
(සුජිත් හේවාජුලිගේ)
ගෙවුණු වසරේ සහ පසුගිය නත්තල් දිනයේදී රට පුරා බන්ධනාගාරවල සිටි ජනපති සමාවට නුසුදුසු සිරකරුවන් 26දෙනෙකු මුදා හැර ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැම් බන්ධනාගාර ප්‍රධානීන් විසින් කර ඇතැයි පැවසෙන මෙම ක්‍රියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් සිදුකරයි.
මේ අතර ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් නිදහස් කෙරුණු අනුරාධපුරයේ තිලකරත්න නමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලයි නැට්ට...!
අපි ඔටුවෝ. අපි ඔය නාටක වලට රැවටෙනවා.
දූෂණ, අක්‍රමිකතා පිටු දකින වර්තමාන රජය යටතේ මෙවැනි දූෂිත ක්‍රියා සිදුකරන නිලධාරීන් පෙර රජයන් යටතේ කොහොම කරන්න ඇතිද? සියළුම රාජ්‍ය නිලධාරින් මෙවැනි දූෂිත ක්‍රියා සිදු කිරීමට බියවන අන්දමේ දැඩි දඬුවම් ලබාදිය යුතුයි...
අනික් 26 ?
මේක ඇත්ත නම් ඒ කියන්නේ රටේ පාලකයා තමන්ට දෙන ඕන ලියවිල්ලකට ඔහේ පොට්ට අත්සන ගහනවා කියන එකද? එතකොට ලේකම්ලා බුදිද? අයියෝ රටකට ගිය කලක්...
මෙවැනි නිලධාරීන් ඉන්නකන් රට හදන්න බෑ...
පහුගිය කාලවල රටේ පාලකයෝ තමුන්ට ඕන ඕන අයව නිදහස් කෙරුවා, මිනි මරලා ජීවිතාන්තය දක්වා හිරේට නියමවූ අය පවා?
ලපයාගේ කාලෙත් වුණු නිසා මේවාට වැරැදි කාරයෝ වෙන්නේ ඒ කාලේ හිටපු නිලධාරීන් මිසක් දේශපාලකයෝ නොවේ.
නීතිය වල් වැදී තිබුණු රටක මේවා අරුම නොවෙයි.
ගෙවුණු වසරේ පමණක් නොව ඊට පෙරත් මෙය නිසැකවම වෙන්න ඇති. ඔය බන්ධනාගාර අධිකාරි තමයි මේක කරන්න ඇත්තේ...!
ජනාධිපති කාර්යාලයේ ඉන්නේ බබාලද?
මෙයින් පෙනී යන්නේ කාලයක සිට වංචාව රටේ සෑම තැනකම මුල් බැස ගෙන තිබෙන බවයි. මහජන බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතන සියල්ලම අංශ ප්‍රධානීන්ගේ සිට පරීක්ෂාවට ලක් කළ යුතුයි.
අනුර කුමාරගේ සමාවට ඔහොම නම් ඔයිට කළින් සිය ගණන් නිදහස් කරලා ඇති. රාජපක්ෂ ආණුඩු කාලේ ඉඳලාම පොදු සමාව යටතේ නිදහස් කෙරුණු සිරකරුවන් ගැන විමර්ෂණය කළා නම් තව දේවල් එළිවෙයි.
වෙහෙරක් ගිල්ල තඹුත්තේගම ලපයාට, අග්ගලාවත් කජ්ජක්ද කිව්වාලු...! මෝදිට අප්‍රේල් 5 දා, හිස් කොළවලට අත්සන් කරලා රටම පාවාදීපු එකාට, හිස්කොළ 26 කට අත්සන් කරලා දරුණු හිරකාරයෝ 26ක් නිදහස් කරන එක, සීයා කජු කනවා වගේ සිම්පල් වැඩක් !
වගකිවයුතු සියලුම නිලධාරීන් ට නිසි දඬුවම් නුදුන්නොත් NPP ආණ්ඩුවත් ෆේල්...
බන්ධනගාර ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමත් සමග හෝ ඔහු දූෂණ අක්‍රමිකතා සම්බන්ධව ( සිරකරුවන් නිදහස් කිරීම සහ බන්දන්ගාරය තුල සිදුවන වෙනත් අක්‍රමිකතා) කටයුතු ආරම්භ කිරීමත් සමගම බන්ධනාගාරයේ computer system සහ අන්සියලු ලියකියවිලි investigators බාරයට ගැනීම / දැඩි පරික්ෂාවක් සිදුකිරීම කළයුතු වේ.
විපක්ෂ බයියන්ගේ ඒ ආතල් එකත් නැති වුණා මේ නිවුස් එකෙන්...!
ගොඩක් අයට හුඟක් රිදිලා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් හා නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමත කරලා එවන පොදු සමා ලැයිස්තුවටයි ජනාධිපති වරයා අත්සන් කරන්නේ. එහෙම නැතුව ජනාධිපති හෝ අධිකරණ ඇමැති හිරගෙවල් ගානේ ගිහින්, හිරකරුවන් ගේ වං හුං හොයලා නිදහස් කරන ක්‍රමයක් නෑ. වෙනත් චෝදනා කරන්න නැති නිසා මෙහෙම හරි විවේචනය කරලා සතුටක් ලබපල්ලා.
හොඳ වෙලාවට අජිත් පෙරේරා හිටියේ...
"ඔය ජනාධිපති සමාව කියන බම්බුවත්, AKD, මාලිමා රජය අහෝසි කිරීමට යන ලැයිස්තුවට ඇතුළත් කරන්න. බන්ධනාගාරවල ලොක්කන්ට කීයක් හරි අත මිට මෙලෙව්වම , ඕනෑම අපරාධකරුට එළියට එන්න පුළුවන් කාලයක් වගෙයි ලබල තියෙන්නේ! හොරෙන්, වංචාවෙන් එළියට දාපු සිරකරුවන් වෙනුවට, ඒකට අත්සන් දුන් ඔය හිටපු ලොක්කන් ඇතුළට දැම්මනම්, ඔය ‘සිරකරුවන්’ ව්‍යාපාරය නිකන්ම නවතීවි
කරපු ලොකු අය පැත්තක... වෙන අය ටිකක් අන්තිමට දන්ගෙඩියට... සාධාරණ කොටාගේ වැඩ...
ඕනෑම තිරිසන් අපරාධකරුවකු නිදහස් කර දැමීමට, අධිකරණයට ඉහළින් ජනපතිට බලය ලැබෙන මෙම වගන්තියවත් අහෝසි කරන ලෙස උද්ඝෝෂණය කරන්න. නැත්නම් මෑතදී හිරේ ගිය හිතවත්තු ඊළඟ ජනාධිපති ආව ගමන් නිකම්ම එළියේ. නීතිඥ සංගම්වත් මේ ගැන කතා නොකරන්නේ ඇයි..?
බන්ධනාගාරයක වැඩ කරන්න ඕනම කෙනෙකුට බෑ. ඒක හරිම මානසික පීඩාවක්. ඒ නිලධාරීන්ගේ මානසික කායික යෝග්‍යතාවය නිරතුරුව රැකෙන පරිදි කටයුතු කරන්න. ඒ අයත් මිනිස්සු. හිරකාරයෝ සන්නද්ධ වුණොත් වෙන දේ කියන්න ඕනෑ නෑනේ. බන්ධනාගාරයක රැකියාව කරනවා කියන්නේ කමාන්ඩෝ වගේ තමා. පොඩ්ඩක් මිස් වුණාද, විඳවලා මැරෙන්නේ. ප්‍රායෝගික තත්ත්වය ඕකයි. බොහෝම පරිස්සමෙන් ගනුදෙනු කළ යුතු තැනක්...
ලංකාව නැමැති ශරීරය පුරාවටම දූෂණය කියන්න කුෂ්ඨ රෝගය පැතිරිලා... මුළුමනින්ම නිට්ටාවට සුව කරන්න ටික කාලයක් ගත වෙයි.
මේ බන්ධනාගාර කොමසාරිස් ඇතුළු මේ සිද්ධියට සම්බන්ධ සියලුම අපරාධකරුවන්ට අවම වශයෙන් අවුරුදු 20ක බරපතල සිර දඬුවමක් ලබා දෙන්න. පෙර දේශපාලනඥයින් විසින් පෝෂණය කරන ලද සහ සහාය දක්වන ලද මේ සියලු වංචනිකයන්ගෙන් අපි මේ රට ආපසු හැරවිය යුතුයි.
මෙහෙම දේවල් ජනාධිපති කාර්‍යාලයේ අභ්‍යන්තර විගණන අංශයෙන් හා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරි විගණනය කළා නම් ඔහොම දේවල් වෙන්නේ නැහැනේ දැන්වත් විගණන දෙපාර්තමේන්තුවට එම කටයුතු විගණනය පවරන්න...
රජයට විරුද්ධ සහ විරුද්ධ පක්ෂ ජනාධිපති සහ රජය අපහසුතාවයට පත්කිරීමේ පරම චේතනාවෙන් ගෙනෙන පැමිණිලි සහ ඔවුන්ට තොරතුරු සපයන වෘත්තීය සමිති නායකයන් මේ කරන්නා වූ හෙළි කිරීම් නිසා ඉබේටම ... ‘‘ක්ලීන් ශ්‍රී ලංකා‘‘ ආයේ බීඩිකොළ වලට සුරාබදු නිලධාරීන්..