ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් අද (20) කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය රජය සමයේ ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද එෆ්සීඅයිඩියට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරු දැකීමට දෑස තිබිය යූතු සේම යථාර්තය දැකීමට නුවණ තිබිය යු තුමය (ම)
කෙළින් කතාකරන මහත්මයෙක්. (නි)
හිටපු පාලකයාගේ කාලේ කෙරුවාවල් ගැන තවත් කුමට කතාද? (නි)
ඊළඟට කවුද? (නි)
අපේ රට ගැන හරිම කණගාටුවක් හිතෙනවා, රටේ උත්තරීතර දේවල් පක්ෂ පාට ග්‍රහණයට අහුවෙලා (නි)
තෝරු මෝරු එළියේ ඉඳිද්දි හාල්මැස්සන් අල්ලනවා. (නි)
දැන් තේරුණා නේද යහපාලනය හොදයි කියලා.(හේ)
මේ සියලුම පෙර වැරදි කළවුන්ට දඬුවම් ලැබෙනවා සේම වර්තමානයේ වැරදි කරන සහ අනාගතයේ කරන්නට බලාපොරොත්තු වෙන දේශපාලකයන්ටද රතු එළියක් නිකුත් වන බව අපේ දැනීමයි. එය එසේම විය යුතු බවද අප විශ්වාස කරමු (නි)
අදටත් රජයේ වාහන වලින් තම පුද්ගලික ගමන් යන අය ඉන්නවා. ඒ අයට ඔය නීතිය බලපාන්නේ නැද්ද? (නි)
සියල්ලන් තමන් හට උරුම තැනට යාමට සූදානම්වෙලා ඉන්න. තමන් කරපු දේවල් වලට විඳවන්න සිදුවෙනවා. එ්ක පොදු ධර්මතාවයක්. (නි)
ගහදදී ගහද්දී තව වඳින මිනිසාත් මෝඩයා. වඳිද්දී වඳිද්දී තව ගහන මිනිසාත් මෝඩයා. (නි)
වෙනසක් සමඟ අපමන අගයක්... (ර)
ජනාදිපති ලේකම් කාර්යාලයේ වාහන 1500 ක් අතුරුදන් .මේවාට වෙච්ච දෙයක් නැත .මේ අය තමා වගකියන්න ඕන (ම)
අනුන්ට ඇඟිලි දික්කරන්න කලින් තමන් නිවැරදී විය යුතුයි. (ර)
වරදක් නොදකිමි. වැරදි කල අයට දඩුවම් ලැබිය යුතුය. එසේ වන විට වර්තමානයේ බලයේ සිටින උදවිය වැරදි කිරීමට පෙළබිම අවම කරනු ඇත. බලය සදාකල් නොපවතී. (ර)
ආණ්ඩු පක්ෂෙට බැන්නොත් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය (අ)
මේක යහපාලනය නෙමේ දඩයම් පාලනය. පක්ෂක්ග්‍රහී දඩයම් (අ)
දකුණු ආසියාතික රටක් වශයෙන් මේවා සාමාන්‍ය සිද්ධීන් වේ. (ර)
මොකද වෙන්නේ කියලා බලන් ඉමු.(හේ)
මැතිවරණයක් ළඟ ළඟම එනවා.(ම)
හක්කේ බුදු රෑස් බොක්කේ දඩමස් (ම)
නායකයා නැති නිසා වෙන්න ඇති. දැන් කස කාරයෝ ලෑස්තිද ඊළඟ නැටුමට ? (ම)
නීතිය අපේ රටේ විරුද්ධ මත දරන අයට විතරද? (නි)
පළිගැනීම ඉහළින් ඉටුකරන රජයක් දැන් තියෙන්නේ කියලයි අපිට නම් හිතෙන්නේ (නි)
මෙවැනි වැඩ වලට සැළෙන්න එපා. ඔබතුමාට ශක්තිය ලැබේවා! (නි)
විරුද්ධ නම් නීතිය අකුරට. ඔය නීතිය යහපාලන ඔඩොක්කුවේ ඉන්න හොරුන්ටත් ක්‍රියාත්මක කළොත් තමයි නියම යහපාලනය (නි)
ඒ දවස්වල ඩිෆෙන්ඩර් වල රවුම් ගැහුවා හරි උජාරුවට (නි)
හාල්මැස්සන් පමණක් නොව අර තෝරු මෝරුවත් කූඩුවට දමන්නකෝ (නි)
යහපාලනය ගැන දැන්නම් ලොකු සතුටක් දැනෙනවා (නි)
නීතිය මෙලෙස හැමෝටම ඉක්මනට හා නීත්‍යානුකූලව ක්‍රියාත්මකවීම යහපාලනය අගය කරන අපි හැමදෙනාගේ පැතුම වේ. (නි)
කට්ටියටම පේනවද මොකද වෙන්න යන්නෙ කියලා? (නි)
අපි බලමු ඉදිරියට මොනවා වෙයිද කියලා (නි)
මහ බැංකුවේ අවභාවිතයට මේ නීතිය අදාළද? (නි)
කෝටි 7-9 වාහන ගන්නා ඇමතිලත් එක්කෝ ආණ්ඩු මාරුවෙද්දී පනින්න ඕනෑ. නැත්නම් ඊළඟ ආණ්ඩුවේ එෆ්සීඅයිඩී එකට යාමට සූදානම් වී සිටිය යුතුය. (නි)
රජයේ දේපල හොරකම් කළ අයට උපරිම දඩුවම් ලබාදෙන මෙන් අප ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිමු. (නි)
දැන් ඔය අවභාවිතාවන් කරලා තියෙන්නේ විපක්ෂ කට්ටිය විතරද??? (ම)