IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනපති ’’අත දෙන’’ කාලය දිගු කරයි

(අංජුල මහික වීරරත්න)

“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපාﹸﹸතේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් මස 28 දක්වා දීර්ඝ කර ඇත.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මීට පෙර නිවේදනය කර තිබුණේ අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් මස 15 වෙනිදායින් අවසන් කරන බවයි.

ඒ අනුව සුබසාධක ප්‍රතිලාභ අපේක්ෂා කරන නමුත් මෙතෙක් අයදුම් නොකළ අයෙක් වේ නම් මේ සඳහා අයදුම් කිරීමට තවදුරටත් අවස්ථාව හිමිවේ.

දැනට සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ජීවනාධාර සහ මහජන ආධාර ලබන සියලුම ප්‍රතිලාභීන්, පොරොත්තු ලේඛනයේ සිටින අයදුම්කරුවන්, සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තු වන සියලු පිරිස් ද නව වැඩසටහන යටතේ ලියාපදිංචි වීම අනිවාර්ය බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරයි.

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් (www.wbb.gov.lk) මීට අදාළ අයදුම්පත ඕනෑම අයෙකුට බාගත කරගත හැකි අතර එය සම්පූර්ණ කර, තමා අයත් බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දිය යුතුය.

වැඩි විස්තර 0112151481 සහ 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් ලබා ගත හැකිය.

මෙි විට අයදුම්පත් මිලියන 2.4ක් පමණ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සේවා අංශයේ ගොනු ගත වී ඇති බවත් ඉන් අයදුම්පත් 1,083,724ක් දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මෙම සමාජ සුබසාධක වැඩසටහන සඳහා පවුල් මිලියන 3.9ක් අයදුම් කරනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

 



අදහස් (7)

ජනපති ’’අත දෙන’’ කාලය දිගු කරයි

ජගත් ලියනගේ Saturday, 15 October 2022 09:14 AM

දීල තියන අත නං ඕනෑවටත් වඩා ඇති . ජනාධිපතිතුමනි බොහෝම ස්තුතියි . බොහෝම පිං .

:       6       6

Sunil Saturday, 15 October 2022 09:20 AM

මා මෙය දකින්නේ සාමකාමී අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට දුන් නියෝගයක් ලෙසයි.

:       13       6

achini Saturday, 15 October 2022 09:22 AM

මේ කියන්නේ රාජපක්ෂලා සහ උන්ගේ හොර නඩේ ගැන වෙන්නැති.

:       5       8

ජයරත්න Saturday, 15 October 2022 11:46 AM

කාලය දික්කරකර ඉඳීම කාලය මැරීමක්ද?

:       8       3

Perera Saturday, 15 October 2022 01:44 PM

මෙච්චර කෙළවිලා ඉන්න වෙලාවේ අත දුන්නාට කමක් නැහැ.. වෙන ඒවා දෙන්නේ නැතුව...

:       0       4

pakeer Saturday, 15 October 2022 02:52 PM

සුපර් මාකට් ළඟට එන්න... හිඟන්නෝ බලන්න.. ගෙදර ඉන්න බැහැ.. සල්ලි ඉල්ලන් එනවා. මිනිස්සු අඬනවා බෙහෙත් ගන්න සල්ලි ඉල්ලලා... ග්‍රාමසේවකලාට කියන්නකෝ මේවා...!

:       0       3

විපරමා Saturday, 15 October 2022 04:50 PM

දූෂිත පවුල් පාලනේ උන්,දූෂිත දේසපාලුවෝ හොරකම් වන්චා දූෂණ කරලා රටම කාබාසීනියා කෙරුවා . එසේ නොවන්නට මේ කුඩා රට මොනතරම් සවුබාග්‍යමත් රටක් වෙන්ඩ තිබුණද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site