ජනාධිපති අපේක්ෂකයෝ
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ජනපතිවරණ ආරක්ෂක වැඩපිළිවෙළ
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂ මාරුව බහුලව සිදුවිය. ඒ අනුව පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් (මන්ත්‍රීන් 162) සහිතව සිටි ආණ්ඩු පක්ෂයට දැන් සිටින්නේ මන්ත්‍රීවරුන් 138 ක් පමණි. විපක්ෂයේ සිටි මන්ත්‍රීන් සංඛ්‍යාව 63 සිට 87 දක්වා වර්ධනය වී ඇත.
2015 ජනවාරි 2 වැනිදා වනවිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය මෙසේ දැක්විය හැකිය.
ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2010
1982 ජනාධිපතිවරණය එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ජේ.ආර්.ජයවර්ධන මහතා ජයග්‍රහණය කළේය. අනතුරුව ආර්.ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ යන ජනපතිවරු තේරී පත්වූහ. චන්ද්‍රිකා කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරු දෙවරක් තෝරා පත්කර ගනු ලැබූහ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය අනුව මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වරටද මෙවර තරග කරයි.
විවිධ අවස්ථාවලදී පක්ෂයේ නම වෙනස් කරමින් ඉදිරිපත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩි මැතිවරණ ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇති අතර 2010 වසරේ අවසන්වරට පැවති ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ පළමුවරට එක්සත් ජාතික පක්ෂය තරග නොකළ අතර ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හංසයා ලකුණින් සරත් ෆොන්සේකා මහතා තරග කළේය.
ජාතික හෙළ උරුමය හා වෙනත් සිවිල් සංවිධාන රාශියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින ගැටළු සාකච්ඡා කළ අතර එයට ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ ගණනාවක් එකතු විය. ඒ අනුව සන්ධාන රජයේ සෞඛ්‍ය ඇමති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා රජයෙන් ඉවත්වී විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත්විය. එයට එක්සත් ජාතික පක්ෂයේ, ජාතික හෙළ උරුමයේ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සහාය හිමිවී ඇති අතර ඉතිහාසයේ පළමුවරට පොදු සන්ධානයක් ලෙස එක්ව සිටිී.
ග්‍රැෆික් නිර්මාණය-අකිල බද්දෙවිතාන
1982 ඔක්තෝබර් මස 20 වැනිදා පැවති ජනාධිපතිවරණයට ප්‍රධාන අපේක්ෂකයන් 6 දෙනෙක් තරග කළ අතර එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වූ ජේ.ආර්.ජයවර්ධන මහතා, නිදහස් පක්ෂයේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා සහ ජනතා විමුක්ති පෙරමුණු අපේක්ෂක රෝහණ විජේවීර මහතා අතර තියුණු සටනක් පැවතිණි.
ජනාධිපතිවරණයෙන් ජේ.ආර්.ජයවර්ධන මහතා ඡන්ද 34,50,811 ක් ලබා ජයග්‍රහණය කළ අතර නිදහස් පක්ෂයේ අත ලකුණින් තරග කළ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ඡන්ද 25,48,438 ක් ලබා ගත්තේය. රෝහණ විජේවීර මහතාද ඡන්ද 2,73,428 ක් ලැබූ අතර අනෙකුත් අපේක්ෂකයින් අතුරින් සමසමාජ පක්ෂය නියෝජනය කළ කොල්වින් ආර්.ද සිල්වා සහ දෙමළ කොන්ග්‍රසයෙන් ඉදිරිපත්වූ ජී.ජී පොන්නම්බලම් සහ නව සම සමාජ පක්ෂයේ වාසුදේව නානායක්කාර යන මහත්වරුද සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලැබූහ.
ඡන්ද දායකයන් 65,22,147 දෙනෙක් 1982 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
1988 දෙසැම්බර් 19 වැනිදා පැවති ජනාධිපතිවරණයට ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකු අතර ප්‍රබල සටනක් පැවති අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 2,569,199 ක් ලබා ජයග්‍රහණය කළේය. ප්‍රතිවාදි අපේක්ෂිකාව වූ නිදහස් පක්ෂයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඡන්ද 2,289,960 ක් ලබා කරට කර සටනක් දුන්නාය. තෙවැනි බලවේගය වූ ඔසී අබේගුණසේකර මහතා ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉදිරිපත්වී ඡන්ද 235,719 ක් ලබා ගත්තේය. එම ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයන් 5,094,778 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
1994 වසරේ පැවති ජනාධිපතිවරණය පොදුජන එක්සත් පෙරමුණ නමින් පුටුව ලකුණින් තරග කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජයග්‍රහණය කළේ විශාල ජයග්‍රාහී ප්‍රතිශතයකිනි. ඇය ඡන්ද 4,709,205 ක් ලබා ගත්තාය. විපක්ෂ අපේක්ෂක ශ්‍රීමතී දිසානායක මහත්මිය ඡන්ද 2,715,285 ක් ලබා දෙවැනි තැනට පත්විය. එවර මැතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වූ හඩ්සන් සමරසිංහ මහතා ඡන්ද 58,886 ක් ලබා ගත්තේය.
1994 ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයන් 7,561,526 ක් ඡන්දය ලබාදී තිබුණි.
1999 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය දෙවැනි ධූර කාලය වෙනුවෙන් තේරී පත්විය. ඇය 1999 වසරේදී ඡන්ද 4,312,157 ක් ලබාගත්තාය. විපක්ෂයෙන් ඉදිරිපත්වූ රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 3,602,748 ක් ලබා ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණු අපේක්ෂක නන්දන ගුණතිලක මහතා ඡන්ද 344,173 ක් ලබා ගත් අතර එවර ජනාධිපතිවරණයේදී 8,435,754 දෙනෙක් ඡන්දය ලබා දී තිබුණි.
2005 වසරේදී පැවති ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක්වූ අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා අතර තියුණු සටනක් පැවතිණි. ඡන්ද 4,887,152 ක් ලබා මහින්ද රාජපක්ෂ මහතා එවර ජයග්‍රහණය ලබා ගත් අතර රනිල් වික්‍රමසිංහ මහතාද ඡන්ද 4,706,366 ක් ලබා ගත්තේය. අනෙකුත් පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයන්ට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව නොලැබිණි. 2005 වසරේ නොවැම්බර් 17 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයන් 9,717,039 ක් ඡන්දය ලබා දී තිබුණි.
අවසන් වරට පැවති 2010 ජනාධිපතිවරණයේදී ඉහළ ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට දෙවැනි වරටත් තේරී පත්වූ මහින්ද රාජපක්ෂ මහතා සමත්විය. එවර ඉතිහාසයේ ප්‍රථම වරට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ අතර පොදු විපක්ෂයක් ලෙස එක්ව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හංසයා ලකුණින් තරග කළ සරත් ෆොන්සේකා මහතාට සහාය පළ කළේය. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂද සරත් ෆොන්සේකා මහතාට සහාය පළ කළ අතර එවර ඔහු ඡන්ද 4,173,185 ක් ලබා ගත්තේය. නමුත් මහින්ද රාජපක්ෂ මහතා 6,015,934 ක් ලබමින් 2010 ජනාධිපතිවරණය ජය ගත්තේය. ඡන්ද දායකයන් 10,393,613 දෙනෙක් ඡන්දය ලබා දී තිබුණි.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති මුළු ඡන්ද දායකයන් සංඛ්‍යාව 15044490 කි. එයින් තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 545500 කි.
ග්‍රැෆික් නිර්මාණ - අකිල බද්දෙවිතාන
ග්‍රැෆික් නිර්මාණය - නිමල් ජයශාන්ත












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනසක් නෑ.උස නිල්පාට කණුවක් තම 2015 දීත්.අන්තර්ජාලයේ අදහස් පක්ෂපාතීව පල වුනාට සැබෑ ජන මතය තිබෙන්නේ ගමේ.(හේ)
මහින්ද මහත්තයා දිනනවා 51.5%. (ර)
මහින්ද මහත්තයා තමයි ජනපති වෙන්නේ. (ර)
මේ යන ක්‍රමයට අනිවාර්යෙන්ම මෛත්‍රී දිනනවා. නිකම් නෙමෙයි, ඉතිහාසයේ වැඩිම මනාපයෙන්. (ර)
මහින්ද 54% මෛත්‍රී 46%.(හේ)
මහින්ද දිනනවා! (නි)
මහින්ද මහත්තයා අනිවාර්යෙන්ම දිනනවා. 55% කට වැඩියෙන් ගන්නවාමයි. (නදී)
මීලග ප්‍රතිපලය දාන්න පුළුවන් එත් පලකරන එකක් නැහැ. (ස)
මෛත්රී දිනනවා 53.6%. මහින්ද රත්නපුර,කෑගල්ල ,කුරුනෑගල,කළුතර,මොනරාගල,හම්බන්තොට,මාතර දිස්ත්‍රික්ක 7 දිනනවා. ඉතුරු ටික දිනන්නේ මෛත්‍රී. මහින්දට වැඩිම ඡන්ද ලැබෙන්නේ කුරුනෑගලින්. මෛත්‍රීට කොළඹින් (නදී)
මෙවර කවුද ජනපති වෙන්නේ කියලා අපි බලමු.(හේ)
මහින්ද මහතාට ජනවාරි 8 සුබ නැත. අනිවාර්යයෙන් මෛත්‍රීපාල මහතා 53% ලබා ගනු ඇත. අනුරාධපුරය සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක 2 මහින්ද මහතාට අහිමි වනු ඇත. (හේ)
මහින්දට ජය නියතයි (නි)
2015වේදී උස නිල්පාට කණුවක් සහ ඊට ටිකක් කොට කහපාට කණුවක් අනුමාන කල හැක. (ස)
මොරිස් ඔයාගේ අදහසට මම එකඟයි. ඒකයි සිද්ද වෙන්නේ (නදී)
මුහුණු පොතෙයි ,මේකෙයි බොරු ආකෘති හදාගෙන අදහස් දාන අය මොනවා කිවත් මේ සැරෙත් අපේ මහින්ද ජනපති තුමා දිනයි වගේ. (ස)
මෛත්රී 51.5% යි.මහින්ද රාජපක්ෂ 48% යි.(නදී)
මෙදා පාර ලෙහෙසි වෙන එකක් නැහැ. කවුරු දිනුවත් අන්තිමට අපිට කන්න වෙන්නේ ඉඳුල් කෑම. ඔවුන් නම් ඔක්කොම බඩ පිරෙන්න කනවා. (නි)
පෙනෙන ආකාරයට මෙවර මෛත‍්‍රී මහතාට ජය අත්වෙයි. (ර)
හොඳ මතක්කිරීමක් (නි)
මෛත්රී එක්ක එකතුවෙලා ඉන්නේ රටට ආදරේකින් එකතුවුණ අය නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ. මේ හැමදේම හිතලා ඔබේ වැදගත් මනාපය පාවිච්චි කරන්න. (නි)
50% - 52% අතර මහින්ද මහත්තයා ඡන්ද ගන්නවා. (ර)
මහින්ද 57% කින් දිනනවා. ගාමිණී මොනවද දන්නේ? මෛත්‍රී පොඩි මිනිහෙක් නෙමෙයි එයාලගේ පවුලේ තමා අරලිය සමාගම් ජාලිය. එයා කොහොමද පොඩි අයගේ බඩගින්න අඳුරන්නේ.(නදී)
මහින්ද හොඳයි. එ්ත් පවුලේ අය ගොඩක් දේශපාලනය කිරීම හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා වෙනසක් ඕනා. හංසයාට ජය වේවා. (නදී)
ඉර,හඳ, උලා කෑ ඉරණම පෙන්නුම් කරන්නෝ කීදේවල් සිද්ධවුණේ නැහැ නේද? රට හදනවා කියන්නේ , අපි හැදෙන එකයි. හිතට එකඟව යහපත් දේ අපි කරමු. සදාචාරය අගය කරමු. (නි)
මෛත්රී තමයි දිනන්නේ කොච්චර කතා කිව්වත් වැඩක් නැහැ (බ)
මේ වෙනකොටත් ජය මහින්ද අරගෙන තියෙන්නේ (නදී)
මේ ජනාධිපතිවරණයේ දී මහින්දත් දිනනවා, මෛත්‍රීත් දිනනවා.අනිවාර්යෙන්ම පරදින්නේ මේ රටේ අහිංසක ඡන්දදායකයා පමණයි. (නි)
මුස්ලිම් කොන්ග්‍රසය සහ ද්‍රවිඩ සන්ධානය තම තීරණය ප්‍රකාශයට පත් කරලා නැති නිසා ප්‍රතිඵල ගැන දැන්ම අනාවැකි පළ කිරීම තර්කානුකූල යැයි නොහැගේ. (ර)
මම කියන්නේ මහින්ද මහත්තයා 52.26% ක් ගන්නවා. මෛත්‍රී මහත්තයා 46.65% ගන්නවා. (නි)
මෙවර 2005 දී වගේම ලොකු රැල්ලක්නම් තියෙනවා.ගියවර ෆොන්සේකා මහත්තයට වඩා එකමුතු වුන විපක්ෂයකුත් තියෙනවා. මහින්දට ලේසි නැහැ. ඒ බව කරන කියන දේ වලිනුත් හොදටම පේනවා. නගරය මහින්දට අවාසියි. ගම වලිනුත් බරපතල බෙදීමක්. සාධාරණ ඡන්දයක් පැවත්වුනහොත් ප්‍රතිපල වෙනස් වෙන්නත් පුළුවන්. (බ)
පර්සි ගැන රටේ බහුතරයක් කලකිරිලා ඉන්නෙ. (අ)
රටට ආදරය කරන අය දෙන්නේ මෛත්‍රීට තමයි(දිල්)
කව්රු මොනවා කිව්වත් මේ සැරේ දිනන්න්නේ මෛත්‍රී. ඒකේ සැකයක් නැහැ. අපේ ගම එහෙන් පිටින්ම මෛත්‍රීගේ පැත්තේ. අපි මහින්දගේ බලකොටු වෙලා තිබ්බ ගම්පහ මිනිස්සු. දැන් අපිත් මෛත්‍රීගේ. (නදී)
මහින්ද රාජපක්ෂ දිනන එක ස්ථිරයි ,නියතයි .(හේ)
මහින්ද මහත්තයා සියයට 53% ත් 55% ත් අතර ගණනක් ගනීවි. (ර)
මහින්ද රටට යමක් කලත්, අද පාලනයේ අඩු-පාඩු තියනවා. මෛත්‍රී හොඳ කෙනෙක්. එත් යම් බලවේග වලට හසුවී ඇති බව පේනවා.එනිසා මෙවර තරඟය බොහෝ තියුණුයි. (අ)
මෛත්රී මහතා දිනවන්න ඕනේ. සමාජ අසාදාරනකම් අද වැඩියි. නීතිය බල්ලට ගිහින්. හොරකම වංචාව පෙර රජයන්ට වැඩිය වැඩියි. මෛත්‍රී ට ජය වේවා! (නදී)
මම කියන්නේ,මහින්ද රාජපක්ෂ මහතා 56.94%යි. මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සියල්ල 43.06%යි. මේ ගැන සැකයක් ඇති අය ඇත්නම් දන්වන්න (නි)
2015 කවුද ජනපති.(හේ)
මෛත්රී 57% යි (නදී)
අනාවැකි කොහොම වුණත් දිනන කෙනා දිනයි ජනවාරි 8 වෙනිදාට (නි)
60% ඡන්ද ලබා ගැනීමට ඉඩක් ඇත්තේ මෛත්‍රිපාල මහතා නොව මහින්ද රාජපක්ෂ මහතා බව සමාජ ගවේෂණ වල යෙදෙන බටහිර ආයතනයක් සොයාගෙන තුබුණා .මෛත්‍රිපාල මහතාට 40 % යි .එත් පසුගිය සියලු තත්වයන් අනුව මම කියන්නේ මහින්ද ජනපතිවරයා 56.94 % ලබා ගන්නා බවයි. (දී)
මට දැන්ම ප්‍රතිඵලය කියන්නේ නැහැ. (නි)
මෛත්රී දිනන සම්භාවිතාවය වැඩියි වගේ (නි)
සුමනසිරි, ඔබට දේශපාලනය ගැන දැනුමක් නැහැ (නි)
1988 මැතිවරණ ඡන්ද ප‍්‍රතිපලය වැරදියි. සිරිමාවෝ 35% පේමදාස 50% නම් ඔසී 15% අරගන. (ර)
මොරිස්, කට අරින්න ටොපියක් දාන්න. (ර)
මම නම් කියන්නේ මෛත්‍රී 67%ක් ගන්නවා (නි)
රට ගැන හිතන අයට රටයනවා. බඩ ගැන හිතන අයට බඩයනවා (නි)
තාම තියෙන්නේ සියයට 50 -50 මට්ටමේ.(හේ)
සමහරුන්ගේ කටකතා මෙහෙයුම් ඉතා හොඳින් යනවා. බලන්න කතාකරන සමහරු 'ලු' අරුතින් කතාකරන හැටි. (නි)
කවුරු මොනවා කීවත් ජය මහින්දට....හැබැයි ප්‍රතිශතය ටිකක් අඩු වෙයි. මහින්ද 52% - මෛත්‍රී 48%. (බ)
අනිවාර්යෙන් මෛත්‍රීපාල 2015 ජනවාරි 9 ජනාධිපතිවෙනවා. ප්‍රතිශතය 53.4 යි (නදී)
2005 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තමයි මේ සැරෙත්.. මහින්ද මහත්තයා තමයි ජනපති වෙන්නේ..(හේ)
මම කියන්නේ මෛත්‍රී 55%යි. මහින්ද 45%යි (නි)
මොරිස් ඔබ හරි (නදී)
මහින්ද මහත්තයා එක්ක එකතුවෙලා ඉන්නේ ෆොන්සේක හිරේ යවපු, අගවිනිසුරුවරියගේ නඩුව අහපු , මහින්ද මහත්තයා පැරදුනොත් යනඑනමං නැතිවෙන අය. මහින්ද මහත්තයා පැරදුනොත් ඒ අයට පැවැත්මක් නෑ. (නදී)
ආර්ථික අතින් රට යන්නේ අගාධයට, රටේ නීතියක් නැත, රටේ කිසිම නිෂ්පාදනයක් වැඩිවී නැත, සංවර්ධනය මුවාවෙන් රටවල් වලින් ණය අරගෙන පාලකයෝ හොරාකති, එම නිසා වහාම රටට යහ පාලනයක් උවමනාවී තිබේ. එම නිසා සියලුම රට වැසියෝ මෛත්‍රී සිරිසේනට ඡන්දය දී රටේ මෛත්‍රී පාලනයක් ඇති කල යුතුයි. මෛත්‍රී අනිවාර්යෙන් ම 60% වැඩියෙන් ඡන්දය ලබා ගන්නවා. (බ)
මම කියන්නේ මහින්දට ජය ලැබෙනවා.නමුත් ඒ වැඩි ඡන්ද ගණන විශාල ගණනක් වෙයි කියලා නම් හිතන්න අමාරුයි (නි)
ජයරත්න, ඔයා හරි (නි)
2015 දී නිල් පාට පහළ වැටී කහ පාට සැළකිය යුතු ලෙස ඉහළ යන එක ස්ථීරයි (නි)
මම අපේ ගමේ අයගෙන් දැන ගත්ත විදියට මෛත්‍රී මහතා ඉදිරියෙන් ඉන්නවා. පාට බේද නැතිව ගමේ මිනිස්සු කතාවෙන්නේ පොඩි තැනකින් එන මෛත්‍රීට බඩගින්න ගැන සැබෑ වේදනාවක් තියෙනවා කියල. ගොඩක් පවුල් වලට ඉතාම ලොකු ආර්ථික ප්‍රශ්න බඩගින්නට අවුරුදු 9 ටම මොනවත් කරලා නැහැලු (බ)
සිරිසේන මහත්මයා 60% ඉක්මවලා ඡන්ද ලබා ගැනීම ස්ථිරවම සිද්ධ වෙනවා කියලා මටත් හිතෙනවා. මොකද මේ වෙනකොට මෙච්චර කලක් ආණ්ඩු පක්ෂයට සහාය දීපු අපේ ගම් පළාතේ ඡන්දදායකයෝ විපක්ෂයේ අපේක්ෂකයාගේ වරුණ කියනවා. එයාටත් දීලා බලනවාලු (නි)
අනිවාර්යයෙන්ම මෛත්‍රී දිනවන්නම ඕනෑ (නි)
මම නම් කියන්නේ මෛත්‍රී දිනනවා. (නි)
මෙවර හංසයා 51.06%යි සහ බුලත් කොළය 48.04%යි. මම ඕනෑම ඔට්ටුවකට කියනවා. අනිද්දා හවස 3.00 පස්සේ බලමුකෝ. (නි)
මම නම් 9 දිනුවහම කිරිබත් කන්න සූදානම් වෙලයි ඉන්නේ (නි)
මීළඟ ප්‍රතිඵලය පොදු පෙරමුණ මිලියන 5.1යි, සිරිසේන 4.9යි. යු.එන්.පි.ය 0.0 යි වෙයිද දන්නෙ නැහැ (නි)
සැකයක් නැහැ. එහෙත් මැතිවරණයේ සාධාරණත්වය ගැනයි අපිට සැක (නි)
මහින්ද 53%-55% අතර අනිවාර්යයෙන් ගන්නවා (බ)
රොෂාන් 50-52 % දිනුවම මනුස්සයෝ සේරම 102% මොන ඉස්කෝලේද ගියේ ? (නදී)
2010ට වඩා දෙපැත්තටම ඡන්ද අඩු වේවි. ඒත් මහින්ද ඉදිරියෙන්.(හේ)
හොඳ දැනුවත් කිරීමක් (නි)
පොළොවේ පයගහලා ඉන්නේ මහින්දට පින්සිද්ධ වෙන්න.අපි එතුමාට ණයගැතියි. එතුමාම තමයි ජනපති (නි)
මහින්ද 51 % යි මෛත්‍රී 49% යි (නදී)
මහින්ද මහත්තයා දිනනවා 54.5%කින් (නි)
සුමනසිරි, ඔයාට වයර් මාරුවෙලාද? (නි)
මහින්ද මහතා 53.5% කින් දිනනවා (නි)
මෛත්රී සිරිසේනට ඡන්දය දී රටේ මෛත්‍රී පාලනයක් ඇති කළ යුතුයි.මෛත්‍රී අනිවාර්යෙන් ම වැඩියෙන් ඡන්දය ලබා ගන්නවා.(හේ)
මෛත්රී 9වෙනිදා ජනපති වෙයි. මෛත්‍රී 62% ගන්නවාමයි (නි)
මම නම් කියන්නේ මෛත්‍රී දිනනවා (නි)
මහින්ද රාජපක්ෂ දිනනවාමයි ප්‍රතිශතය 53% (බ)
ලංකාවේ දේශපාලන වෙනසක් කළ හැක්කේ මෛත්‍රීට පමණි (බ)
මට පේන හැටියට නම් මෛත්‍රී මහත්තයාට වෙන්නේ පොන්සේකා මහත්තයාට වෙච්ච එකේ අනිත් හරිය (නදී)
මම හිතන්නේ සිරිසේන මහත්තයා මේ පාර ඡන්දයෙන් ලොකු ජයග්‍රහණයක් ලබනවා.(හේ)
චන්න හරි. ඕක තමයි වෙන්නේ. (නි)
කව්රු මොනවා කිව්වත් මේ රටට වින කරන.රටේ සම්පතත් සූරාකන .අධ්‍යාපන වනසන.එකම ගණිතය ප්‍රශ්න පත්‍රය දෙපාරක් ලියවන.අවුරුදු 4 රට අවුරුදු 100 යකට නය උන මහා රජාට ඡන්දය දෙන අයට බුදු සරණි (අ)
ප්‍රචාරක වැඩ බලල තිරණය කරන්ඩ නරකයි. මේ අය තමන්ගේ බලතල උපරිම ප්‍රයෝඡනයට ගන්නවා (නදී)
මෛත්රී පාලනයකට ජය වේවා! (නි)
මෙවන්, හරියටම හරි. (ර)
රටේ මිනිස්සු බුද්ධිමත් මහින්ද දිනනවා නමුත් 52% (බ)
මතකය අවදිකළාට ස්තුතියි. සාධාරනය ජය ගනී. වෙනසක් ඇති වේවා! (නි)
කොළපාට වෙනුවට කහපාට යොදාගත්තා නම් මේ සැරේ ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා (නි)
2015 ට අලියත් නෑ කොලපාටත් නෑ ඉතින් නිල් පාට ම දිනවමු (නදී)
පහුගිය මැතිවරණ සංසන්දනය කරලා ගත්තම, මේක මහින්ද දිනනවා අනිවාර්යයෙන්ම. ප්‍රතිශතය ඉස්සෙල්ලා වගේ නැති වෙයි. 52 % -54% ගානක් වෙයි.(හේ)
ගාමිණී, ඔයා ඉන්නේ කොහේද? (නි)
2015 දී අලුත් වෙනසක්. (ර)