(අංජුල මහික වීරරත්න)
තමන්ට ආදරේ නම් මැතිවරණය පවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ කොළඹ මහ නගර සභා නගරාධිපති අපේක්ෂක මුජුබර් රහුමාන් මහතා පැවසීය.
පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් නොවන්නැයි කියා තමාට පණිවිඩ එව්වා යැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය අසත්‍යයක් බව කී රහුමාන් මහතා ජනාධිපතිවරයා ගේ සිතේ තමා ගැන එවන් ආදරයක් තිබේ නම් කළ යුත්තේ පනිවිඩ එවමින් සිටීම නොව මැතිවරණය පැවැත්වීම බවද සඳහන් කළේය.
එලෙස මැතිවරණය පවත්වා සත්‍ය ආදරයක් ඇති බව තහවුරු කර පෙන්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද මුජුබුර් රහුමාන් මහතා කීය.
ගොඩක් වයසට යනතුරු දේශපාලනයේ රැඳී සිටීමට තමා අදහස් නොකරන බව පැවසූ මුජුබර් රහුමාන් මහතා එසේ වයසට ගිය විට ජනාධිපතිවරුන් වගේ තමාත් ඔහේ කියවාවි යැයි බියක් දැනෙන නිසා ගොඩක් වයසට යන්නට පෙර දේශපාලනයෙන් සමුගන්නා බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුජිබර් රහුමාන් රනිල්ට ආදරේ නැති නිසානේ සජිත් එක්ක ගියේ... එවන් ආදරයක් රනිල් ගැන තිබේනම් කළ යුතුව තිබ්බේ රනිල් එක්ක සිටීම වේ...
රනිල්ගේ ආදරේ ඉල්ලන්නේ පරිස්සමෙන්...
රොබෝවෙකුගෙන් ආදරය බලාපොරොත්තු වන්නා එක්කෝ මන්ද බුද්ධිකයෙකි... නැත්නම් පිස්සෙකි..
එයා ආදරේ ඔයාට නෙවෙයි.
රනිල් ආදරේ... අකිලටයි, සාගලටයි.. ඔයාට නෙවේ...!
ඔයා කිව්වට තියන එකක් නෑ ඔන්න අකිල සාගල වගේ කෙනෙක් ඔහොම කිව්වොත් නම් මැතිවරණය තියයි.
මමත් ඔයාට හරිම අදරෙයි අනේ! කමක් නෑ නේද?
අනේ පව්, මෙයා තියෙන රස්සාවත් නැතිකරගත්තා...!
ජනපති ඔහෙට ආදරෙයි .ඔහෙට වැඩිය ජනතාවට ආදරෙයි. ඔහෙට අල්ලපු අතතත් නැහැ පය ගහපු අත්තත් නැහැ.