ඇමරිකා එක්සත් ජනපදයේ 45වැනි ජනපති පදවියට සුදුසුකම් ලැබූ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු තම ට්විටර් ගිණුම් හරහා අද(9) දහවල් සුබ පැතූහ.
රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ලෙස ලැබූ ඵෙතිහාසික ජයග්‍රහණය පිළිබඳව තම උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ජනපති ට්විටර් ගිණුමට ඇතුළත් කළ සුබ පැතුම් පණිවිඩියේ සඳහන්වේ.
අගමැතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතමින් සිය ට්විටර් ගිණූමේ සඳහන් කළේ ධවල මන්දිරයට යන මං පෙතේ දී ලැබූ අපූර්ව හා ඵෙතිහාසික ජයග්‍රහණයට සුබ පතන බවයි.
එසේම ශ්‍රී ලංකාව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පාලන කාලයේ දී ඇමරිකා එක්සත් ජනපදය සමග සමීපව කටයුතු කරන බවද වික්‍රමසිංහ මහතා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු වගේම ඇමරිකාවේ අයත් ඉඳලා තින්න්නේ වෙනසක් කරන්න බලාගෙන. කොහොම වුණත් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනපු එක ලංකාවට හොඳයි. අපිට තියෙන්නේ බලාගෙන ඉන්න අපේ වෙනස වගේම ඒ වෙනසත් සැපද කියලා (නි)
විද්දේ හාවට වැදුනේ පඳුරට! (නි)
ඒක ඇමරිකන් ගතියනේ. සම්ප්‍රදාය නැතුව බැහැනේ (නි)
සුබ පතන්නේ නැතුව කොහොමද? (නි)
ඔය කට්ටියටත් බලාගන්න පුලුවන් තමන්ට ඊළඟ ඡන්දෙදි වෙන දේ (නි)
සුබ පතන්නේ නැතුව ඉතින් දැන් වෙන මොනවා කරන්නද. (නි)
ට්‍රම්ප් වැඩ පටන්ගත්තහම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික බවට මොනවා වෙයිද කියලා මොනම සහතිකයක්වත් නැහැ. දිගටම ජයග්‍රාහකයින් වන්නේ හීන් නූලෙන් වැඩ කරන දෙමළ ඩයස්පෝරාව. (නි)
වැල යන අතට මැස්ස ගහනවා වගේ සමහරු නම් බලන් උන්නේ අර නෝනා එනකම් නේ .(ම)
ඇමරිකාවටත් ජාතික රජයක් හදන්න උගන්වන්න (බ)
නුවන් රටකට නායකයෙක් පත් වුණාම සුභ පැතීම සම්ප්‍රදායක්. ඒ තමන් කැමති කෙනා වෙන්න ඕන නැහැ. යමක් කියන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න. (ම)
එතකොට රටක නායකයෙක් තව රටක මැතිවරණයක දිනන කෙනා ගැන අනාවැකි කියන එකත් සම්ප්‍රදායක්ද? (නි)
නුවන් හරි. අපේ සමහර අය බලාහිටියා හිලරි දිනනකම්. දැන් වැඩේ වැරදුනා. අපිට ඉතා හොඳයි. මානව හිමිකම් ගැන ට්‍රම්ප්ගේ එතරම් අවදානයක් නැහැ. ඒ නිසා විශේෂයෙන් ආසියාවට හොඳ කලදසාවක් යාවි. කොටින්ට දඟලන්න ලැබෙන එකක් නැහැ. හැබැයි අන්තවාදීන්ට නම් තිබුනට වැඩිය පහර කන්න වෙයි. ට්‍රම්ප්ට අපේ සුබ පැතුම්. (නි)