කාල ජනතාවගේ සල්ලි වලින් ඇතුලට වෙලා සැප විඳලා. දැන්වත් රටට හරියයි (නදී)
මෝඩ වීරයෙක් වෙන්න හදන්න එපා. මෙය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ආරක්ෂාවට හොද මදි. (නදී)
"බල සුබනිමිති පෙරමග නැකතටත් වැඩි" ඔබතුමාගේ නිහතමානි ගති ගුණය ට බොහොම දෙනෙක් ගරුකරනවා. 3000 ට රැකියා අහිමිවෙයි කියල බයවෙලා තියෙන්නේ " ඇසිලින් " නැන්දගේ රස්සාවටත්, සැක මතුවෙලා නිසාද? (නදී)
හිටපු ජනාධිපතිතුමාට හොඳට ආරක්ෂාව ඕන උනේ එතුමා මෙරට ජාතික වීරයෙක් වුන නිසා. එතුමාව විනාශ කරන්න මෙරට මෙන්ම විදේශ බලවේග සැලසුම් කළා.(නදී)
දැන් සමහරු බලාගෙන ඉන්නේ රට ආපහු කොටියට යනකම් (නදී)
අතීත රජවරු දැහැමින් රට දැය පාලනය කල කේන්ද්‍රස්ථානයක ඔබ ඉන්නේ. ඒ ගැන අපි හදවතින් සතුටු වෙනවා. මමද එ් බීමේ අසල්වැසියෙක් නිසා. ගරු මැතිඳුනි ඔබගේ නිමල ගමන් මඟ ලක් වැසි සියලු දෙනාට යහපතක්ම වේවා (නදී)
අනේ ඇසිලින් නෝනා, මෝඩ කමට බෙහෙත් නැහැ කියනවනේ. ඔය ආරක්ෂකයින් හැටියට ඉන්නේ හමුදා සෙබළුන්. ඔවුන් ජනාධිපති ආරක්ෂා කිරීමේ රාජකාරී වලින් මුදවනවා කියන්නේ හමුදාවෙන් අයින් කරනවා කියන එක නෙවි මැට්ටියේ. (නදී)
දෙවැනි අගමැති විග්නේස්වරන්ද ? (නදී)
ආරක්ෂාව අඩු කරන එක ඒ තරම් හොඳ නැහැ. අනික මහින්ද රාජපක්ෂ හිටපු ජනාදි පති තුමාගේ ආරක්ෂාවට හිටපු අය කළේ එතුමාගේ ආරක්ෂාව ගැන බලපු එක විතරයි. නැතුව දේශපාලනය කළේ නැහැ. කව්රු හරි එ්ක නැහැ කියනවා නම් එ්ක ලොකු වැරදි වැටහීමක් (නදී)
දැනට හොඳයි වගේ. එ්ත් ප්‍රේමදාස ආව ගමන්මත් ඔහොම තමයි කළේ. ඒවා මතක ඇති පරණ කට්ටියට. කව්ද හිතුවේ එයත් එහෙම වෙනස් වෙයි කියා. ඉතින් අපි බලමු මෙයා මොකෝ කරන්නේ කියල පස්සේ. (නදී)
මොකද ටී.එන්.ඒ එකයි, මුස්ලිම් කොන්ග්‍රසයයි දෙකම ඉන්නේ මෙතුමාගේ සබාග ආණ්ඩුවේ (නදී)
මෙතුමාට කොහොමත් වැඩිය ආරක්ෂාව වැඩක් නැහැ. දැන් යුද්දෙකුත් නැහැ, කොටිත් මෙතුමා සමග මිත්‍රයි. තව ටික දවසක් ඔය විදියට යමුකෝ. (නදී)
එතකොට ඔය 1000 දෙනා කොහොමද 2850 න් දවසක් නඩත්තු කරන්නේ ? එක්කෙනාට රු . 2.50 ක් ගානේ දුන්නා නම් මෛත්‍රී ට 350 ක්ම ඉතුරු වෙනවා (නදී)
අනේ පුතේ හමුදාවෙ නම් ඉන්නේ කාරියක් නෑ. අපි ඕවා කොහොම දන්නවයැ. ටෝමියයි, පැංචයි විතරයි මට ඉන්නේ. අලින් ගෙන් බේරෙන්න මේ මහා කැලේ. (නදී)
හොඳ වැඩක්. (ර)
රටට පිළිලයක් වී තිබු පාලන තන්ත්‍රය වෙනස් කරමින් මේ ගෙනයන පාලනයට අපි ආශීර්වාද කරනවා.බොරුවට වාහන ගොඩක් භටයන් ගොඩක් දාගෙන මහජනතාව අපහසු තාවයට පත් නොකරන එක කොච්චර හොදද ?? බොහොම ස්තුතයි ඔබ තුමාට (දිල්)
නිහතමානී ආදර්ශවත් මනුස්සයෙක්. (ර)
ජනපති ආරක්ෂක භටයන් 4000 ක් 1000ට බස්සයි ඉතිරි 3000 ලංකාවේ සදාචාරය ස්ථාපිත කිරීමට යොදවන්න(දිල්)
හරිම හොඳයි. ආරක්ෂක බට සංඛ්‍යාව අවශ්‍ය විට වැඩි කරන්න (බ) .
මෙන්න නියම ජනාධිපතිලා රට සල්ලි ටික කන්නේ නැතිව මනුස්සයන්ට කන්න ඕන කරන දේවල් අඩු කරලා රටට අත්‍යවශ්‍ය දේවල් හොයල බලල කරා නම් ඒ හොඳටම ඇති (බ)
මොන තරම් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්ද ? හරි නම් කොමෙන්ට් වරුසාවක් වස්සන්න වටිනවා. එ්ත් මිනිස්සු මොකුත් නොකියා බලන් ඉන්නේ ඉස්සරත් කට්ටිය ඔහොම කියල ඒවාට හුරේ දෑවට අන්තිමට ඒවා ක්‍රියාත්මක නොවුණු නිසයි. අනේ මිනිස්සු රවට්ටන්න නම් එපා. (නදී)
රටට යහපාලනයක් එයි ජයවේවා.! (ර)
ඔබ තුමා ටිකක් ඔබගේ ආරක්ෂාව ගැනත් සිතන්න. විදේශ නොවේ, අපේ රටේ කොටසක් ඔබේ ජිවිතයට තර්ජනයක් විය හැකිය. කෙසේ උවත්, ඔබ වැනි අයට තිස් තුන් කෝටියක් දෙවි රැකවරණ සහ ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබෙන බව විස්වාසයි (නදී)
ජනාදිපති ඒ වගේ ආදර්ශමත් වෙනකොට මැති ඇමති වරුන්ට නිකම්ම හරි දේ කරන්න වෙයි ..... මෙන්න නියම ප්‍රජාතන්ත්‍රවාදය (නදී)
පොඩි කාමරයක මේසයක් සහ පුටුවක් ඇති කියු මෛත්‍රීට වාහන පෝලිමක්ද අනවශ්‍ය නිසා 4 දෙනෙකු හොදටම ඇති.(නදී)
ව්‍යායාම වලට ගිය ගමන් මංගල ඡායරූපයක ඉන්නවා දැක්කා (නදී)
ඔබේ ආරක්ෂව දෙවියන් බලාගනිවී. අපේ අදහස් සහ යෝජනා ජනාදිපති තුමාගේ සුරතටම ලැබීමට අවස්ථාව ජනතාවට ලබාදෙන්න (නදී)
උඩ ගමන් ගියේ නැත්නම් හෙලිකොට්ටේරුවෝ මලකඩ කනවනේ (නදී)
උඩ ගමන් ගියේ නැත්නම් හෙලිකොපටර් මලකඩ කනවනේ.? (ර)
හේරා, ජනාධිපති ආරක්ෂක අංශයට පඩි ගෙවන්නේ අාරක්ෂක අමත්‍යංශයෙන් (නදී)
නියමයි (නදී)
මම නම් කියන්නේ 1000 කුත් වැඩියි (නදී)
ඇසිලින් කියන්නේ නම් මට හිතෙන හැටියට බන්දුල ගේ සහෝදරියක්. භාෂා විලාශය එකම ජානයකින් පැවත එනවා වගේ. (නදී)
ජාතික වශයෙන් වැදගත් නොවන කිසිදු උත්සවයකට රටෙහි ජනාධිපතිවරයා සහභාගී නොවීම වැදගත්ය. රටෙහි ප්‍රධාන පුරවැසියාගේ වටිනා කාලය වැදගත් ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම සඳහා යෙදවීම වඩා ප්‍රයෝජනවත්ය. හිටපු ජනාධිපතිවරයා සති පොළවල් විවෘත කිරීම වැනී සිල්ලර කටයුතු වලටත් සහභාගී වනු අපි දුටුවෙමු. එසේම රටෙහි ප්‍රධාන පුරවැසියා විවාහ වල සාක්කිකරු ලෙස අත්සන් කිරීම වැනි කටයුතුද සීමා කළ යුතුය.(නදී)
මෙච්චර කාලයක් රට පාලනය කළේ පිස්සොද මන්දා (නදී)
මෙන්න අපේ ආදර ජනපති (නදී)
මම දන්නා උගත් බැංකු විදායක නිලධාරිනියක් ලංකාව හැරදමා පිටරට පදිංචියට ගියේ මේ ආරක්ෂකයෙකු ඇය රාජකාරියට කොළඹ විදියක ඇවිද යන විට අසවලා ගේ රිය පෙළහරට ඉඩ දෙන්න කියල ඇයත් ඇතුළු ඒ අවට සිටි ජනයාව පාර අයිනට දැක්කුවා. සෙනග තෙරපිමේදී ඈය නැවතුනේ කානුවක. මේ ප්‍රභූ ආරක්ෂකයන් තරම් උද්දච්ච කොට්ටාශයක් රටේම නැහැ. (නදී)
අති විශිෂ්ඨයි ජනාධිපතිතුමනි. ඔබගේ ප්‍රතිපත්ති වලට මගේ ආචාරය (නදී)
තිලින උදයංග, ප්‍රභූ ආරක්ෂකයන් දේශපාලනය කලේ නාමිකව නෙවෙයිනේ. පාරේ යනකොට හතර වටේ මිනිස්සුන්ට සත්තම දමාගෙන හිටපු හැටි මතක නැහැ වගේ. ඒකත් දේශපාලනයේ එක අංගයක් (නදී)
මම කලින් වැඩ කලේ කොටුවේ චැතම් විදිය දිගේ ඇවිදගෙන යන්න තිබෙන කාර්යාලයක. අපිව උදේ හවස ජනාධිපති ආරක්ෂක සේවාවේ කට්ටිය පරික්ෂා කලේ හරියට ජාතික අපරාධකාරයන් පරික්ෂා කරන ගානට. ඒත් කමක් නැහැ ඒ කාර්යය විනීතව ආචාරශිලිව කරනවා නම් . අර පරික්ෂා කරන්න යොදවපු ලමා තැනිලා ටික එතනින් උදේ හවස රැකියාවට යන එන අපිට දාපු පාට් ටික බලන්න ඕනා. (නදී)
අනේ සාදු සාදු, මේ කරගත් පින් ටිකම ඇති ජනාධිපති තුමාට. (නදී)
සම්පත් ඔයාගේ කතාව සියයට අනු නවයක් හරි. අඩුවකට ඇත්තේ කොටි ඩයස්පෝරා එකත් සිරිසේන මහත්තයාගේ පැත්තෙනේ. අනික කොටි හිතවාදීන් ගේ වෛරය තියෙන්නේ මහින්ද මහත්තයත් එක්ක විතරමනේ. (නදී)
ඔය කියන 1,000 ත් අවශ්‍ය නැහැ ලගදීම උතුර බාර දුන්නට පස්සේ ගේට්ටුව අරින්න දෙන්නෙක් හිටියම ඇති. අපේ හරක්ට මහින්ද ජනාධිපති තුමාගේ වටිනාකම තේරෙන්නේ ලංකාවෙන් බාගයක් අහිමි උනාට පස්සේ. (නදී)
අවවාදයට වඩා ආදර්ශය උතුම්. ශ්‍රී ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යය මෙයයි. යහපත්ව වැඩ කරන්න දෙවියන් විසින් ආරක්ෂා කරනු ලැබේ. (බ)
රටක් කරන හැටි මෙි පිස්සන්ට බල ලෝබීන්ට පෙන්නලා ගෙදර යන්න ඔබට පින් (නදී)
අනේ ඇයි ඇසළ එහෙම කියන්නේ,එතුමාගේ වටිනාකම දන්නා කට්ටිය ලක්ෂ 57 ක්ම හිටියනේ.(හේ)
නාස්තිය හා දුෂණය අවම කිරීමට ඔබතුමා දරණ උත්සාහයට අපගේ ප්‍රණාමය. (නදී)
ඇසළ සහ ඇසිලින් නෝනාව ගැට ගහගෙන පිවිතුරු යහපාලට පුළුවන් දක්කාගෙන යන්න කරත්තේ. තවමත් මැදමුලන වලව්වේ ලොන්ඩරියේ වැඩ කරන කට්ටියක් ඉන්නවා. (නදී)
මෙතන සමහරුන්ට මොනවා කළත් වැරදියි (නි)
මෙතුමට පින් සිද්ද වෙනවා. මීට කලින් හිටපු සේරම ජනපතිවරු රට කාල ජනතාවගේ සල්ලි වලින් ඇතුලට වෙලා සැප විඳලා. දැන්වත් රටට හරියයි (නදී)
නියමයි, 3000 කට රස්සා නෑ කියලද කිව්වේ? (නදී)
ශ්රී ලංකාවේ දේශපාලනය හොඳ අතට හරවන හැරවුම් ලක්ෂයක් (නදී)
දැන් චන්ඩියෙක් වෙලා වගේ නේද? (නදී)
සරල නිහතමානී මිනිසෙකුගේ වටිනාකම තමයි මෙය (නදී)
ඔතන ඉන්න අය හැමෝම වගේ මාරු කරන්න ඕනි. මොකද ඔය මිනිස්සු තමා නාමල්ගේ නිල් බලකාය කිය කියා විපක්ෂේ රැස්වීම් වලටයි මිනිස්සුන්ටයි ගැහුවේ. ගොඩක් කඩාකප්පල් වැඩ වලට හවුල් උනේ. මොකද ඔතන ඉන්නේ ඔක්කොම රාජපක්ෂ රෙජීමයේ හා ඔහුගේ ගැත්තන්ට කඩේ ගිය අය (නදී)
ගාර්ඩ් එක තියාගන්න, තාම මැරකල්ලිය අවට ගැවසෙනවා (නදී)