ප්‍රතිසංස්කරණය කරන ලද අභයගිරිය දාගැබ ජනතා අයිතියට පත් කිරීම පසුගිය ඇසළ පෝ දින ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදුවිය. පුරා විද්‍යාඥ රෝලන් පෙරේරා මෙම කාර්යයට දායක විය.
එහි ඇඳ තිබූ සිතුවම් අතර මෛත්‍රී ජනපති හා අගමැති රනිල් ගේ රුව සහිත සිතුවමක්ද විය. ඔවුහු මල් වට්ටි රැගෙන දාගැබ වැඳීමට පැමිණෙන ආකාරය එහි සිතුවම්ව තිබිණි. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියෝද එහි වෙති.
1997 වර්ෂයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කළේය. උස අඩි තුන්සිය හතළිස් පහකින් හා වට අඩි එක් දහස් තුන්සිය පනස් පහක් පමණ වන අභයගිරිය චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු වසර දාහතක් සිදු කළේය.
වසර අටසීයයක පමණ කාලයකට පසුව මෙහි සංරක්ෂණ කටයුතු සිදු කර ඇති අතර මේ සදහා රුපියල් මිලියන පන්සිය දහනවයක පමණ මුදලක් වැය කර තිබේ.
ලෝක උරුමයක් වන අභයගිරිය චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු සදහා දෙස් විදෙස් බැතිමතුන්ගේ ශ්‍රම දායකත්වය ලැබී තිබේ.
සංරක්ෂණය කළ අභයගිරිය ස්ථුපය සදහා ප්‍රථම ස්ථූප පූජාව සිදු කළ ජනාධිපතිතුමා විහාර පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවකද නිරත විය.
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ලෝකයේ බොහෝ රටවල් වර්තමාන දියුණුව පිළිබද පමණක් උදම් ඇණුවත් ශ්‍රී ලාංකිකයින් වන අපට අපේ මහා පෞඩ ඉතිහාසය පිළිබදවද උදම් ඇණිය හැකි බවයි.
එම මහා සංස්කෘතික උරුමයන් රැක ගනිමින් මතු පරපුරට දායාද කිරීම සියලූදෙනාගේ වගකීමක් බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි, අභයගිරිය විහාරාධිපති කල්ලංචියේ රතනසිරි නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද, අමාත්‍යවරුන් වන කරු ජයසූරිය, නන්දිමිත්‍ර ඒකනායක, දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන යන මහත්වරුන්ද විදෙස් තානාපතිවරුන් ද ඇතුළු විශාල පිරිසක්ද මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! කුමාරලට කන්න හිතුනහම කබරයත් තලගොයා කරගන්නවා. (නි)
අනේ මෙහෙමත් දේවල්? (නි)
සජාන්, ඔබ හරි. මොනවා හොඳ වුණත් මේ වැඩ අනුමත කරන්න අමාරුයි. අනිත් කරුණ නම් මේක ප්‍රතිසංස්කරණය කළේ මේ මාස නවය ඇතුළතද කියන එක. (නි)
බිතු සිතුවම් වලට දේශපාලනය යොදාගැනීම මම නම් අනුමත නොකරමි (නි)
මම හිතන්නේ මේක නොගැළපෙන ක්‍රියාවක් බවයි (නි)
අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)
ප්‍රාදේශීය දේශපාලඥයොත් මේක ආදර්ශයට ගත්තොත් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
පවුල් අධිරාජ්‍යවාදයෙන් රටත් දැයත් බේරා ගත ඔබ දෙපලට මෙය ජාතියෙන් පිදෙන තවත් පිදීමක් .(ම)
සාමාන්‍යයෙන් බුද්ද වර්ෂ කියල නේද සදහන් කරන්න ඕනේ (බ)
ඕනෑම පුරාණ විහාර කර්මාන්ත වල බිතු සිතුවම් වල පැරණි රජවරුන්ගේ රුව සිත්තම් කරලා තියෙනවා. මේකත් ඒ හා සමානයි වගේ. (බ)
මේක හොද ආදර්ශයක් නෙමේ (බ)
එතකොට මේ වගේ පෙනුම තියන වෙන මිනිස්සු නැද්ද? මේකේ නම ගහලා නෑනේ. අහවලා කියලා (බ)
අපිත් කැමති නැහැ ආගම දහමට දේශපාලනය ගෑවෙනවට. නමුත් මේ ඔවුන්ගේ මතය (නි)
අනේ අපි ඔබතුමාට ඡන්දෙ දුන්නේ මේවට නොවේ. අපිට ඕනේ මේවා නොවේ. මට නම් පිස්සු වගේ. කරුණාකර මෙය නිවැරදි කරන්න. නැතිනම් අපි මේ ඡන්දෙදි මේවා නිවැරදි කරනවා.(නදී)
හරන්තික සහ ජූතකයාගේ සිතුවම් මේ තරම් අපූරුවට මහනුවර යුගයේදීවත් ඇඳ නැත (නදී)
බොහෝ දේ සිතුනත් සඳහන් නොකරමි (නි)
මේක විවේචනය කරන අයගෙන් අහන්නේ.අපේ පෞරාණික චිත්‍ර වල රජවරුන්ගේ නියම ස්වරූපය සිතුවම් කරලා තියෙන්න බැරිද? මේ විදියට ඒ කාලෙත් නියම ස්වරුපය ඇඳලා ඒක ලිඛිතව තිබුනා නම්, අද වුණත් අපිට මේ තමයි දුටුගැමුණු රජතුමා, මේ තමයි වළගම්බා රජතුමා කියලා කියන්න පුලුවන් නේද? හිතන්න. තව වසර 100ක් විතර ගියාම මේකත් නිකම්ම චිත්‍රයක් වෙනවා. මම කියන්නේ මේවා ලිඛිතව තියන්න කියලා (නි)
කුමාර, එතකොට බුදු පිළිමයක් හදල යටින් නම ගහන්නේ නැහැනේ. ඔයා ඒවටත් වෙන කගේ හරි රූපයක් කියල කියනවද?(නදී)
මීට සම්බන්ධ තව බොහෝ පිරිස් ඉන්නවා නේද? (නි)
අහවලා කියලා නම ගහලා නෑ තමයි. ඒත් ඉතිං මේක දැක්කම ඕනේ කෙනෙක් දන්නවනේ මේකේ කවුද පෙන්නුම් කරන්නෙ කියලා.(නදී)
ඉස්සර අපි අභයගිරිය වඳින්න ගියාට එ්ක ආණ්ඩුවේ එකක් කියල දැනගෙන හිටියේ නැහැ නේද? දැන් තමයි එ්ක ජනතා අයිතියට පැවරිලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඉස්සරහට ඉපදෙන ළමයි හිතයි වළගම්බා රජ්ජුරුවෝ මේ සෑය රාජසන්තක කරන්ඩ ඇති කියල. නැතිනම් වළගම්බා රජ්ජුරුවෝ මෙතනට තියෙන සම්බන්දෙ මොකක්ද කියල අහන්ඩත් බැරි නැහැ. (නදී)
මේ අභයගිරි සෑය හැදුවේ ජනවාරි 8 දායින් පසුවද? (නි)
වැරදි පුර්වාදර්ශයක් ලෙසයි මම දකින්නේ. බිතුසිතුවම් රැකගන්න අරගල කරන්න වෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ.මේ කවුද කියලා අහන අයට උත්තර දෙන්න පහසුවෙන්න පුංචියට විස්තරයක් හරි දාන්න (නි)
ඉතා හොඳයි. එතුමා ශ්‍රේෂ්ඨ නායකයෙක් (නි)
අබාධියන්ට පිවිසිමට ඇති වැට නිසා උරුමයට අපුරු වටිනාකමක් ලැබිලා තියෙනවා. (නදී)
මේක මහින්ද කලානම් මේකේ කට්ටියට සෑහෙන දේවල් තියනවා කියන්න. දැන් නම් කටේ පිට්ටු වගේ. මෙන්න අපේ දේශපාලනය. (නදී)
ඒත් ඉතින් නමක් නැහැනේ එතුමන්ලාගේ. ඉතින් වරදක් කියන්නේ කොහොමද? (නි)
මහින්ද රාජපක්ෂට සමහරු කිවුවා නේද තමන්ගේ නම දාගන්නවා කියලා හැමදේටම. අනේ මෙහෙමත් දේවල්? (නි)
මට නම් මේවා අනුමත කරන්න පුළුවන්කමක් නැහැ කොහෙත්ම. ආගමික ස්ථාන වල බිතුසිතුවම් වලට දේශපාලනයට සම්බන්ධ අයගේ රූප දැමීමෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? මේවා කොහෙන් කෙළවර වෙයිද දන්නේ නැහැ. මෙහෙම යනකොට මේවා ආදර්ශයට අරගෙන ප්‍රාදේශීය දේශපාලකයොත් තමන්ගේ බලය තිබෙන පළාත්වල පන්සල් වල හාමුදුරුවොත් අල්ලාගෙන තම තමන්ගේ රූපත් නමත් සිතුවම් වලට ඇතුළත් නොකළොත් තමයි පුදුමය. (නි)
මම නම් හිතන්නේ මෙවන් දේවල් නොගැළපෙන බවයි (නි)
එතුමන්ලා මේ කාර්යය ගැන මොකක්ද දන්නෙ නැහැ දරන අදහස? (නි)
මම නම් මෙහෙම දේවල් වලට පුද්ගලිකව අකමැතියි (නි)
මමත් හිතන්නේ වරදක් නැහැ (නි)
මේ වගේ දෙවල් අපේ විහාර කර්මාන්ත වල දැකිය හැකි දේවල්. ඒ්වා ගැන පටු විදියේ විවේචන හරි නෑ. කැලණි විහාරයේ විහාර නව ගොඩනැගිල්ලේ කර්මාන්තය කරවන්න මුල් ගල තියෙන ඒකට එම විහාර කර්මාන්තයේ දානපතිය වන හෙලේනා විජේවර්ධන අාර්යාව, ජ්.අාර්. ජයවර්ධන මහතා වැනි අයගේ රූප චිත්‍රාවලි වල දැකිය හැකියි. ඒ් නිසා අපට එහි ඉතිහාසය ඉගෙනීමට සාක්ෂි ලෙස එම චිත්‍ර ඉදිරිපත් වේ. එහෙත් පටු දේශපාලකයන්ගේ තක්කඩි වැඩ නිසා කැලණි විහාරයේ එම චිත්‍රය වැසෙන සේ කරඩුවක් තැම්පත් කරලා ඉතිහාසය මකලා දාන්න කටයුතු කලා. මෙවැනි චිත්‍ර වලට තත්කාලීන ප්‍රභූන් හා දායකයන්ගේ රූපයන් චිත්‍රණය කිරීම වරදක් නොවේ. එය ඉතිහාසය කියවීමට ඉතිරි වන පුරාවිද්‍යා සාදක පමණයි. වැරදි දේශපාලන විග්‍රහයන් හෝ මඩ ගැහිලි කරන්න ඒපා.(නදී)
මම නම් කියන්නේ මේ වගේ දේවල් කරන එක වැරදියි (නි)
වළගම්බා රජතුමාගේ දෙවෙනි රාජ්‍ය කාලයේ අභයගිරිය නිර්මාණය වුණා කියලයි මහාවංශයේ තිබෙන්නේ.5 වෙනි කාශ්‍යප, මහා මේඝවර්ණ,මහා පරාක්‍රමබාහු යන රජවරුන් මෙම දාගැබ ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.1981 පැවති රජයෙන් සහ එදා සිට අද දක්වාම පැවති සියලුම රජයන් මේ සඳහා වෙහෙසුනා.වැඩි විස්තර ඕනෑ නම් කියන්න. මම දන්නා දේ ලියන්නම් (නි)
මහින්ද මහත්තයාට බැරිවුණේ මේක විතරයි. (නි)
අභයගිරි දාගැබ නමදින සුප්‍රකට ගාථාවේ සඳහන් වෙන්නේ, රනින් කළ වෘෂභයෙකුගේ කුසෙහි සර්වඥ ධාතු තැන්පත්කර එය, අභයගිරි දාගැබේ නිදන් කර ඇති බවය. අභයගිරි දාගැබේ මෑතකදී කළ කැණීම් වලින්, එහි නැගෙනහිර වාහල්කඩේ තැන්පත් කර තිබූ සර්වඥ ධාතු හමුවී තිබේ. මැටි කරඬුවක් තුළ වූ රමණීය රන් කරඬුවක මේ ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබිණි. එය පොළොන්නරුවේ රජ කළ කළ්‍යාණවතී රැජිණගේ පූජාවක් ලෙස සැළකේ. (නි)
ලංකාවේ ඉන්න සමහර අය තමන්ගේ නායකයන්ට ප්‍රශස්ති ගී ගයන්න හරි කැමතියි. අවාසනාවට අපේ සමහර නායකයොත් මේ වගේ දේවලට පුදුම ඇල්මක් දක්වන්නේ. ඒ අපේ සිංහල මිනිසුන්ගේ හැටි. (නි)
කෙසේ වෙතත් ගිරි නම් නිගන්ටයා පහුගිය ඇසළ පෝය දවසේ අභයගිරිය කිට්ටුව හිටියා නම් මහා කළු සිංහලය පැරදිලා පලයනවෝ" කියල නෙමේ කෑගහන්නේ වෙන එකක් කියලා. එ්ක මෙතන ලියන්න බැහැ. (නදී)
ඔන්න ඔන්න එයාලත් ඒ කාලේ සමහරු කළ වැඩ කරන්න යනවා. මම නම් හිතුවේ යහපාලනයේ අය එහෙම නොවෙයි කියලයි. (නි)
කව්රු හරි චිත්‍ර බැරි කෙනෙක් සිතුවම් ඇඳලා තියෙන්නේ. පව්! (නදී)
මේකට වැරදි මෙත්‍රීවත් රනිල්වත් නෙමෙයි අැදපු කෙනා (නදී)
පන්සලක ක්‍රිස්තු වර්ෂ කියලා දාන්නේ ඇයි, බුද්ධ වර්ෂ කියලා නොදා. (නි)
මම හිතනවා මෙහෙම කරන එක සුදුසු නැහැ කියලා (නි)
මට නම් කියන්න දෙයක් හිතාගන්න බැහැ (නි)
කලින් සමහරු එක් කෙනෙකුට කෑගැහුවා හදන හදන එකට නම දානවා කියලා. ඒත් දැන්? (නි)
නමුත් කිසිම කෙනෙකුගේ නමක් සඳහන් කරලා නැහැනේ. අනාගතයේ දවසක බැලුවොත් කවුරුත් හඳුනාගන්න එකක් නැහැ. ඉතින් වරදක් නැහැ කියලා තමයි හිතෙන්නේ. (නි)
අන්තිමට වරහන වහලා නැත්තේ තව මොනවාහරි ලියන්න හිතාගෙනද දන්නෙ නැහැ. (නි)
කලබල වෙන්න එපා.කාලය බොහෝ ප්‍රශ්න විසඳාවි (නි)
අනේ මන්දා මේවා! (නි)
මහින්ද මහත්තයත් සිතුවමේ තිබුනා නම් මට එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕකට විජිත හේරත් මහතා සංස්කෘතික ඇමති කාලේ ලොකු වැඩ කොටසක් කළා. මාත් ගඩොල් ඇදලා තිබෙනවා. ඕවා වැඩිය හිතට ගන්න එපා. සියල්ලට විසඳුම් බුදුදහමේ අන්තර්ගතයි (නි)
මේ සිතුවමෙහි ඇති වරදක් මම නොදකිමි (නි)
හරි හෝ නිවැරදි වේවා රටේ ජනපති ලෙස අපි ඔහුට ගරුකළ යුතුයි (නි)
මට නම් මොකුත්ම හිතාගන්න බැහැ (නි)
මම නම් කියන්නේ නමක් ගමක් නැති නිසා මේකේ වරදක් නැහැ (නි)
අම්මෝ! මේ සෙල්ලම පටන් ගත්තොත් අනාගතයේදී ගමේ පන්සල් වල අපේ දරුවන්ට වඳින්න වෙන්නේ ප්‍රාදේශීය සභා, පළාත් සභා ගුණ සුවඳ උතුරන උතුමන්ලාගේ රූපකායන් වලට. (නි)
පන්සලකට ඇතුළුවෙනකොට සිද්ධස්ථානයට ගැළපෙන ලෙසට උරහිස් හා දෙපා හොඳින් වැසෙන විදිහට ඇඳුම් අඳින්න ඕනෑ කියන එක හැමෝම දන්නා කරුණක්. ඒ වුණාට ජනපති රුව රැගත් සිතුවමෙහි උපාසිකාව සිටින්නේ නග්න උරහිසින් යුතුවයි. ලංකාවේ කිසිම බෞද්ධ සිද්ධස්ථානයකට මෙලෙස ඇතුළුවන්නට සුදුසු නැහැ. දළදා මාළිගාව වගේ තැන්වල මෙලෙස පැමිණෙන සංචාරකයන්ට සුදුසු ඇඳුම් පවා අන්දවනවා. (නි)