මහින්ද රාජපක්ෂ ජනපති, චමල් රාජපක්ෂ කථානායකවරයා ඇතුළු පවුලේ සාමාජිකයෝ අනුරාධපුර රුවන්වැලි සෑයේ කප්රුක් පූජාවක් පවත්වා මහා සංඝරත්නයට හිල් දානයක් ද පිරිනැමූහ.
රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගේ අනුශාසනා අනුව මේ පිංකම පැවැතියේය. උතුරු මැද මහ ඇමැති එස් එම් රංජිත් හා ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් යන මහත්වරු සහභාගී වූහ.
(ජනපති ජය ශ්‍රී මා බෝධියට චීවරයක් පූජා කරමින්)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය ආත්මයෙත් හොද පිනක් කරලා තියනවා මේ අත්මයෙත් පින් කරනවා. අපිට මෙහෙ මුකුත් නැහැ දුවිලි කනවා අවරුදු 26ක් තිස්සේ. එ්ක තමයි පව කියන්නේ, ලෝදිය තියෙන්නේ මෙහෙ, ජුනි, ජුලි, අගෝස්තු, ලෝදිය නානවා. (නදී)
අපේ රටේ රාජ පරම්පරාව කෙලවර උනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගෙන්. ප්‍රජා තන්ත්‍රවාදයෙන් රට පාලනය උනාට පස්සේ අප රටේ බිහි උනේ කුමරාරවරු. නුතනයේ ගැමියන් කියන්නේ ඒ අයට පුෂ්ප කුමාරවරු කියලයි (නදී)
කප්රුක තියෙනකොට පූජාකරන්න පුලූවන්.(නදී)
පාරා-මොනවා කරන්නද? මිනිස්සු දැන් පින් කරන්නේ අනුන්ගේ පින් වලින්. (නදී)
යුද්ධයේ පින රණවිරුවන්ට මිසක් වෙන කාටද. මේ රටට තවම ශ්‍රී මහා බෝධියේ ආශීර්වාදය නැහැ. හොරෙක් නොවන නායකයෙක් බිහිවේවා. (නදී)
බුදුන් වහන්සේ වැඩ සිටියේ ශ්‍රී ලංකාව තුලයි ඉන්දියාවේ නොව. සියලු ඉතිහාසය වෙනස් කෙරුවේ අසෝක රජතුමා විසිනි. අදත් ලුම්බිණි උයනේ සල්ගස ලංකාවේ තියනවා ලංකාවේ ඉපදුන සිද්දාර්ථ කුමාරය බුදු බව ලැබුවේද ලංකාව තුලයි ඒ දේ අද ඔප්පු වෙලාතියනවා ඉහිහසය මේ සියලු දේ වසන් කරලා.(නදී)
මෙතන කව්රුත් සමබර ප්‍රතිචාර දාන්න. දිග දේවල් දැම්මම කපන්න කොටන්න වෙනවා. (නදී)
මමත් මවු බිමට අාව සැමදාම රුවන්වැලි මහා සෑය වැද පුද ගන්නවා පුදම උපදවන ස්තානයක් (නදී)
මොන දේ වුනත් යුද්දේ පැවතුන අවුරුදු 30 කාලය අමතක කරන්න එපා. මේ දැන් රටවල් කිහිපයක් මේ යුද්දෙන් ජනයා විදින දුක. ඒ පිනම ඇති නේද නිවන් දකින්න. (නදී)
අපි අපිම පින් කර ගන්නවා. කොච්චර දෙයක්ද? (නදී)
අනුරාධපුරය යනු සිංහලයාගේ ,සිංහල බෞද්ධයාගේ පරම පුජනිය නගරයයි. . රුවන් වැලි මහා සෑයද ඉන් එක පුද බිමකි. (නදී)
තව තවත් කප්රුක් පහල වේවා! (නදී)
ශ්‍රී මා බෝ ඉහල මළුවට අන්‍යාගමිකයින්ට යන්න පුලුවන්ද? (නදී)
ඔබ හරි මිතිල. (නදී)