(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (4) සිට ලබන ඉරිදා (7) තෙක් උතුරු පලාතේ සංචාරයක නිරත වෙයි.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා යාපනයේ සිවිල් සංවිධාන නියෝජිතයන් ,සර්ව ආගමික නායකයන්,කෘෂිකාර්මික,ධීවර සහ දූපත්වාසී ජනතාව,තරුණ ප්‍රජාව ,වෘත්තිකයන් සහ ගුරුභවතුන් හමුවන අතර මහජන හමුවකට ද සහභාගී වෙයි.
යාපනයේ සහ වවුනියාවේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
පුනරීන් නගර සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 5 වැනිදා සහභාගී වීමට නියමිතව ඇති අතර අනතුරුව පුනරීන් හි කාන්තා ව්‍යවසායක කජු කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණය කිරීමට නියමිතය. මෙදින ජනාධිපතිවරයා පුනරින් ලන්දේසි බලකොටුව නිරීක්ෂණයටද සහභාගී වෙයි.
මෙම සංචාරය සඳහා ජල සම්පාදන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා,එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත්වරු ප්‍රමුඛ ප්‍රදේශයේ මහජන නියෝජිතයෝද සහභාගී වෙති.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනපති අද උතුරට
අරවින්ද මොනරවිල Thursday, 04 January 2024 12:19 PM
බැරිවෙලා හරි ගොඩ දාන්න බැරි උන ජොනි බට්ටෙක්වත් පෑගෙවා.......
විජිත් Thursday, 04 January 2024 06:03 PM
අම්මෝ... ඒක ඇහුව ගමන් පුදුම සතුටක් ඇතිවුනේ. ඒ වගේම තමයි, කර්මය කියන දෙය නියම වෙලාවට, නියම තැනට මිනිහාව ගෙනියනවාලු. ඔය වඩිගයා කරලා තියෙන මිනීමැරුම්, හොර වැඩ... වලට දැන් කාලය හරි කුරියා ගහන්න. හැබැයි යාපනයෙන් බේරුණොත්, අනිවාර්යයෙන්ම ඡන්දෙන් පැරදුණු ගමන් කොළඹදී කොල්ලන්ගෙන් ගුටිකාලා අපාගත වෙනවා.
Rata Perata Thursday, 04 January 2024 12:59 PM
උතුරේ ජනතාව වත් රටට සහනය ගෙන දෙන්න උදව් කරාවි කියලා ප්‍රාර්ථනා කරනවා.
Kumara Thursday, 04 January 2024 02:00 PM
දාන සෙල්ලම් ඔක්කොම දාගන්න. තව බොහොම ටික දවසයි තියෙන්නේ... විලි ලැජ්ජාවක් නැහැ.
Kumara Thursday, 04 January 2024 02:33 PM
උතුර, දකුණ මාරුවන දවස නම් බොහෝම ළඟයි.