ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සවස ඉන්දියා සංචාරය අරඹයි.
අද සවස දෙකට කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්වීමට නියමිත යු.එල් 195 දරණ මගී ගුවන් යානයෙන් ජනාධිපතිවරයා සමග විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අැතුලු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු නවදිල්ලි නුවරට යාමට නියමිතය.
නවදිල්ලි එන්.ඩී.ටී.වී රූපවාහිණියෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ප්‍රකාශකයෙක් පැවසුවේ ශ්‍රී ලංකා ජනපතිගේ මංගල සංචාරයේදී දෙරටට බලපාන ඉතා වැදගත් කරුණු රැසක් ගැන සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමට ඉන්දියාව සැදී පැහැදී සිටින බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ජනාධිපතිතුමා කොහේ ගියත් , වෙනම ගුවන් යානයක් සමග සියයකට අධික බත්බැලයන් අරන් ගොස් ජාතික මුදල් නාස්ති කළා , මෙන්න ආදර්ශමත් නායකයන් (බ)
වෙනස නම් තම සිතමයි.සිතේ කැමැත්ත සිත පිළිගනී. එයයි වෙනස. හැන්දට ව්‍යංජන රස නොතේරනවා වගේ දේශපාලකයන්ට මිනිසාගේ දුක නොතේරේ.ඔබට ජය වේවා! (නි)
ඉස්සර කාලේ නම් පොල් පටවල කණ්ඩායමක් යනවා නේද? මේ සැරේ කී දෙනෙක් යනවාද ? (අ)
මම නම් මේක අනුමත කරන්නේ නෑ . අපේ රට ගැන මොනවා හිතෙයිද (දිල්)
මෙන්න ආදර්ශමත් රාජ්‍ය නායකයෝ. සමහරුන්ගේ පවුලේ අයගේ සහ අන්තේවාසිකයන්ගේ කලින් ගුවන් ගමන් බිල් වත් තාම පියවලා නැහැ. එහෙම තියෙද්දී තවමත් කියන්නේ හිරිහැර කරනවාලු. (නදී)
සුභ ගමන් ජනපතිතුමනි!. රටේ මුදල් කාබාසිනියා නොකර වැඩ කරන එකම අපිට හොඳටම ඇති (නදී)
ශ්‍රී ලංකා අපිට ගොඩක් වටිනවා (නදී)
කොටියන්ට සැලකුවොත් උනුත් හොඳට පිළිගනී.(නදී)
දැන් ඉතින් අර නැටුම් කණ්ඩායම්, රුපලාවන්‍ය ශිල්පින්, සහ ආවතේව කාරයන්ට වැලේ වැල් නැතිව ඇති. පසුගිය කාලයේ දිව්‍ය ලෝකයේ ගිය අලියාගේ නැට්ටේ එල්ලිලා වගේ ගියානේ සවාරි. අනේ අප්පේ වෙච්ච දෙයක් (නදී)
මෙන්න ආදර්ශය. එමිරේට්ස් අපට නැති උනේ ඇයි ? (නදී)
ශිරාෂ් මොකද්ද අනුමත කරන්නේ නැත්තේ.... ? ආවතේවකාරයන් සමග විශේෂ ගුවන් යානයකින් නොගිය එකද ? (අ)
සුබ ගමන් මංගල මහතාට සහ ජනාධිපති තුමාට.(දිල්)
ලංකාවට කෙසේ වෙතත් ඉන්දියාවටනම් වැදගත් වෙයි. ඉන්දියානු ද්‍රවිඩයෝ රැලක් අාපහු උතුරේ පදිංචි කරලා අයෙත් පරණ ගේම් එකම ප්ලේ කරලා හිර කරන්ඩ පුළුවන් නේ චියර්ස් මෝඩ රැල ...(ස)
මහජන මුදල් වලින් සෝබන වැඩ නවත්වන්න කාලේ දැන් හරි (දිල්)
මංගල මහත්තයා බිම ඉන්න වෙලාවක් ඇත්තෙම නැහැ වගේ.පියඹාම යනවා ආකාසයේ .... (නි)
මිනිසුනේ, දැන්වත් ඇස් අරින්න! (නි)
බොරු සෝබන නැතුව මේ විදියටම වැඩකරගෙන ඉන්නවා නම් අපි කැමතියි (නි)