මුදල් ඇමැතිවරයා ද වන මහින්ද රාජපක්ෂ ජනපති අද(24)පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවේදී සිය දස වැනි අය වැය ඉදිරිපත් කිරීම ඇරැඹිය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී රිය අනතුරකින් පාදයක කොටසක් ඉවත් කැරුණු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ද අය වැයට පැමිණ සිටියේය.
නගරයට පමණක් සීමා වී තිබූ යටිතල පහසුකම් ගමට ද ව්‍යාප්ත කළ බවත්, පසුගිය දස වසරේ දී අර්ථවත් සංවර්ධනයක් ඇති කළ බවත් අය වැය පූර්විකාවේ දී මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රකාශ කළේය.
- ‘යථාර්ථවාදී දේශපාලන යෝජනා මගින් අර්ථවයක් දෙයක් රටටය හා ජාතීන්ට කිරීමට රජය හා එක් වන ලෙස දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලනවා.‘
- ‘විශ්ව විද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාර ගැටළුවට පිළියම් ලෙස සිසුන් 25000කට නේවාසිකාගාර ඉදිවෙමින් පවතිනවා.‘
- ‘පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි, විද්‍යාව හා තොරතුරු තාක්ෂණ දැනුම වැඩි කිරීමට දිවයින පුරා පාසල්වල පහසුකම් වැඩි කරනවා.‘
- ‘ගම්මානවල පාසල් සිසුන්ගේ සාමාන්‍යපෙළ ප්‍රතිඵල මට්ටම සියයට 62.4 දක්වා වැඩි වී ඇත. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලංකාවෙන් හොඳම 10 දෙනාගෙන් නව දෙනකු ගම්වල දරුවන්.‘
- ‘අපේ බලාපොරොත්තුව 2020 වන විට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව සියයට 90 දක්වා වැඩි කිරීමයි.‘
- ‘අපි රාජ්‍ය සේවය 1400000 දක්වා වැඩි කළා.‘
- ‘කැසිනෝ සඳහා ඇතුළුවේමේදී ඩොලර් 100ක් අය කිරීමට යෝජනා කරනවා.‘
- ‘මුල් ඒකක 25 වෙනුවෙන් ජල බිල සියයට 10කින් අඩු කිරීමට යෝජනා කරනවා.‘
-
‘අලුතින් සීනි කම්හල් හා යටිතල පහසුකම් ඇති කිරීමට අරමුදලක්‘
-
‘රාජ්‍ය වැවිලි සමාගමක් පිහිටැවේ‘
-
‘නව ජල යෝජනා ක්‍රම තැනීමට රුපියල් කෝටි 75ක්‘
-
‘වකුගඩු හා වතුර ආශ්‍රිත ලෙඩ රෝග අවම කිරීමට පියවර‘
-
‘මාතර- කතරගම දුම්රිය මාර්ගය ඉදිකරමින් පවතිනවා.‘
-
‘ලියුම් බෙදාහරින්නන් සඳහා සහන මිලට යතුරු පැදි.‘
-
‘සුළු ගොවීන්ට බිත්තර වී නොමිලේ.‘
-
‘පොහොර සහනාධාරය දිගටම.‘
-
‘වී කිලෝවක අවම මිල රුපියල් 40ක්‘
-
‘රබර් නිශ්පාදන සෙස් බද්ද රුපියල් 10කින් වැඩි කෙරේ.‘
-
‘පොල්වතු සඳහා දෙන ආධාරය රුපියල් 20000 දක්වා වැඩි කෙරේ.‘
-
‘ඇඟළුම් සේවකයනට විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කෙරේ.‘
-
‘දියර කිරි ලීටරයකට රුපියල් 60ක සහතික මිලක්.‘
-
‘දේශීය කිරිපිටි කිලෝවක් රුපියල් 100කින් හා යෝගට් මිල රුපියල් 03කින් අඩු කෙරේ.‘
-
‘වකුගඩු රෝගයට දරුණු ලෙස ගොදුරු වූවන් සිටින පවුලකට රුපියල් 3000ක ජීවන වියදමක්.‘
-
‘රජයේ ආයුර්වේද රෝහල් වෛද්‍යවරුන්ට රුපියල් 5000ක දීමනාවක්.‘
-
‘පෙරපාසල් ගුරුවරුන්ට රුපියල් 2500ක දීමනාවක්.‘
-
‘පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාරය 500 සිට 1500 දක්වා වැඩි කෙරේ.‘
-
‘ගුරු සහායකයන්ට රුපියල් 9500ක දීමනාවක්.‘
-
‘මහපොළ ශිෂ්‍යාධාරය ලබන ජනවාරියේ සිට මසකට රුපියල් 4000 දක්වා වැඩි කෙරේ.‘
-
‘දිවි නැගුම සමෘද්ධි මාසික දීමාව වැඩි කෙරේ.‘
-
‘ළදරු කිරිපිට සහන මිලට ලංකා සතොසින්.‘
-
‘විදේශ රැකියා වල යෙදෙන්නන්ට ගොවි විශ්‍රාම වැටුප මෙන් විශ්‍රාම වැටුපක් හඳුන්වාදේ.‘
-
‘වැඩිහිටියන් සඳහා දෙන රුපියල් 1000 මාසික දීමනාව 2015 සිට රුපියල් 2000 දක්වා වැඩි කෙරේ.‘
-
‘පොලිස් කොස්තාපල්වරුන්ට හා පොලිස් සැරයන්වරුන්ට රුපියල් 50000ක සහන මිලට යතුරුපැදි.‘
-
‘පොලිසියට වෙනම සේවා ව්‍යවස්ථාවක් හා නව වැටුප් ක්‍රමයක්.‘
-
‘ජූලි වර්ජක වැන්දඹුවනට විශේෂ දීමනාවක්.‘
-
‘රජයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 15000 දක්වා වැඩි කෙරේ.‘
-
‘රජයේ සේවක දීමනාව රුපියල් 10,000ක උපරිමය දක්වා 2200කින් වැඩි කෙරේ.
-
‘මහපොල හා පහේ ශිෂ්‍යත්වය රජයේ සේවකයන්ගේ දරුවන්ට ද ලබා දෙයි.‘
-
සේවක අර්ථසාදක අරමුදලේ හාම්පුතාගේ දායකත්වය 14% දක්වා වැඩි කෙරේ.
අය වැය කියවීම පස්වරු 4.30ට පමණ අවසන් විය. ජනපතිට අය වැය ඉදිරිපත් කිරීම සඳහා පැය තුනකට ආසන්න කාලයක් ගත විය.
පාර්ලිමේන්තු ඔක්තෝබර 25 වැනි දා තෙක් කල් තැබිණි.






















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වාහන බද්ද අඩුකරමුද ? මටත් වාහනයක් ගන්න ඉඩ දෙන්න (නදී)
අපේ ජනාධිපතිතුමාට තව බොහෝ කාලයක් මේ රට පාලනය කරන්න ලැබේවා. (නදී)
පුද්ගලික අංශයට මොකුත් නැහැ (නදී)
දීමනාවක්. ‘වියදමක්.‘ කියන්නේ මාස් පතාද? අවුරුද්දකට සැරයක්ද? පැහැදිලි මදි. විදේශ රැකියා වල යෙදෙන්නන්ට විශ්‍රාම වැටුපක් හඳුන්වාදේ.‘ කවදා ඉදන්ද? (නදී)
ඕවා එක රැයෙන් අායෙත් වැඩි කරනවා ආයෙත් ආවොත් (නදී)
ඔබ කළ මෙහෙය අති විශිෂ්ඨයි ජනාධිපතිතුමනි (නදී)
ජයවේවා ! (නදී)
යෝගට් එකක මිල රුපියල් 3 කින් අඩු කරලා. මොන යෝගට් බ්‍රෑන්ඩි එකෙන්ද ? (නදී)
විමල්, කොයි පැත්තෙන්ද දන්නෙ නෑ. (නදී)
මම ඔබ සමග එකගයි විමල් (නදී)
ගොවි විශ්‍රාම වැටුපට කරලා තියන හරිය බැලුවාම, විදෙස් ශ්‍රමිකයන්ටත් කරන්න යන හරිය හිතාගන්න ඇහැකි. (නදී)
කොච්චර දුන්නත් විපක්ෂ නායක ට නම් සතුටක් නැති හැඩයි (නදී)
විපක්ෂ නායක තුමාගේ මුණ බැලුවහම පේනවා මන් දෙනවයි කියන්න හිතන් හිටි ඔක්කොම දේවල් මෙයා දෙනවනේ කියල හිතන් ඉන්න බව (නදී)
ජය වේවා.... අපි සැමදා ඔබ සමගයි....(නදී)
විදේශ රැකියා වල යෙදෙන්නන්ට ගොවි විශ්‍රාම වැටුප මෙන් විශ්‍රාම වැටුපක් හඳුන්වා දේ. බොහොම හොඳ යෝජනාවක් (නදී)
මම ඔබ සමග එකගයි (නදී)
මේ ජනාධිපති අපි රැක ගන්න ඕනේ. කවදාවත් රට විනාශ කරන්න හදන්නේ නැහැ. එතුමා දන්නවා තමන් රටට හොද සේවයක් කලොත් තමන්ගේ දරුවන්ටත් හොද දේශපාලන අනාගතයක් ඇති වෙන බව. එ්ක නිසා දරුවෝ ඉන්න තාත්ත කෙනෙක් විදිහට කවදාවත් රටට හානියක් වෙන දෙයක් කරන්නේ නැහැ. (නදී)
යෝජනා විතරක් මදි. අනිවාර්යයෙන්ම විදේශගත සේවකයින්ට පෞද්ගලික අංශ සේවකයින්ට විශ්‍රාම වැටුපක් ලැබිය යුතුයි. එතකොට හැමෝම රජයේ සේවකයෙක් වෙන්න දගලන්නේ නැහැ. (නදී)
ප්‍රසංසනීය අය වැයක්. (නදී)
ඔබතුමාට පින්සිදු වෙන්න අද අපි නිදහසේ ජීවත් වෙනවා බයක් නැතිව. ඒ නිසා මෙවරත් ජනපති ඔබමයි සුභ පැතුම් (නදී)
අය වැය කියන එක අද වචනයකට පමණක් සීමා වෙලා . මුදල් ඇමති ඔය මොනවා හරි දෙයක් ලියා ගෙන ඇවිත් පැය ගානක් කෙකර ගාල කෙකර ගාල පුංචිම පුංචි බිත්තරයක් දානවා බලපුවාම එකේ ඇති දෙයක් නැහැ. ඒ වගේම ඒ දවස්වල මට මතකයි අය වැයකින් මිල වැඩි කල හෝ අඩු කල දෙයක් නැවත මිලෙහි වෙනසක් කරන්නේ අනිත් අවුරුද්දේ අය වැයේ විතරයි. එ්කටත් එක්ක දැන් අද අය වැයෙන් අඩු කල බඩුවක මිල හෙට ආයෙත් වැඩි කරනවා. ඕන් අද අපේ අය වැය ට ගිය කල (නදී)
අදහස් ලියල තියන අය මොලය උඩද ඉඳගෙන ඉන්නේ (නදී)
අහුවෙන්න නම් එපා මේ ගුණ්ඩු වලට (නදී)
ඒක නම් ඇත්තටම හරි (නදී)
හරිම සතුටුයි උඩ තියෙන ප්‍රතිචාර දැක්කහම (නදී)
මේවා හරි ලස්සනට හදල දෙන්න පුලුවන්. කරන්න ගියාම තමයි ප්‍රශ්නේ. කොහොමත් ආපහු ඔය සල්ලි යන්නෙ අපේ බදු මුදල් වලින් නේ. අනික ඉතින් යෝජනා විතරයි. මගදි වැඩි වෙච්චි ඒවා 1/2ක් අඩුකලා. අනික යෝජනා ක්‍රියාත්මක වන කිසිම දිනයක් සඳහන් කලේ නෑනේ. (නදී)
මෙම යෝජනා ක්‍රියාත්මක වීම 2015 ජනවාරි 08 ට පසු. (නදී)
සුදම්, ඔයාගේ මොළේ කොහෙද තියෙන්නේ ? (නදී)
මේ සහන මාස කීයක් දෙන්න පුලුවන්ද ? (නදී)
අපේ මිනිස්සු නම් මේවත් මදියි කියයි. කිකම්ම ඉදන් කන්න තමයි ආසාව. අපේ ජනාධිපතිතුමාට පින්සිදුවෙනවා මෙවැනි සහනදායී අය වැයක් ගෙන ඒම ගැන. (නදී)
ඇත්තටම මේ කියන දේවල් වලින් කීයක් කරන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ නේද ? (නදී)
බඩු මිල වැඩි වෙනකොට තමයි ඉතින් අමාරුවෙන්නේ.... (නි)
ඇයි මීටපෙර ඕවා නොදුන්නේ? මොනවා වුණත් අපි සැමදා විපක්ෂය සමඟයි (නි)
මට බය ඡන්දෙන් පසුව මේවා ගැන බලාපොරොත්තු තියන්න අමාරුවෙයිද කියලයි (නි)
පෞද්ගලික අංශයට යෝඋජනා කරන 500 නොදී හිටියත් කමක් නෑ. ප්‍රෝඩාව හැමතැනම, විශ්‍රාමිකයින්ට මොනවද දුන්නේ.?
මේදා පාර අය වැයෙනුත් හෝටල් සේවකයන්ට කිසිම සහනයක් දීලා නැහැ (නදී)
ආණ්ඩුවේ රැකියා කරන අය විතරද? පුද්ගලික අංශයේ වැඩ කරන අයට සහන කෝ? (නි)
ජයවේවා ජනපතිතුමනි (නදී)
සතුටුදායකයි! (නි)
සාගර, සමහරු වගේ ඍණ පැත්තම බලන්න එපා. ධනාත්මකව හිතන්න. (නි)
හොඳයි කියා ප්‍රතිචාර දැමූ අපේ මිනිසුනේ, "බලන් කඩතුරා හැර දෑසේ" (නි)
විමල්, කොයිපැත්තේ වුණත් මධ්‍යස්ථව සිට සාපේක්‍ෂව බලනවා නම් ඔබ හරි. ඇමෙරිකාවේ යුරෝපයේ කෝණ වලින් නොබලා අපි ලංකාවේ කෝණයෙන් බලමු. (නි)
අධ්‍යාපනයට මොකද වෙන්නේ එතකොට? (නි)
සහන දෙන හැටිනේ මේ කියලා තියෙන්නේ. ස්වයං රැකියාවක් කරන මට නම් බදු බර විතරක් ලැබෙන පාටයි (නි)
ඉතිහාසයේ ඉදිරිපත් වුණ අය වැය දිහා බැලුවහම මේක ජනතාවට හොද අය වැයක්. ගොඩක් අය කියනවා මෙයා දිනුවහම මේ සහන ඉවත් කරයි කියලා. එතකොට මෙයා පැරදුනොත් අලුතින් පත්වෙන කෙනා මීට වඩා සහන දෙයිද? ඉතිහාසෙ දිහා බැලුවම උත්තර හම්බවෙයි. ලිහල බලපු මළු වල ඔබල බලන්න දෙයක් නැහැ. මේ රටට කිසිම පාලකයෙක් නොකරපු තරම් යහපත් දේවල් කරේ මේ ජනාධිපති, ඉදිරියට කරොත් කරන්න පුළුවන් කම තියෙන්නෙත් මෙයාටම විතරයි. පාට කන්නාඩි ගලවල, කුහක කම පැත්තකින් තියල බලන්න. එතකොට සත්‍ය දර්ශනය වෙයි.(අ)
අයවැය කෙසේවෙතත්, බහුතරයකගේ මුහුණු හිනාවෙන් පිරිලා, මල් හැලෙනවා. ඡායාරූප පළකළාට ලංකාදීපයට තුති! (නි)
නියම ප්‍රතිචාරය කල් ඉකුත් වන දිනය 2015 ජනවාරි (නදී)
ඇයි දන්නෙ නැහැ යෝගට් වලට විතරක් මේ සහනය ලබාදුන්නේ? (නි)
බඩු මිල අඩුකරන්න කියන අයට පෙනෙන්නේ නැද්ද පඩි වැඩිකළ ඒවා? (නි)
මොනවා වුණත් ලංකාවට ගැළපෙන අයවැයක්. බොරුවට ලොකු පොරොන්දු දීලා නැහැ. ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් තිබෙන සාධාරණ අයවැයක්. (නි)
නියම අයවැයක් ආඩම්බරයි. පවුලේ වියදමත් ඔතනටම දැම්මනම් නේද හොඳ? (නදී)
දැන්වත් හෝරා කන එක නවත්තන්න කටයුතු කරමු (අ)
එතකොට පහු ගිය අවුරුද්දෙ බදු මිල වැඩි වුන විදිය ඒ ගිය අවුරුද්දෙ අය වැයේ තිබුනේ නෑනේ. ඒ වගේ ලබන අවුරුද්දෙ බදු මිලත් මේ අවුරුද්දේ වුනා වගේ හැටට හැටේ වැඩි වේවි .බොරු අහල රැවටෙන අහිංසක ජනතාව නේ..... (අ)
"ශිෂ්‍යත්ව විභාගයේ ලංකාවෙන් හොඳම 10 දෙනාගෙන් නව දෙනකු ගම්වල දරුවන්. දැන් ඉතින් දෙවියනේ කියල අපේ දරුවන් ගුරුවරු නැති , පහසුකම් නැති ගම්බද පාසල් වලටම යවන්න පුළුවන්. කොලඹ පාසැල් වල පුටු ටික දෙවියනේ කියලා ලක්ෂ 5-10දක්වා විකුණා ගන්න පුළුවන් (නදී)
අදහස් වලින් පේනවා රටේ මිනිස්සු මොන තරම් මෝඩද කියලා. දැන්වත් තේරුම් ගන්න මේ මොනවද වෙන්නේ කියා (නදී)
මම ඉගෙන ගත්තු ගම්පහ දිස්ත්‍රික්කයට අයිති පාසලට ,අවුරුදු 8 ක ආදීශිෂ්‍ය පදනමක් තිබිලත්,අවුරුදු 5 ක රට විරුවෙක් වෙලත් ,මගේ පළමු දරුවා ඉගෙන ගන්න ,සහෝදර පදනම තිබිලත්,එම පාසලට මගේ දෙවැනි දරුවාව දා ගන්න මුදලින් ලක්ෂයක් පරිත්‍යාග කරන්න අරගෙන ගිහිනුත් බැරි වුනා.ඉතිරි ටික හිතා ගන්න පුළුවන්නේ.(අ)
දමින්ද.රටේ බත් කන හරක්ට ලේ දෙන්න පුළුවන්.එත් මොලේ දෙන්න බැහැනේ අපිට.(අ)
ජයවේවා! මොනතරම් හෑල්ලු කරලා, මෙතුමාගේ ප්‍රයත්නයන් බාල්දු කරලා පරදවන්න උත්සාහ කළත් කළගුණ දන්නා අතීතය මතක ජනතාව අති බහුතරය මෙතුමා සමඟ ඉන්නවා. (නි)
හොඳයි තව ටිකක් බඩු මිළ අඩු කළා නම් නේද ? (නදී)
ජයවේවා ජනපතිතුමනි (නදී)
රටට ඕන වැඩේ නිසි වෙලාවට කරන ජනාධිපති (අ)
මහින්ද මහත්තය ලංකාව ගැනමද විස්තර කළේ එක කරුණක් පමණක් මම ඉදිරිපත් කරන්නම් අලි මිනිස් ගැටුම් ගැන ඔහු කසිම දෙයක් නැත.
යුද්දෙදි කකුලෙන් ඇදපු තුන්ඩු දීලා මිනී මරපු උදවිය අද මහා බුද්ධිමතුන් වෙලා. මෝඩයෝ ගත්ත නිවරුදි තීරණ නිසා තමයි අද මේ රටේ ත්‍රස්තවාදීන් නැතුව ගියේත්. ඒ වගේම බුද්ධිමතුන්ට මේ ජන්දයෙන් පස්සෙත් අපහාස කර කර උඩ බලාගෙන ඉන්න පුළුවන්. (නදී)
ජනාධිපතිතුමාගේ අය වැය කතාව සජීව ලෙස අන්තර්ජාලයෙන් එංගලන්තයේ සිට ඇසීමට ලබා දීම ගැන ලංකාදීපයට ස්තූතිවන්ත වෙමි.(දිල්)
කවුරු මොනවා කිව්වත් 1970 න් පසු හිටපු රටේ නායකයින් අතරින් ඔබ අංක එක බව වැඩි දෙනෙක් පිළිගන්නවා. චිරන්ජයතු!!!!!! (දිල්)
මේ පාරත් ජනතාව කැරට් අලෙ කයි ද? යන යකා කොරහත් බිඳ ගෙනම යනවා කියනවනේ නේද? මෙහෙම අය වැයක් දුන්නොත් රට මාස 6 ක් කරයි. අනිවාර්යෙන් ආණ්ඩුව බංකොලොත් වෙනවාමයි. ඊට පස්සේ එන ආණ්ඩුවටත් රට කරගෙන යන්න බැරි තැනට දලා තමයි ගෙදර යන්නේ. (නදී)
ජයවේවා ජනපතිතුමනි (නදී)
කොහොම හරි කමක් නැහැ අපේ අසරණ මහා ජනතාවට සෙතක්ම වෙවා...! දෙවියනේ ..!!! (ර)
මේ සේරම කොහොමත් කරන්න මේ අයට ඕන විදියට තමා .එක අපට වෙනස් කරන්න බෑ, (අ)
ඉස්සර පිං පඩි කියල යම් දීමනාවක් රජයෙන් දුන්නේ නැති බැරි සීමිත කොටසකට විතරයි. මේ අයවැයෙන් සමාජයේ හැම ස්ථරයකටම වාගේ මොනවා හරි සුභ සාධන දීමනාවක් යෝජනා කරලා තියෙනවා. මේ සියලු දෙනාම එතකොට යාචකයෝ, හිගන්නෝ, පුලන්නෝ ද? ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 යි කියල අජිත් නිවාඩ් උන්නැහේ කියනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් ( 4000 x 132) පන් ලක්ෂ විසි අට දහසක්.( 528,000/=) එතකොට මේ තරම් ආධාර යෝජනා කරන්නේ කාටද? මගේ පුංචි මොළයට තේරෙන්නේ නැති නිසයි අහන්නේ. දන්නා කෙනෙක් සිටීනම් කරුණාකරලා කියල දෙනවද? (අ)
වී කිලෝ 1 කට අවම මිල කීයද කියන එක ගොවියට වැදගත්. එත් සහල් කිලෝවක සහතික මිල කීයද කියන එකී පරිබෝගිකයට වැදගත් වෙන්නේ... වාහන වලට මොකක්ද විශේෂ බද්දක් හදුන්ව දෙනවලු.. ඇයි කියන්න බැරි ඒ විශේෂ බද්ද මොකක්ද කියල... (ර)
මමත් වරක් ඡන්දය දුන්නා නම් තමයි. නමුත් මෙවර නම් දෙන්නෙ නැහැ (නි)
උපාධිධාරින් තව ටිකක් සේවයට බඳවාගන්න. (නි)
දේශීය කිරි 100 කින් අඩු කළා. එතකොට අපි බොන පිට රට කිරි අඩු කරන්නේ රනිල් ආවහමද? පිස්සු තමා. (නදී)
මොන අය වැය ආවත් රටේ ජනතාව තමයි ලොක්කන්ව ජීවත් කරවන්නේ. (නදී)
තවම කැරට්, පතෝල එහෙම වීසිකලේ නැතිය? බලාගෙන ඕවා මාස තුනෙන් "කල් ඉකුත් වෙනවා". (නදී)
මම මේ ගැන විවේචනය කරනවා කියලා චෝදනා කරන්න එපා. මම දැනට ගතකරන ජීවන තත්වය මගේ ජීවිත කාලයේදී ලංකාවේදී කව්රු ආණ්ඩු කලත් ලබාගන්න බැහැ. නමුත් තාමත් මම උපන් බිමේ වෙන දේවල් ගැන සොයා බලනවා. මේ යෝජනා සබුද්ධිකව කියවලා බලන්න. ලංකාවේ ඒක පුද්ගල වාර්ෂික ආදායම ඩොලර් 4000 කියනවා. මේක අවම වශයෙන් රුපියල් හාරලක්ෂ අසුදහසක් හෝ මාසිකව රුපියල් 40,000 නේද? මම ලංකාවේ ජීවත් නොවුනත් මේ කියන ආදායම ලබන පුද්ගලයින් ලංකාවේ ඉන්නේ සීයකට එක්කෙනෙකුටත් අඩුවෙන් නේද? රටේ දළ වාර්ෂික ආදායම නය සහ පොලිය ගෙවීමටත් මදි වී, ඒ සඳහාත් පොලියට මුදල් ගන්නා තත්වයක නේද ලංකාව ඉන්නේ ? මේ දෙන සහනාධාර, මිල අඩු කිරීම් සියල්ලම කවදා හෝ පොලියත් සමග මහජනතාවගෙන් අය කර ගත යුතුයි නේද ? (නදී)
ආර්ථික විද්‍යාව නොදන්න පී. බි. මහත්තය නේද මේ අයවැය පිටුපස ඉන්නේ.ජනදිපතිතුමාව හොදට අන්දලා වගෙයි .ජනතාවට දෙවි පිහිටයි. (අ)
පහුගිය කාලේනේ ඕවා දෙන්න ඕනේ. (නදී)
"කල් ඉකුත් වීම - 2015 ජනවාරි" යන ලේබලය යටතේ නිකුත් කරන ලදී. (නදී)
බොහොම හොදයි.(අ)
මොනවද මේ කරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩුකරලා නැහැනේ (නදී)