(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහාම එම තනතුරුවිලන් ඉවත් වී අන්තර්වාර පාලනයක් පත් කළ යුතුයැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් කරන ලද ඉල්ලීම මත මෙම තීන්දුව ගත් බව ද විශේෂඥ වෛද්‍යරවුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පවසයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ඉහත තීන්දුව ඒකමතිකව සම්මත කරගත් බව ද ඔහු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මූලික නීතිය වන ව්‍යවස්ථාව අනුව එහෙම කරන විදිහත් කිව්වා නම් දොස්තර මහත්තයෝ... රාජිතගෙන් අහලා හරි කමක් නෑ... එසේම, ආර්ථික අර්බුදයක් ඇතිවෙයි කියලා පුරෝකථනය කරලා තියෙද්දිත්, අප වැනි රටවලට කිසිසේත්ම ඔරොත්තු නොදෙන "රට වසා දැමීමකට" යන ලෙස ආණ්ඩුවට බලකළ මෙවැනි අයත් වර්තමාන තත්වයට වගකිව යුතුයි...
ජනාධිපති, අගමැති ඇතුළු සියලුම රාජපක්ෂලාව රටේ මහජනතාවට එපාවෙලා තියෙන්නේ. මේ අයට මහජනතාව යන්න කියලා තිබෙද්දීත් කූඩැල්ලන් වගේ එල්ලීගෙන ඉන්නවා...
අනිවාර්යයෙන්ම...!
රටේ ආර්ථිකය කෑමට දායක වුණු පප්පලාට එහෙම කියන්න අයිතියක් තිබේද?
සල්ලි කෑදර මේ අය ජනතාවට හෙන ගැහුවත් චැනල් ගාස්තු ආයෙත් වැඩි කරගෙන... ජනතාවාදී ආණ්ඩුවකින් මේ අයගේ මේ අසාධාරණ අයකිරීම් සීමා කළ යුතුයි. ඉගෙන ගන්නෙත් ජනතා මුදලින්...!
බලලෝභී, දූෂිත පවුල් පාලනේ තුරන්කළ යුතුමයි. මුළුමහත් ජනතාවම විතරක් නෙවෙයි පිටරට ජීවත්වෙන ලාංකිකයින් පවා එක හඬකින් කියා සිටින්නේ ජනතාව රවට්ටපු, මහපාරට ඇදලා දාපු මේ අයට ඉවත්වෙන ලෙසයි...
වෛද්‍යවරුන්ගේ තීරණය ඉතා පිළිකුලින් යුතුව හෙලා දකිනවා. වෛද්‍යවරු දේශපාලනීයකරණය වීමෙන් වැලකී තමන්ට පැවරී ඇති රටේ වගකීම ඉටුකරදෙන මෙන් ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා.
වෛද්‍යවරු මේ මොහොතේදී දේශපාලනීයකරණය වීමෙන් වැළකී සිටීම යහපත්... තමන්ට පැවැරී ඇති වගකීම් කොටස ඉටුකර දෙමින් අපක්ෂපාතීව සිටිනා ලෙස ඉල්ලා සිටිමි...