ජාත්‍යන්තර පාසල්වල මවු භාෂාව, ආගම හා ඉතිහාසය උගන්වන්නේ නැති නිසා ඒම පාසල්වල ඒවා ඉගැන්වීම සඳහා නීති සම්පාදනය කරන ලෙසත්, රටට ගැළපෙන සහ අනාගත රැකියාවනට ගැලපෙන නව අධ්‍යාපන ක්‍රමයක් සකස් කරන ලෙසත් අධ්‍යාපන ඇමැතිවරයාටත් නිලධාරීන්ටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (18) උපදෙස් දුන්නේය. අමාත්‍ය කටයුතු නිරීක්ෂණයට අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අරඹමින් ජනපති එසේ කීවේය. දරුවන් සිටින්නේ ගුරුවරුන් වෙනුවෙන් බව පෙන්වා දුන් ජනාධිපති ගුණාත්මක අධ්‍යාපනයක් මෙරට දරුවන්ට ලබාදීම රජයේ අරමුණ බවත්, එම ක්‍රියාවලිය සඳහා විදුහල්පතිවරුන් මෙන්ම ගුරුවරුන් ද කැපවී කටයුතු කළ යුතු බව ද පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, සෑම අමාත්‍යාංශයක්ම අධීක්ෂණය කරන මෙන් ඉල්ලා සිටිමු. අදාල ඇමතිවරයා ඇතුලු සියළුම නිළධාරින්ගේ අකාර්යක්ෂමතාවයට පිළියම් යෙදීමෙන් පමණක් රට ඉදිරියට ගෙන යා හැකියි. ඔබතුමාගේ උත්සාහය ජයගත හැක්කේ ඔවුන් තම වගකීම් නිසි අයුරෙන් ඉටුකරන්නේ ද යන්න නැවත නැවතත් අධීක්ෂණයෙන්ම පමණි. ජයවේවා! (නි)
සම්පූර්ණ මිනිසෙකු තැනීමට මෙවන් කාර්යයන් ඉතාම අවශ්‍යයි. (නි)
පාසැල් වල ඇතැම් ගුරුවරුන් දරුවන්ට ඉගැන්වීම කරන්නේ තම තමන්ගේ පුද්ගලික පන්ති වලට ගෙන්වා ගනිමින්.මෙය දැන් ඇතැම් පාසැල් වල මාෆියාවක් වෙලා. මේ ටියුෂන් මාස්ටර්ලා ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම අපේ රටේ ටියුෂන් කඩකාරයින් අතරින් කී දෙනෙකුට අධ්‍යාපන වෘත්තියේ යෙදීමට අවශ්‍ය මූලික සුදුසුකම් වත් තිබේද කියලා සොයා බැලීමට විශේෂ කමිටුවක් ඇති කළ යුතුයි. ඒ වගේම රට පුරා තියෙන ජාත්‍යන්තර පාසැල් වල ස්වයං රැකියා කරන නාමික ගුරුවරුන්ගේ ප්‍රමිතියත් සොයා බැලිය යුතුයි. (නි)
ඇමති ඇත්තන්ගේ හොද හොද වැඩ එළිවෙයි දැන් ඉතින්. (නි)
ගුරුවරු සිටින්නේද ළමයින් සඳහාය. (නි)
ගොඩක් පින් ජනාධිපතිතුමනි. මේ තීරණය ගන්නකම් අපි බලාගෙන හිටියේ.(නදී)
රටේම හොඳ නීති සහ හොඳ වැඩ කෙරෙනවා නම් ලෝකේ වටේම ඉන්න ලංකාවේ අය ආයෙත් ලංකාවට එන්න පැකිලෙන්නේ නැහැ. (නි)
කියන එකයි කියන ඒවා ක්‍රියාවට නැන්වීමයි සමිපූර්ණයෙන් වෙනස්.(නදී)
ඇත්තටම සන්තෝසයි.මොකද ආයතන කාර්යක්ෂම වෙනවා (දී)
ඔබතුමාට පින් (දී)
අන්න හරි සාම දෙයක් ගැනනම සොයා බලන්න ඕනේ (දී)
දෙමවුපියන්ට පාසැල් වලට සල්ලි නොගෙවන්න කියලා නීතියක් ගෙනෙන්නේ කවදාද? (නි)
ඔබ තුමා ඇමති මන්ඩලේ වියදම අඩුකරලා පාසැල් වල ගුණාත්මක බව රැකලා දෙන්න. නැත්නම් ජාත්‍යන්තර පාසැල්වලට යන අපේ දරුවෝ ඔක්කොම දේවල් කරලා ඉවරයි. (නදී)
අමාත්‍යංශ වල සැබෑ තත්ත්වය දැන ගැනීමට නම් අප්‍රසිද්ධව ඉන්න ඕනෑ. (නි)
අන්න එහෙමනේ ඉන්න ඕනේ (දී)
පමා වැඩියි ජනාධිපතිතුමනි. අපේ රටට ප්‍රායෝගික කාර්මික අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි. (නදී)
ජාත්‍යන්තර පාසැල්වල ආගම භාෂා උගන්වනවද කියලා බලන එන හොදයි. නමුත් ඊට කලින් රජයේ පාසැල්වලත් මේවා හරියට උගන්වනවාද කියලා බලන්න. ඕස්ට්‍රේලියාවට එන ලංකාවේ ළමයි කරන කියන දේවල් දැක්කාම ඔය මොනවාවත් උගන්නලා නැහැ වගේ. (නදී)
මේකටත් අමාත්‍යංශයක් දාන්න වෙයි.(නදී)
අධ්‍යාපනයට මුල් තැනක් දෙන්න (දී)
ඉතාම කාලෝචිත ක්‍රියාවක්. දොස්තර, ඉංජිනේරුවන්ට වඩා ගුන ගරුක පුද්ගලයන් නිර්මානය කරන්න වගකීම ගුරුවරුන්ට මෙන්ම දෙමවිපියන්ටත් තියෙනවා. ජනාධිපතිතුමනි, ඔබට බොහොම පින්.(නදී)
හොද වැඩක්. ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නෙත් ලංකාවෙ ලමයිම නේ.(නදී)
නැතිනම් වේනනේ සිත්පිත් නැති රොබෝලා බිහිවෙලා රටත් ජාතියක් විකුනන් කාලා විනාශ කරන එක.(නදී)
කාටවත්ම නොකියා ඔය අමාත්‍යංශ වලට ගියා නම් ඕක්කොම හොරු අල්ලගන්න තිබුනා.(නදී)
ඔව් මේ කපේනම් නෙවෙයි.අමාත්‍යාංශ කීයක් තියෙනවද!(නදී)
දන්න කෙනෙක් ඉන්නවා නම් මාව දැනුම්වත් කරන්න. යුරෝපා පාසැල් වල කිසිම ආගමක් උගන්වන්නේ නැත්තේ ඇයි? එය එහි නීතියක්ද? මගේ දරුවා ආගම ඉගෙනගැනීමට පල්ලියට යනවා.(නදී)
ඇත්තටම හොද තීරණයක්.(නදී)
මේක නම් ඇත්තෙන්ම හොද දෙයක්. (නි)
කොහොම නමුත් ජාත්‍යන්තර පාසැල් ගැන නම් බලන්නම ඕනෑ. (නි)
එක වසරට ළමයෙක් ඇතුළත් කිරීමේදී ජාත්‍යන්තර පාසල් වලට ගෙවිය යුත්තේ රජයේ පාසල් වලට වඩා අඩු මුදලකි. (නි)
තානාපති සේවය ගැනත් සොයා බැලිය යුතුයි. (නි)
ඒ වගේ වැඩ තමයි කලයුතු (දී)
සොයා බලන්න කවුරුවත් නැති උනාම ජනතාවඅසරණ වෙනවා (දී)
ඒක තමයි කරන්න ඕනේ, නියමයි, දැන් වැඩ කරයි කට්ටිය අකුරට (දී)
වෙනත් රට වල නම් ඒ රටවල ඉතිහාසය ඉගැන්වීම අනිවාර්යයි. කටාර් වල ලංකා පාසලෙත් මේ රටේ ඉතිහාසය භාෂාව වගේ දේවල් උගන්වනවාද බලන්න වෙනම ඒකකයකුත් තියෙනවා. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මෙච්චර කාලයක් මේ වැඩේ ප්‍රමාද වුණේ ඇයි? (නි)
අනේ! ගම්පහ පැත්තෙත් හොයලා බලන්න. (නි)
අන්න සුබ වැඩක් (දී)
ඈත්තෙන්ම ලංකාවෙ මෙතෙක් අතපසුවූ දෙයක්. දරුවන්ට කුඩා කල සිටම සිටම රටේ ඉතිහාසය, ආගම ගැන ,තමන්ගේ ශ්‍රී ලංකා ජාතිය ගැනත් , රටේ ජාතික කොඩිය ගැනත් හැගීමක් දිය යුත්තේ පාසැල තුලින් හා නිවසිනි. අනාගතයේ ඒ දරුවන් රටට ආදරය කරාවි. මගේ රට කියන හැගීම ඒ දරුවන්ගේ හදවතේ තැන්පත්වී තිබේවි. ජනාධිපතිතුමනි, ඔබ පටන්ගත් තැන හොදයි. ඔබට ඉදිරියටම යාමට ශක්තිය ලැබේවා!!! (නි)