
(ආරියරත්න රණබාහු )
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිවරණ කොමිසම් සභාව පවසයි.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් තිස් අට දෙනකු ඉදිරිපත් වී තිබිණි .
වියදම් වාර්තා ලබාදී තිබූ අපේක්ෂකයන් සිව්දෙනා අතර ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ මහින්ද දේවගේ, ස්වාධීන අපේක්ෂක ප්‍රේමසිරිමානගේ සහ කේ ආනන්ද කුලරත්න යන අය වෙති.
මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන13වැනිදා ඒවා බාර්දීමේ අවසන් දිනය වන අතර ඉන්පසු භාරදෙන වාර්තා සම්බන්ධයෙන් නීති විරෝධී කිුයා යටතේ දඬුවම් ලබා දිය හැකි බව පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලාම හොයන්න ඕනේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ගේ... ඡන්ද ප්‍රචාරක ගීතයට විතරක්ලක්ෂ ගණන් වියදම් කෙරුවා කියලා ආරංචියි.
දෑස් දල්වාගෙන බලාසිටිනවා මැතිවරණ කොමිසම් කසේරුකාවේ ශක්තිමත් භාවය පිළිබඳව. සහ මගේ මතකයේ හැටියට නම් එම වියදම අබිබවා ඇත්නම් ප්‍රතිඵලයටත් බලපෑමක් සිදුවනබව සඳහන්වූවා. මෙතැනදී අනුරද, සජිත්ද, රනිල්ද, නාමල්ද කියන එක අදාල නැහැ. කාටත් නීතිය සමාන වෙන්න ඕනෑ. අනෙක් මෙයාලා එහෙම කර තිබෙනවා කියන්නේ අනෙක් අයට මොනතරම් අසාධාරණයක්ද..? ඔවුන්ට මානව හිමිකම් යන්න පුළුවන්, ජනතාවටත් මානව හිමිකම් යන්න පුළුවන්...!
තවමත් තොරතුරු සොයාගෙන නැතුව ඇති... මොකද අපේක්ෂකයින් වියදම් කරන්නේ නැහැ... ගම්මට්ටමින් යමක් කමක් කරන්න පුළුවන් කට්ටිය එකතුවෙලා සංවිධානය කරන්නේ එම වියදම් අපේක්ෂකයින්ට දෙන්නේ නැහැ... තම තමන්ගේ හැකියාව පෙන්වන පාක්ෂිකයින් කරන දේවල් අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේ කොහොමද? ඒක තමයි ප්‍රමාද වෙලා ඇත්තේ...!