(නිමල කොඩිතුවක්කු)

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගොස් වරප්‍රසාදවලට, ජනාධිපති මුක්තියට මුවා වී ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ ඡන්ද අයිතියත් හාස්‍යයට ලක්කළ බව සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ දී පැවසීය.

රටේ ජනතාවගේ ඡන්ද අයිතිය හෑල්ලු කරමින්  ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සැලකිල්ලට ගැනීමේදි රට බරපතල තත්ත්වයකට පත්වීමේ අවධානමක් පවතින බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.