අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමේදී රජය ක්‍රියාත්මක කරන මතින් තොර රටක් ක්‍රියාවලියට දායකත්වය ලබාදෙමින් එම සත්ක්‍රියාවට දායකත්වය දී අලුත් අවුරුද්ද සමරන ලෙසත් සොඳුරු වාද බේද නැති රටක් ඇති කිරීමට අධිශ්ඨාන කරගත යුතු බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය අලුත් අවුරුදු පණිවිඩය මගින් සඳහන් කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද අලුත් අවුරුද්ද වෙනුවෙන් කොස්ලන්ද ශ්‍රී අරියවංශාරාමයට අද (13) පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු සුබ පැතුම් එක් කළේය. මේ අලුත් අවුරුද්ද සිංහලයන්ට ද්‍රවිඩයන්ට සීමාවී නැති බවත් ලොව පුරා තවත් රටවලද අවුරුද්ද සැමරෙන බවත් කී අගමැති ලබන්නාවූ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී සැමට වාද බේද නැති සුබ අලුත් අවුරුද්දක් වන්නැයි ප්‍රාර්ථනා කළේය.
අලුත් අවුරුද්දේ සංහිඳියාවෙන් හා එකමුතුවෙන් ජීවත් විය යුතු බවත් සාමය සතුට භුක්ති විඳින්නට අවස්ථාව ලබාදුන් රණවිරුවන් සිහිකර උතුම් මාතෘ භූමිය රැකගන්නට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කරමින් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු ඒ අවස්ථාවෙනුත් ප්‍රයෝජන ගන්නේ දේශපාලනයට. අනේ අපි වගේ ජනතාවකට මේ වගේ නායකයෝ යැයි කියන උදවිය ලැබුනේ පෙර පිනකට. (නි)
මේගොල්ලෝ ඔක්කොම ජනතාවට අවුරුදු කොකා පෙන්නනවා. සිංහලයා කවදත් කැවුම් කන්න යෝධයානේ. තවත් කාලන්තරයක් මේ ලෙසම දේශපාලුවන්ට කරදරයක් නැතුව ජනතාව සුරාකමින් රට පාලනය කළහැකියි. (නි)
මේ රටේ අය නොවන ආකාරයට සිතන අදහස් දක්වා ඇති සමහරු ගැන මට හරිම කණගාටුයි (නි)
නුවන් කවදාද ඉපදුනේ? ඊයේ පෙරේදාද? (නි)
මව්බිම පෙරට - සමරමු අවුරුදු (නි)
නුවන් කියන්නේ කොහොම කෙනෙක්ද දන්නෙ නැහැ (නි)
නිවහල් රටක් තනා දුන් මහින්ද මැතිදුන්ටත් රට තවත් යහපත් කිරීමට ආ අලුත් නායක දෙපළටත් සියලු රට වැසියන්ටත් සුබම සුබ නව වසරක් වේවා. (ම)
අවුරුදු කන්න අවුරුදු කාලෙටවත් බඩු මිල ටිකක් අඩුකරලා දෙන්න කියලා මේ අයගෙන් ඉල්ලා සිටිනවා. (නි)
කෝ අපේ මැඩම්ගේ සුභ පැතුම? (ම)
සුබපැතූ එක ගැන සතුටුයි. (නි)
අපේ රට ජාතිය බේරාදුන් නායකයා ඇතුළු සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
අද අපිට අවුරුදු සමරන්න රට බේරාදුන් නායකයා ඇතුළු අනෙකුත් නායකයන්ටද සුබ අලුත් අවුරුද්දක් වේවා!
නුවන්, ඔයා නිදාගෙනද හිටියේ? (නි)
හිටපු ජනපතිට සුබ අලුත් අවුරුද්දක් වේවා (ම)
ඔබතුමන්ලාටත් මේ අලුත් අවුරුද්දේ ජය සතුට සපිරේවා! (නි)
වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කඹ ඇදිලි තුරන්කර එකමුතුව, එක්සත්ව අපේ රට ගොඩදාන්න මේ ලැබුවා වූ අවුරුද්දේ වාසනාව ලැබේවා කියලා අපිත් පතනවා! (නි)
නිවහල් රටක් ඉතුරුකර දුන් වීර මහින්ද මහත්තයාටත්, ගරු ජනපති අගමැතිතුමන්ලාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
අපේ ජාතියේ නිදහස ලබාදුන් වීරයාට සුබ පතමි! දැනට බලය ගෙන ඉන්න අයටත් සුබ පතමි (නි)
ඔබතුමන්ලාගේත් සියළු පැතුම් ඉටුවේවා! (නි)
මීට කලිනුත් මෙහෙම කලින් හිටපු අය සුබ පැතුවද? (නි)
මිනිසුන්ට ගිය අවුරුද්ද ටිකක් හොඳට කන්න පුළුවන් වුණා. දින 100 දීපු සහන සමඟ මිනිස්සු හිතුවා මේ රජය මහින්දට වඩා හොඳට රට කරයි කියලා. නමුත් හරි දුකයි මිනිස්සු මේ අවුරුද්ද ගතකරන විදිය දැක්කහම. ගත් ණය වල ප්‍රතිඵල සහ අපනයන භාණ්ඩ වල මිල අඩුවීමේ බලපෑම රටටම තදට දැනිලා. (නි)
ඔබතුමන්ලාටත් එසේම වේවා........ ! (නි)
මහින්ද මහත්තයා ගැන අපිට කණගාටුයි. ඔබ ඇතුළු සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
ආ! රාජපක්ෂ මහත්තයත් සුබ පතනවද? බොහොම හොඳයි. ඒ කාලෙත් මෙහෙම තිබුනද කියලයි මම මේ කල්පනා කළේ (නි)
රටට පණදුන් හිටපු ජනාධිපතිතුමාට සුබ නව වසරක් වේවා! (නි)
සමහර අය අවුරුද්දට සුබ පතන්නේත් දේශපාලන වාසියක් උදෙසා යැයි සිතේ. අලුත් අවුරුදු දිනය යනු රණවිරු දිනයවත් ජාතික නිදහස් දිනයවත් නොවේ. (නි)
සිංහලයාට ඕනෑ රට උගස්තියලා හරි කන්න. මහින්ද මහත්තයා ඒක කළා. ඒත් පැරදුන එක ගැන තමයි කණගාටු. (නි)
නුවන්, ඒ කාලේ කොහෙද හිටියේ? අඟහරු ලෝකෙද? අපි නම් 2009 මැයි මාසයේ ඉඳලා හොඳට අවුරුදු කනවා (නි)
ඔබ සියළු දෙනාටත් සුබ අළුත් අවුරුද්දක් වේවා! (නි)